ඔන්න අපි campus එකේ කාලෙකට පස්සෙ field visit එකක් ගියා. Field visit කිව්වට ඉතින් අපිට නම් දැනුනේ trip එකක feeling එකක්.
අපි ගියෙ නුවරඑලියෙ. උදේ 10 වගේ වෙද්දි potato farmers හම්බ වෙලා එයාලත් එක්ක ටිකක් කතා කලා. ගෙදර ඉඳන් ගොවීන්ගෙ ප්‍රශ්න දකිනවට වඩා එයාලට සමීප වෙලා බලද්දි තමා තේරෙන්නෙ රටේ දැන් තියෙන තත්වෙත් එක්ක ගොවීන් කොයි තරම් නම් අසරණ වෙලාද කියලා.
එයාලත් කැමතියි මිනිස්සුන්ට හානි කරන රසායනික පොහොර වලින් ඈත් වෙන්න. එයාල කියන්නෙ ඒ දේ ක්‍රමානුකූලව සිදු වෙන්න ඕනි දෙයක් කියලා. ගොවීන් එක්ක කතා කරද්දි මට නම් හිතුනේ අපේ රටේ පාලකයන්ට වඩා එයාල බුද්ධිමත් කියලා.
අපි ඊගාවට ගියා Damro tea institute එක බලන්න. අවට තිබ්බ ලස්සන නිසා අපි photos ගන්න වැඩේ අමතක කළේ නැහැ . එතනදී අපි නොදන්න බොහොමයක් දේවල් අපි ඉගෙන ගත්ත තේ නිශ්පාදනය ගැන.
හවස් වෙද්දි ග්‍රෙගරි park එකටත් ගියා. අමතකම නොවෙන දේ තමා යාලුවොත් එක්ක බෝට්ටු සවාරි ගියපු හැටි. බෝට්ටුව එහාට මෙහාට හෙලවෙද්දී බයත් හිතුනා.
ගමනට වියදම් ... කෑම බීම වලට වියදම් මේ සේරම කලේ campus එකේ head project එකෙන් . ඒ නිසා ලමයිට වියදමක් තිබ්බෙම නැහැ . මේ දවස් වල ආර්තිකයත් එක්ක field visit එකේ වියදම් campus එකේ head project එකෙන් කරපු එක ලමයිට ලොකු help එකක් උනා.
ඉතින් මේ විදියට march 29 ගියපු field visit එක අවසන් උනා. දැන් ආයම තව එකක් යන්න තියෙන්වා 2 වෙනිදට. කොහොමහරි ඉතින් යනකම් sure නැහැ . Diesel ප්‍රශ්නෙ නිසා. 😁
ඒකට නම් field visit කියන්න බෑ වගේ ලස්සන ට්‍රිප් එකක් 😁🏃
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
😁😁😁
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit