මෙන්න මෙහෙ වරෙන් ගෙදර

in hive-133716 •  2 years ago  (edited)
මිනිස්සු වෙන අපි ජීවිතේ ඉස්සරහ ගැන සෑහෙන්න හීන දකින හීන මවන උදවිය. ඒ හීන හැබෑවක් කර ගන්න සෑහෙන්න ගේමක් ගහන සෙට් එකක් අපි. කෝම උනත් පුංචි කාලෙ මගෙත් හීනයක් තිබ්බ, දැන් මං මේ ඉන්න වයස වෙද්දි අම්ම, තාත්ත දෙන්නව ගෙනත් තියන ලෝකය ගැන. හැබැයි තාමත් ඒ හිතපු ලොකයට ඒ දෙන්නව එක්කන් යන එක පුතෙක් විදියට, තාමත් මට කරන්න බැරි වුනු වැඩක්.

කාලෙකට පස්සෙයි මට ස්ටේමිට් එක පැත්තට එන්න පුලුවන් වුණේ. ඒ ඔයාල එක්ක බෙදා ගන්න දේවල් තිබුන් නැති නිසා නෙවේ, මගෙ ජීවිතේ අලුත් ලෝකයකට මාව හැඩ ගස්සව ගන්න සිද්ද උන නිසා. මේ කාලෙ ගොඩක් දේවල් උනා. මට ජොබක් සෙට් විච්ච එක. ඒකත් එක්ක කවම කවමදාකටත් වඩා busy වුනු එක. free life style එකක ඉදන් busy life style එකට මාවම වෙනස් කර ගන්න වුනු විදිය. ඒව පස්සෙ මං ඔයාල එක්ක නිදහසේ බෙදා ගන්නම්.

කෝමින් කෝම හරි මේ අලුත් ජීවිතේ දැන් දැන් තමා පොඩ්ඩක් විතර නෝමල් වෙමින් තියෙන්නෙ. ඔය අතරෙ ටික දවසකට කලින් මං ගෙදරට Call එකක් ගන්නව. හුගක් වෙලාවට අපේ ගෙදර land-phone එක answer කරන්නෙ අම්ම. ගෙදරට call කරන්න ඕන උනාම, මං ගන්නෙත් ඒකට. කැම්පස් ආවට පස්සෙත්, ඊට කලින් උනත් මං තාත්තත් එක්ක phone එකෙන් කතා කරලම නැති තරම්. තාත්තගෙන් call එකක් එනව නම්, මේ පාර මාට්ටු වෙලා තියෙන හොර වැඩේ මොකක්ද කියල තමා කල්පනා වෙන්නෙ. ඒක auto වෙන එකක්.

images (3).jpg

හෙලෝ, කවුද මේ... තාත්ත call එක answer කරල තියෙන්නෙ.

තාත්තෙ, මං පුතා...

ආ ඉන්න අම්මට phone එක දෙනකම්...

ඕන නෑ... මං නිකම් ගත්තෙ. තාත්ත කතා කරන්න...

දැන්ද ඔය වැඩ ඉවර උනේ...

ඔව්... මේ බෝඩිමට යන ගමන්...

මෙන්න මෙහෙ වරෙන් ගෙදර. බොරුවට නහින් නැතිව...

අපි දෙන්නගෙ conversation එක එච්චරයි. අම්මට phone එක දීල එයා ගියා... ඒ තමා අපේ තාත්ත. අපි කොච්චර ලොකු වෙලා ද කියන එක එයාට අදාළ නෑ... එදා අම්මගෙ කිරි බීපු ලමයි දැන් ලොකු අයගෙ බීම බොන තරමටම ලොකු වෙලා... තනියම කාමරේ ඉදන් wash-room එකට යන්න බය එකා දැන් තනියම ගෙන්දගම් පොළොව උඩ ඇවිදිනව... මේ එකවත් එයා දන් නෑ... දැන ගත්තත්, ඒක එයාට වැඩක් නෑ... තාමත් තාත්තට මම කියන්නෙ, ඉපදුනු දවසෙ රෙද්ද්කින් ඔතල තාත්ත අතින් තියපු ඒ පුංචි මිනිස් ළමයමයි... අපි දැන් එයාලව බලා ගන්න ඕන කියල මගෙ හිත මට වද දෙනකොටත්, තාමත් තාත්ත හදන්නෙ අපිව බලා ගන්න. ඒ තමා අපේ තාත්ත.

මට මතකයි ඉස්සර ස්කෝලෙ යන්න ලෑස්ති වෙද්දි, බත් පිගානක් බෙදන් අවිත් අක්කල දෙන්නටයි මටයි මාරුවෙන් මාරුවට කවනවා. එහෙම කැව්වෙ නැත්නම් අපි උදේට කන්නෙ නැතිව ස්කෝලෙ යයිලු. ඇත්තටම එහෙම වුනාද කියන්න මට මතක නෑ... මොකද එකේ පංතියෙ ඉදන් A/L කරනකන්ම තාත්තගෙ ඒ පුරුද අතෑරල තිබ්බෙ නෑ. අම්මට වඩා අපි ඉගෙන ගන්නවද කියන එක බැලුවෙ තාත්තා. පොතක් පෙරලල බලන්න තරම් වෙලාවක් එයාට තිබ්බෙ නෑ... හැබැයි උඹ ඊයෙ ඉස්කෝලෙ ගියා ද? Class ගියාද? ගිහින් ආවෙ මොකේ ද? කාත් එක්ක ද? මේ ප්‍රශ්න ටික අහන්න අමතක උනෙත් නෑ. ගෙදරට කන්න ගේන කඩචෝරු හැමදාම බෙදෙන්නෙ හතරකට... අම්ම අහනකොට, ඇයි තාත්තට නැත්තෙ කියල, අපි කිව්වෙ එයා කන්නෙ නෑනෙ කියල. හැබැයි කවදාවත් ඒක එයාගෙන් අහල නෑ. මොකද අපි දැනන් හිටිය එයා ඒවට අකමැතියි කියල. ඇයි ඉතින් අම්මගෙ පෙරැත්තට තාත්තට පංගුවක් අයින් කරත්, තාත්ත ආපු ගමන් කරේ ඒක අපි තුන් දෙනාගෙන් කාට හරි දෙන එකනෙ.

Screenshot (282).png

එදා ඒ call එකෙන් පස්සෙ බෝඩිමට එන විනාඩියට මේ වගේ දාහක් දේවල් මතක් වුනා. මෙතුවක් කාලෙකට මම, තාත්ත වෙනුවෙන් මේ තරම් සංවේදී වෙලාම නෑ... "ගොලු තාත්තා", "අප්පච්චී", "තාතතා" වගේ කෘති බලල මාරම විදියට සංවේදී වෙන අපි ඇයි මහපොළොව උඩ, අපිත් එක්කම අපේ ගෙදර ඉන්න ඒ මනුසය වෙනුවෙන් සංවේදී නොවෙන්නෙ කියල හිතුවා... ඒ කතාවල ඉන්න තාත්තලයි මගේ තාත්තයි අතර වෙනසක් ඇත්තෙම නෑ... එයාලත් දරුවො වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්තී... මගේ තාත්තත් ඒමමයි...

එකම වෙනසයි තියෙන්නෙ, මගෙ තාත්තට රඟපාන්න නම් පොඩ්ඩක්වත්ම බෑ... සමහරවිට හේතුවත් ඒකම වෙන්න ඇති.

පහුවදාට තිබ්බ මගෙ ප්ලෑන් ඔකොම වෙනස් කරල මං ගෙදර ගියා. මොකටවත් නෙමේ තාත්තව බලන්න. ඒ යනකොටත් එයා වෙලේ ගොයම් කපනවා...

ඔහොම වැඩක් වෙනවනම් මට කියන්න තිබ්බනෙ... තනියම කරන්නෙ...

ළමයෙකුට උනත් බරක් වෙන්න ඕන සීමාවක් තියෙනවා...

මං අහදි එයා උත්තර දුන්නෙ එහෙම. ඒ තමා මගෙ තාත්තා...

IMG_20200809_075540.jpg

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

අනේ💔
ඔයාලගෙ තාත්තා ගැන තිබුණ චිත්‍රෙ තව ටිකක් පැහැදිලි වුණා. එයා හැමදාම හොඳ.. තාත්තා කෙනෙක්. ඔයාල වාසනාවන්ත ළමයි.💓

ඔව්... කියා ගන්න බැරි ලොකු චිත්‍රයක් ඒක...💓

කාලෙකට පස්සේ කියවපු ලස්සනම සටහනක්..!

Thank you so much for reading...💓

thank you...