pizza hut

in hive-133716 •  3 years ago 

ගෙදරටම වෙලා ඉන්න කම්මැලි නිසා ඊයෙ යාලුවොත් එක්ක ගියා චුට්ටක් ඇවිදලා එන්න. ඇත්තම කිව්වොත් ඒ මගේ වයස යාළුවො නෙමෙයි. මගේ කැම්පස් එකේ යාළුවාතමයි නදීකා, නදීකා මට වඩා අවුරුද්දක් වැඩිමල්. ඉතින් ඊයෙ ඇවිදින්න ගියේ නදීකාගේ යාලුවෝ එක්ක. ඊයෙම අඳුරගත්ත වුණත් නුපුරුදු බවක් අපි අතර තිබුණේ නැහැ. ඊයේ දවස ගොඩක් සතුටින් ගෙවිලා ගියා ඒ නිසා. අපිටම හුරුපුරුදු අපේ අදහස් වලට සමාන අදහස් තියෙන යාලුවෝ එක්ක දවස ගත කරනවා කියන්නේ ජීවිතයට අලුත් මතකයන් එක්කරන අවස්ථා ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියන එක.

image.png

ඉතින් දැන් කියන්නම් කෝ ඊයෙ අපි කොහෙද ගියෙ කියල. බලංගොඩත් pizza hut එකක් open කළා. Christmas එක aim කරගෙන තමා එයාලා shop එක open කළේ. open කරපු දවසේ ඉඳන් ඇඟිල්ලක් ගහන්න බැරි තරම් සෙනග. දවස් ගානක ඉඳන් යන්න හිටියත් ඊයේ තමා ආසාව ඉෂ්ට වුණේ. උදේ 11ට විතර අපි pizza hut එකට ගියා. Menu එක බලලා flavors දෙකකින් pizza ඕඩර් කලා. අපිත් එක්ක හිටපු එක යාලුවෙක් pizza කන්න කැමති නෑ . ඉතින් එයාට garlic bread order කලා. ඔන්න ඊට පස්සේ ඉතින් පටන් ගත්තෙ අපේ photos ගන්න වැඩේ.

image.png

ඕඩර් එක එනකන් කට්ටිය එක එක විදිහට ඉඳන් කැමති කැමති විදිහට photos අරගත්තා. Pizza කාලා එහෙම ඉවර වෙලා අපි කන්දෙ පන්සල් ගියා.

පන්සල හදලා ඉවර උනාට පස්සේ ඊයෙ තමයි ඉස්සෙල්ලම එහි ගියේ. කන්දෙ පන්සල තියෙන්නේ බලංගොඩ town එක මැද මයි. ලස්සන කන්දක් උඩ තමයි පන්සල හදලා තියෙන්නේ. පන්සලට ගියාම මුළු ටවුන් එකම පේනවා. කන්ද උඩ නිසා හුළඟක් වැඩි . අපි බුදුන් වැදලා ඉවරවෙලා පන්සලේදීත් ලස්සන photos ටිකක් ගන්න අමතක කළේ නෑ. මේ විදියට ඉතින් ඊයේ දවස ගෙවිලා ඉවර වුණා.

image.png

image.png

image.png

image.png

හවස තුනට විතර මම ආච්චිලාගේ ගෙදරට ගියා. ඊයෙ තාත්තා Colombo ගිය නිසා ආච්චි අම්මා ආවා මගේ තනියට. තාත්තා දවස් දෙක තුනකට ගෙදර එන්නේ නැති නිසා මේ දවස් ටිකේ මගේ තනියට ඉන්නේ ආච්චි අම්මා.
හෙට ඉඳන් ආයෙත් lectures පටන් ගන්නවා. තව 1 semester එකයිනෙ කියලා හිත හදාගෙන ඉන්නේ. මේ අවුරුද්දේ බලාපොරොත්තු ගොඩක් තියෙනවා. Degree එක ඉවර කරන්න ඕනා.
.. driving ලයිසන් එක ගන්න ඕන .... තව... බලාපොරොත්තු ගොඩයි ඉතින් ... අලුත් අවුරුද්දේ අනිත් හැමෝගෙමත් බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 💐💐💐💝💝💝

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Oya wagema oyage aluwoth lassanai.

apinam mokuth ki na😅😅

oya mokuth kiyannath epaa aiye.

Photo tika lassanai 😍. Campus giyama itin batch eke hamoma yaluwo misak wayasa ganak na...

eka nam aththa.

Balangoda pizza hut එකක් දාලා කියල ලගදි දන්නෙ අක්කෙ😅😅...🤩🤩🤩දැන් උපන්දින පාටි එහෙම ඉල්ලන්න පුලුවන් 😎😎😎

ouu.. dan party ganna thawa thanak thiyenawa.

අද මං දැක්කා බලංගොඩ Pizza Hut එක. මං එනකොට දැක්කා පිරෙන්න සෙනග ඉන්නවා..

කන්දෙ පන්සල තියෙන්නේ බලංගොඩ town එක මැද මයි.

මාත් ගිහිල්ලා තියෙනවා එහේ..😍

ouu.. senaga godak.

කන එකට වඩා පොටෝ නම් අරන් තිනෝ වගේ අවුරුද්දකට හ‍රි යන්න 🤭

api eemaii.

ඔක්කොමල ලස්සනයි....

thanks akka..

Yaluwo ekka enna kale thama hondama neh. Math pizza kewe na kalekin. 🌝

ouu

Wish your all dreams come true in this new year.

wish you the same.