අලුත් අවුරුද්දක්

in hive-133716 •  2 years ago 

මුලින්ම හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා wish කරනවා. සුබම සුබ අලුත් අවුරුද්දක් කියලා මම කිව්වේ තෙල් පෝලිම් නැති gas පෝලිම් නැති විදුලිය විසන්ධි කිරීම් නැති අලුත් ශ්‍රී ලංකාවක් ඉක්මනින්ම අපිට දැකගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හුඟක් කාලෙකට පස්සෙ තමයි article එකක් ලියන්න free ටයිම් එකක් හම්බ උනේ. අවුරුද්දට කලින් campus එකේ hostal නතර වෙලා ඉන්න උන නිසා එක දිගටම වැඩ කරන්න සිද්ධ වුණා. Presentation , practical , field visit... සමහර දාට field visit ගිහින් එද්දි රෑ 11යි. එහෙම දාට late pass දාන්න බැරුව hostal එකේ ගේට් එක ඉස්සරහට වෙලා බලන් හිටපු දවස් අනන්තයි 😁😁.

දැන් ලංකාවෙ ජනතාවට ඒ කිව්වෙ අපිට .... අවුරුදු සමරන්න තරම් මානසිකත්වයක් නැහැ . අපේ රට මුහුණ දීල තියෙන ප්‍රශ්න විසඳිලා ... දූෂිත දේශපාලනයෙන් තොර අලුත් ලංකාවක් ගොඩ නැගුණු දවසට අපි හැමෝටම අවුරුදු සමරන්න පුළුවන්. ඒ දවස වැඩි ඈතක නෙවෙයි කියලා හිතෙනවා.

අවුරුද්ද සමරනවා ට වඩා මගේ නම් හිත කියන්නෙම අරගලයත් එක්ක එකතු වෙලා මගේ රට බේරගන්න කියලා. අරගලය ගෙදරින් බොහෝ ඈත තිබ්බත් හිත තියෙන්නෙ ම එතැන . හැමවෙලේම facebook එකේ live video බලන ගමන් අම්මට කියන්නේ මටත් යන්න තිබ්බනම් කියලා. අම්මා නම් පුදුමයෙන් මම දිහා බලනවා ඇරෙන්න ඒ වෙලාවට වෙන මොකුත් කියන්නේ නැහැ. අම්මටත් පුදුම ඇති මං එහෙම කියද්දි.

image.png
image
කොහොම වුණත් අද කොළඹ ඉන්න ජනතාවට වඩා ඉදිරියේදී දස දහස් ගණනින් ජනතාව අරගලයට එකතු වෙනවා අනිවාර්යෙන්ම. මුළු මහත් ශ්‍රී ලංකාවම අරගලය හා එක්වන දවස වැඩිය ඈතක නෙවෙයි කියලා මිනිසුන්ගේ කතාබහෙන් තේරෙනවා. ජනතාව ඒ තරම්ම පීඩනයෙන් ඉන්නේ රටේ ආර්ථික ප්‍රශ්නත් එක්ක. පීඩනය නිසාම හිතේ ඇතිවුණ කේන්තිය එයාලා වචන වලට පෙරළද්දි සමහරුන්ගේ ඇස් වල කඳුළු . මේ සියලු ප්‍රශ්න ජනතාව විසින් නිර්මාණය කරන ලද ප්‍රශ්න නොවෙයි ශ්‍රී ලංකාවේ දූෂිත දේශපාලකයන් විසින් රට හදනවා වෙනුවට ඔවුන්ගේ පවුල් වලට රටේ ජනතාවගේ මුදල් යෙදවීමේ ප්‍රතිපල. සියලු ප්‍රශ්න විසඳීමට නම් ජනතාව විසින් ආරම්භ කළ අරගලය ජය ගන්නා තුරුම නොනවත්වා අඛණ්ඩව සිදු කළ යුතුමයි.

ඉතින් .... අලුත් අවුරුද්දේ මගේ වගේම හැමෝගෙම ප්‍රාර්ථනාව ලස්සන ශ්‍රී ලංකාවක් සියලුදෙනාට සම අයිතීන් ලැබුණු රටක් නිර්මාණය වේවා.. කියායි. 😍😍

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

ඉතින් .... අලුත් අවුරුද්දේ මගේ වගේම හැමෝගෙම ප්‍රාර්ථනාව ලස්සන ශ්‍රී ලංකාවක් සියලුදෙනාට සම අයිතීන් ලැබුණු රටක් නිර්මාණය වේවා.. කියායි. 😍😍

Same wish ❤️🇱🇰

Demonstrations that must be enforced to ensure justice. Hope the changes end soon.

අරගලය ආතල් එකට නොගෙන අරගලය කරන් යන්න පුළුවන් වේවා...

ilaga awrudda weddi wath sathutin awrudda samaranna labewa kiyala prarthana karamu