හතර වැනි සිරිපා ගමන | 5% For SL-Charity

in hive-133716 •  3 years ago 

ඔන්න ඉතින් මේ අවුරුද්ද ආරම්භ කරන්නම මට පුලුවන් වුනේ ඉතාමත් සුභ කටයුත්තකින්. ඒ තමයි ශ්‍රී පාදය කරුණා කරපු එක. ගිය අවුරුද්දේ කොරෝනා තිබුන නිසා ගිය වර ශ්‍රී පාද ගමන යන්න වුනේ නෑ. මේ පාරත් මේ ගමන් ප්ලැන් කරලා ගියපු ගමනක් එහෙම නෙමෙයි. අර කතාවටත් කියනවනේ කියව කියව විතරක් හිටියොත් නම් යන්න වෙන්නෑ කියලා.

IMG_20220103_102908~2.jpg

අපේ පුංචිගේ පුතා තමයි කෝල් කරලා කිව්වේ "මල්ලි හෙට සිරිපාදේ යමුද, දැන් මේ හිතුනේ කියලා". මටත් ඉතිං ලොකු වැඩක් තිබුනේ නැති නිසාත් ඉස්සරහට වැඩ වැඩි වෙන නිසාත් මං ඉතින් යමු කියලම කිව්වා. ලොකුවට මොකුත් ලැස්ති කර ගත්තෙත් නෑ.. ජනවාරි 02 උදේම මං බලංගොඩ යන්න පිටත් වුනා. ඒ අපේ පුංචිගේ පුතා ඉන්නේ බලංගොඩ නිසා. බලංගොඩට ඇවිල්ලා හැටන් බස් එකේ යමු කියලා තමා එයා කිව්වේ. මං ඉතිං ඇඹිලිපිටියේ ඉදන් කොළඹ බස් එකේ නැගලා පැල්මඩුල්ලේන් බැස්සා. ඊට පස්සේ බදුල්ල බස් එකක නැග්ගේ ඒක ඉක්මනට යන නිසා වැඩි වෙලාවක් යන්නේ නැතුව බළංගොඩට යන්න පුලුවන් වෙන හින්දයි.

දුරගමන් බස් වල යනකොට මට තියෙන අවුල තමයි හොදටම නින්ද යන එක. අයියා කිව්වා බළංගොඩ සම්පත් බැංකුව ගාවින් බහින්න කියලා. මං ඉතින් ඒකත් හිතාගෙන ඉන්නකොට එකපාරට බලනකොට බළංගොඩ හොස්පිටල් එක වගේ එකක් දැක්කා. හපොයි මට නින්ද ගිහිල්ලා😅 බහින්න ඕනි තැනත් පහුවෙලා. හැබැයි මගේ වෙලාවට හැටන් බස් එක ඒ පාරේ යන නිසා මට එතනින්ම නැගගන්න පුලුවන් වුනා. කොහොම හරි 11.45 විතර තමයි හැටන් බස් එකට නැග්ගේ. අපි ටිකට් ගත්තේ නොර්වුඩ් වලට. හැටන් යන්න අවශ්‍ය වුනේ නෑ මොකද නල්ලතන්නිය බස් එක නොර්වුඩ් හරහා යන නිසා හැටන් වලට යන දුර අඩුවෙනවා.

IMG_20220102_165528-01.jpeg

ඉතිං ඒ විදිහට නල්ලතන්නියට අපි ආවා. හවස 4.30ට විතර තමයි අපි කරුණාකරන්න පටන් ගත්තේ. සීතගගුල ගාවින් සෝදගෙන බැග් දෙකක් විතරක් අරගෙන ඒකට අවශ්‍ය කරන බඩු ටික දාගෙන එතන කඩෙන් අපි අනික් බැග් ටික තියලා තමයි උඩට කරුණාකරන්න පටන් ගත්තේ. හිමින් හිමින් උඩට කරුණා කරලා රෑ 8.30 වගේ වෙනකොට අපි උඩමලුවට ගියා. අපි උඩමලුවට යනකොට සෙනග නැතිම තරම් වෙනදට මහගිරිදඹේ පහුකරලා උඩට කරුණා කරන්න කොච්චර වෙලා යනවද සෙනග එක්ක. අපි කරුණාකරපු වෙලාව හොද නිසාද කොහෙද සෙනග පොඩ්ඩක්වත් හිටියේ නෑ.

IMG_20220102_213244~2.jpg

උඩමලුවේ කොහොම උනත් දරාගන්න බැරි තරම් සීතලයි හුලගයි. අපි රෑට කන්න ගෙනාපුවත් කාලා ශ්‍රී පාද පත්මය වන්දනාමාන කලා. ඊට පස්සේ පහන් එහෙම පත්තු කරලා උඩට වෙලා හිටියා. කොරෝනා නිසා උඩ මළුවේ ඉන්න දෙන්නෑ කිව්වත්, වැක්සින් කාඩ් චෙක් කරනවා කිව්වත් ඒ කිසිම දෙයක් එදා නම් උනේ නෑ.

IMG_20220103_060959~2.jpg

අපි උදේ වෙනකන් සීතලත් දරාගෙන හිටියේ ඉර සේවය බලන්න ඕනි නිසාමයි. හැබැයි එදා වළකුළුයි මීදුමයි වැඩි නිසා ඉර සේවය හොදටම බලාගන්න වුනේ නෑ. ඊට පස්සේ ඉතින් හිමින් හිමින් පහලට ආවා අපි. හවස 6 විතර වෙනකොට ගෙදරත් ආවා මම. ඉතිං ඒ විදිහට තමයි මගේ 04වෙනි සිරිපා වන්දනා ගමන අවසන් වුනේ.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

හොද ආරම්බයක්.. බුදුසරනයි

ස්තුතියි 🙏

@tipu curate

මටත් ආසයි ආයෙමත් යන්න, ඉර සේවය බලන්නත් එක්ක.

මේ පාර යන්න 🙊

මම එක පාරක් ගිහින් තියෙනවා. එදා අපිත් ඉර සේවෙත් බලල තමයි පහළට ආවේ 😍

ආයේම පාරක් යන්න 🙊

ආ... අපේ පැත්තෙ ඇවිල්ලා...😊 සෙනග අඩු දවසට පරිසරේ ලස්සන වැඩියෙන් විඳින්න පුළුවන්.. වළාකුළු මීදුම උනත් ගේන්නෙ හරි භක්තිමත් අමුතු හැඟීමක්.

ඔව් එදා සෙනඟ අඩු නිසා පුදුම නිදහසක් තමයි දැනුනේ...

අනේ කොච්චර ලස්සන journey එකක්ද.😍 දවසක මාත් යන්නම ඕනෙ❤

ඔව් ගිහිල්ලම බලන්න ඒක කොච්චර ලස්සනද කියලා...❤️

මේ පාර යන්නම බලන් ඉදල මිස් උනා ට්‍රේනින් යන්න සෙට් උන නිසා ලබන පාරනම් අනිව ය්න්න ඕන 😪❤️

මැයි වෙනකන් කල් තියෙනවනේ ට්‍රයි එකක් දෙන්න..

මටත් ආසයි එක පාරක් හරි සිරිපාදෙ කරුනා කරන්න.

මේ පාර යන්න ට්‍රයි කරන්න..

මාත් ආයෙ සිරීපාදෙ කරුණාකරන්න ඉන්නෙ....මාර්තු මාසෙ වගේ...දැන් සීතලයි නෙ😋😋😋

මාර්තුවල සෙනගත් ටිකක් වැඩියි නේද..

තුන් පාරක් ගිහින් තියනවා මමත්, අවාරෙ ගියපු සැරේ තමයි වැඩිපුරම මතකයෙ තියෙන්නෙ 😍

මං ආවරේ කරුණා කරලා නෑ..ආසාවෙන් ඉන්නේ ඒ ලස්සන විදින්න..

මාත් සිරිපාදේ ගිහින් නෑ. මේ පාර කොහොම හරි යන්න ඕන 💪

මාවත් එක්කන් යන්න හොදේ😌

කොහොම හරි යන්න 🙊

මාත් ගිහින් නෑ. ඉක්මනටම ඉෂ්ට කරගන්න හීනයක් මේක❤

මේ පාර ට්‍රයි කරන්න...🙊