unplanned trip

in hive-133716 •  2 years ago 

මං අද ඔයාලත් එක්ක share කර ගන්න හදන්නේ අපි ගියපු... අපි කිව්වෙ මගේ hostel යාලුවො ටික ගියපු unplanned trip එකක් සම්බන්ධව. Trip එකක් කිව්වට මේක trip එකක්මත් නෙවෙයි. අපේ campus එක ළඟ තියෙනවා හිරිකටු ඔය කියල ලස්සන දිය පාරක්. මේකෙ වතුර ගොඩක් සීතලයි. කොච්චර සීතලද කියනව නම්.. අගේ හිරිගඩු පිපෙන තරමට වතුර ටික සීතලයි. Campus එකේ ලමයිගෙන් මේ වතුර පාරෙන් නාපු නැති කෙනෙක් නම් ඉන්නව කියල මම නම් හිතන්නෙ නැහැ . ඒ තරමටම කාට උනත් යන්න හිතෙන ලස්සන වටපිටාවක් තමා ඔය ළඟ තියෙන්නේ.

මමත් හිරිකටු ඔයෙන් දවස් 2 ක 3ක්ම නාල තියෙනව යාලුවො එක්ක ගිහින්. අපි campus ඉන්න දවස් වලත් කට්ටිය free දවසක් ආව. යාලුවො සේරම කිව්ව කොහෙ හරි යං කියල. කිව්ව ගමන්ම කට්ටිය ගමනට ready උනා. කොහෙද යන්නෙ කියලවත් idea එකක් ඔලුවෙ තිබ්බෙ නැහැ . හැමෝම කිව්වෙ... plan කර කර කාලෙ නාස්ති කරොත් කොහෙවත් යන්න වෙන්නේ නැහැ කියල. ඊට පස්සෙ හැමෝම එකග තාවයකට ආව හිරිකටු ඔය ගිහින් නාල කාල එමු කියල.

ගොඩක් කට්ටිය ගියේ නම් නැහැ . අපි 4 දෙනෙක් තමා ගියෙ. කට්ටිය එකතු කරන්න ගියා නම්.. තවත් වෙලාව යන නිසා... අපි 4 විතරක් යන්න තීරණය කලා. දවල්ට කන්නත් අරගෙන අපි ඔය දිහාවට ගියා. වතුර ටික ගොඩක් පිරිසිදුව තිබ්බ නිසා නාන එක චුට්ටක්වත් පරක්කු කරන්න හිතුනෙ නැහැ . ඉක්මනින් හැමෝම වතුරට ගියා.
මං කලින් කිව්ව වගේම හිටිගඩු පිපෙන්න තරම් වතුර ටික සීතලයි. ගොඩට එන්න හිතුනෙම නැතත් අපි ගෙනාපු දේවල් ගලක් උඩ තියාගෙන කාල.. ආයෙ එන්න පිටත් උනා. කට්ටිය එන ගමනුත් කතා උනේ අයෙ යාලුවො සේරමත් එක්ක යං කියල. ඒ තරම්ම දාල එන්න හිතෙන්නෙ නැති ලස්සන පරිසරයක් එ අවට තියෙනව.

image.png

image.png

ඒත් ඉතින් ආයෙ යන්න දවසක් තාම set උනේ නැහැ . Plan කරලනම් කොහෙවත් යන්න හිතන් ඉන්නම හොද නැහැ . විශේශයෙන්ම යාලුවො එක්ක යන trip. කට්ටිය එකතු කර ගන්න එක ලේසි නැති නිසා plan නොකරම තරමට යනන තියෙන possibility එක වෙඩී. කට්ටිය බලන්ගොඩ අවොත් මේ ඔයෙන් නාන එකනම් අමතක කරන්නම එපා. 😍😍

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  
  ·  2 years ago (edited)

shaaa balangoda mge yluwek innw. yannam oona ehenam

Hikz.

ශා හිරිකට්ට😍
මං සබරගමුවෙ ටික කාලයක් හිටියත් කවදාවත් යන්න බැරි වුණ යන්න බලාගෙනම ඉන්න තැනක්

Yannama oni dihawak thama ethna.

ට්‍රිප් එකක් නම් ගියෙත් නෑ කාලෙකින්. යන්න නම් පුළුවන් ඒත් දවස් තුන් හතරක්වත් දාගන්න ඕන. මොකද තෙල් පෝලිම් වල ඉන්නත් දවස් දෙක තුනක් යනවා නේ.🙊🙊

Eka nam aththa thamai.

මාත් ගිහිල්ලා තියෙනවා හිරිකටු ඔයේ 🙊

Ah mee paththe awith thiyenawada.

Ow ow🙉

Naana eka honda deyak...

hikz.