වසර කිහිපයකට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට සජීවිව ජාත්‍යන්තර තරග නැරඹීමේ හැකියාව නැවතත් අද සිට උදාවුනා. ඒ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගාවලිය අද සිට ආරම්භ වීමත් සමගයි. මෙම තරගාවලිය T20 තරග 03, එක්දින තරග 05 සහ ටෙස්ට් තරග තුනකින් සමන්විත වෙනවා. ඉතිං අපේ ප්‍රේක්ෂකයන්ගේ කාලෙකට පස්සේ මැච් එකක් බලන්න තියෙන උනන්දුව කොච්චරක්ද කියනවනම්, ටිකට් විකුණන්න පටන් ගෙන පළවෙනි පැය 06 ගත වෙනකොට, පළවෙනි මැච් දෙකේම ටිකට් විකිණිලා ඉවර වෙලා තිබ්බා. යාළුවෝ ටිකත් එක්ක පළවෙනි මැච් එක බලන්න යමු කියලා කතාවෙලා දවල් වෙලා ටිකට් බුක් කරන්න හදනකොට පළවෙනි මැච් එකේ ටිකට් ඔක්කොම ඉවරවෙලා බුක්කරන්න බෑ..දෙවෙනි මැච් එක කොහොමද කියලා බලනකොට එකෙත් ටිකට් භාගයක් විතර ඉවර වෙලා. ටග්ගාලා කොහොම හරි අපි දෙවෙනි මැච් එකට ටිකට් බුක් කරගන්න වාසනාවන්ත වුනා. ඒ ටිකට් ටික බුක් කරලා ආපහු සයිට් එකට ගිහිල්ලා බලනකොට දෙවෙනි මැච් එකේ ටිකට් ටිකත් ඉවර වෙලා. යාන්තම් ඔන්න දෙවෙනි මැච් එක බලන්න යන්න චාන්ස් එක එකෙන් ආවා.
අද පළවෙනි තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානු නායකයා ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ආරාධනා කලා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදීමට පැතුම් නිශ්ශංකට සහ ධනුෂ්ක ගුණතිලක සමත් වුනා. ධනුෂ්ක ගුණතිලකගේ දකින්න ආසම පාරවල් ටිකක් අද ගැහුවත්, හැමදාම වගේ කලබලේ නිසා අදත් වෙලාසනම අවුට් වෙන්න උනා. 100-1 විදිහට ලකුණු පුවරුව සටහන් වෙලා ලංකාව හොද ස්ථාවර මට්ටමක හිටියත්, අවාසනාවන්ත විදින ඉතුරු ලකුණු 28 තුල ඉතුරු ක්‍රීඩකයන් සියල්ලම දැවී ගියා.
පිතිකරුවන් ලෙස සාර්ථක වුනේ චරිත් අසලංක(38), පැතුම් නිශ්ශංක(36), ධනුෂ්ක ගුණතිලක(26) පමණයි. කාලෙකට පස්සේ ජාතික කණ්ඩායමට ආපු භාණුක රාජපක්ෂ පළමු පන්දුවෙන්ම දැවි ගියා. දසුන් ශානකත් අද ලකුණු නොලබා දැවි ගියා. ඒ අනුව ශ්‍රී ලංකා කංඩායමට සියලුම ක්‍රීඩකයන් දැවි ලබාගත හැකිවුයේ ලකුණු 128ක් පමණයි. හැමදාම වගේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ Hazlewood ගේ පන්දුවාර වලදි තමයි හිර වුනේ. ඔහු අද දිනයේ කඩුලු හතරක් ලබාගැනිමට සමත් වුනා වගේම තරගයේ වීරයාද වුනා.
තරගයට විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වුනත්, ඔස්ට්‍රේලියානු කණ්ඩායම කිසිවෙකු නොදැවි පන්දුවාර 14කදි එම ඉලක්කය සපුරා ගැනිමට සමත් වුනා.
මැච් එක අද ඒ විදිහට වුනාම හිතුනේ වෙලාවට එදා ටිකට් ඉවර වුනේ කියලා. අද බලමුකෝ අපේ වාසනාවටවත් මැච් එක දිනයිද කියලා 😌🦔
ඔබ හොඳ ක්‍රිකට් ලෝලියෙක් වගේ. අද මැච් එක දිනන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරණවා.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
පරාද උනානේ 😕
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
එදා ටිකට් එක තාම පර්ස් එකේ 😂
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
😂😂
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit