https://open.spotify.com/album/0D27hw0phDaE2vV7r55T5c
අම්මයි තාත්තයි එක්ක පස් දෙනෙක් හිටපු ගෙදර අන්තිමේ ඉතුරු උනේ ඒ දෙන්න විතරයි.පුංචි කාලෙ ලොකු වෙන්න කොච්චර නම් ආස කරාද... සෙල්ලම් ගෙවල් ඇතුලෙ පොර කෑවෙම එක්කො අම්ම වෙන්න නැත්නම් තාත්ත වෙන්න ඒමත් නැත්නම් කවුරුහරි ලොකු කෙනෙක්ගෙ චරිතයක් වෙන්න. ආසම නැති චරිතෙ තමා ගෙදරක ළමයෙක් විදියට රඟපාන එක. හමුදා මාමලගෙ, ටීචර්ගෙ, බස් ඩ්රයිවර්ගෙ, දොස්තර මාමලගෙ චරිත ඇතුලෙ කොච්චර නම් හැංගිලා ඉදිය ද? පුංචි කාලෙ දැනම් ඉදියනම් ලොකු උනාම මේ තරම් ලොකු වගකීමක් ජීවිතේට එකතු වෙනව කියල ඒ පොඩි ලමයි කවදාවක් ලොකු වෙන්න නම් හීන දකින් නැති වෙන්න තිබ්බා...
ගෙදර වගකීම් එක්කල ජීවිතය ඉස්සරහට අරන් යද්දි අපි හැමෝටම එක තනකදි තනි වෙන්න වෙනවා... ඒ වගකීම් එක්ක පස් දෙනාගෙ කුටුම්භයෙන් ඉස්සල්ලම ඈත් උනේ ලොකු අක්ක. ඊට පස්සෙ චූටි අක්ක. දැන් මමත් වෙනදට වඩා ඒ සංයෝජනෙන් පොඩ්ඩක් ඈත් වෙලා කියල හිතෙනව. අම්ම තාත්ත බලන්න මාසෙකට කීප වතාවක් ගිහින් එනව ඇරෙන්න එයාල එක්ක ජීවිතේ විදින්න කාලයක් නැති තරමටම අපේ ජීවිත කාර්යබහුල වගේම සංකීර්ණ වෙලා. ඒකට අපි විසින්ම බලයට ගෙනාපු ආණ්ඩු වගේම අපි අපිමත් ඒකට වගකියන්න ඕන පාර්ශව.
හොඳ පොඩ්ඩ. කැම්පස් එකේ ඉන්න කාලෙ ගෙදරක් තියෙනවද වත් මතක තිබ්බද 🤓
ලස්සනයි මේක. ජෙසීව ගිහින් දුන්න එක නම් හරිම cute හොඳම හොඳ idea එකක්. ❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit