අරගලයේ 50වෙනි දිනය 🙌

in hive-133716 •  2 years ago 

IMG_20220528_205045~2.jpg

ගෝල්ෆේස් එකේ අරගලයට අදට දින 54යි. මම අද කියන්න යන්නේ අරගලයේ 50 වෙනි දිනය ගැන. අරගලයේ 50 වෙනි දිනයේ වගේම 49 වෙනි දිනයෙත් ගෝල්ෆෙස් එකට ගියා මම. 49 වෙනි දා හවස යාළුවෙක් එක්ක ගෝල්ෆේස් එකට යනකොට කොල්ලෝ ටිකක් එකට එකතුවෙලා ක්‍රිකට් ගහනවා. ඒක දැක්කාම හෙන ආසවක් ආවා මටත් සෙට් වෙලා සෙල්ලම් කරන්න. යාලුවට බෑ කියලා යාළුවා ගියා අරගලභූමියට. මම ඉතිං ක්‍රිකට් ගහන තැනට ගිහිල්ලා, මටත් සෙල්ලම් කරන්න එන්න පුලුවන්ද ඇහුවාම ඒ ගමන්ම මාවත් ගත්තා සෙල්ලම් කරන්න එතන හිටපු සෙට් එක. එතන බැට්, බෝල, විකට් කූරු ඔක්කොම තියෙනවා. ඒ නිසා රෑ වෙනකම්ම හොඳට සෙල්ලම් කලා. එදා රෑ 10 විතර වෙනකං ඉදලා අපි ආවා.

අරගලයේ 50 වෙනි දවසේ විවිධ වැඩසටහන් ගොඩක් සංවිධානය වෙලා තිබුනා. ඔය අතරේ එදා කොල්ලුපිටියෙන් පාගමනක් සංවිධානය වෙලා තිබුනා. අපි එදා අරගලයට යනකොට රෑ හත විතර වෙලා තිබ්බේ. කෙලින්ම ගියේ WTC එක ගාවට. අපි එතනට යනකොට එතනට කලින්ම කඳුළු ගෑස් ගහලා, ජල ප්‍රහාර ගහලා තිබ්බේ. ඒ වගේ තමයි එතන හිටපු කොල්ලෝ පස් දෙනෙක් පොලිස් භාරයට අරගෙන තිබ්බේ. ඒ කොල්ලෝ පස් දෙනා නිදහස් කරනකන් එතනින් කවුරුවත් ගියේ නෑ. ටික වෙලාවක් ඉන්නකොට නීතිඥවරුන්ගේ මැදිහත් වීමෙන් ඒ පස්දෙනාව එතනින් බේරගෙන ආවට පස්සේ තමා WTC එක ඉස්සර හිටපු අය විසිරිලා ගියේ.

IMG_20220528_200117~2.jpg

එතනින් පාගමනින්ම කට්ටිය අරගලභූමියට ආවා. එක පවුලක කට්ටියක් එතනට කේක් එකක් අරගෙන ආවා අරගලයේ 50වෙනි දිනය සමරන එක වෙනුවෙන්. ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහ තියෙන ස්ටේජ් එකේදි ඒක කැපුවා. ඊට පස්සේ තවත් පැයක් විතර ඉන්නකොට තවත් කේක් එකක් තව කට්ටියක් අරගෙන ආවා. ඊට පස්සේ ටික වෙලාවකින් එතනට හොදටම වැස්සා. හැබැයි වැස්සෙත් එතන හිටපු කිහිපදෙනෙක් කොහෙවත් ගියේ නෑ. වැස්සේ තෙමිගෙනම ස්ටේජ් එක උඩට වෙලා සටන් පාඨ කියාගෙන කෑගුහුවා.

IMG_20220527_184707~2.jpg

මට පෙනුන විදිහට දැන් අරගලභූමියේ ඉස්සරවගේ එතන ඉන්න මිනිස්සුන්ට කෑම සහ වතුර අඩුයි. ඉස්සෙල්ලම ගියපු දවස් වල එතන හිටපු අයට කන්න කෑම බීම ඕනි තරම් තිබුනා. ඒ උනාට දැන් එතන ගොඩක් දිග පෝලිම් තියෙනවා කෑම පැකට් එක ගන්න උනත්.

ඇත්තටම අරගලයේ 50 වෙනි දිනය අපිට සමරන්න පුලුවන් මේ කාලය වෙනකොට අරගලය නිසා දේශපාලනික වශයෙන් විශාල වෙනස්කම් රැසක් කරන්න පුලුවන් උන නිසා. ඒ උනාට අරගලයේ මූලික පරමාර්ථය Gotagohome නම් තාමත් ඉෂ්ඨ වෙලා නෑ. ඒ අතින් බලකොට තව දින කීයක් මේ අරගලය කරන්න වෙයිද කියලා හිතාගන්න බෑ. මට එදා එනකොට හිතුන එකම දේ, "අපිට ඇත්තටම අරගලයේ දින 100ත් සමරන්න වෙයිද" 🙄

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

යනවනම් මෙලහකටත් ගිහින්. මම නම් හිතන්නේ දින 100 කලත් යවන්න අමාරු වෙයි කියල.

මේ යන විදිහට නම් කවදා යවා ගන්න පුලුවන් වෙයිද දන්නෑ 😕

"අපිට ඇත්තටම අරගලයේ දින 100ත් සමරන්න වෙයිද" 🙄

Dawas 100k giyath kamak naha, etakota hri eyala yawida kiyana eka tamai prashne...

ලංකාවම පාරට බහිනකන් මේක ඉවර කරගන්න බැරිවෙයි 😕

Dina 50 weddi una wenas kam wagema dina 100 wenna kalin tawas wenas kam wewi kiyala hitamu.

එහෙම උනොත් හොදයි 🤕

මෙහෙම කියල නම් මුන්ට දැන් තේරෙන්නෑ.😥

ඔව්..ලොකු දෙයක් කරන්නම වෙනවා..