අපරාජිතයුනුත් ඉවතට | 5% For SL-Charity

in hive-133716 •  3 years ago 

Screenshot_20211112-180415~2.png
Source

මේ පාර T20 ලෝක කුසලානේ Semi-Finals තරග දෙකම දැන් ඉවරයි. ඒ අනුව නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව මේවර T20 ලෝක කුසලානයේ අවසාන මහා තරගය සදහා අවසානයේදි සුදුසුකම් ලැබුවා. ඒ අනුව නොවැම්බර් 14 වෙනිදා රාත්‍රි 7.30ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි අවසාන මහා තරගය පැවැත්වීමට නියමිතයි. 2015 පන්දුවාර 50 ලෝක කුසලානයෙන් පසුව 2021 T20 ලෝක කුසලාන අවසාන මහා තරගයේදි තමයි මේ කණ්ඩායම් දෙක වසර 06කට පසුව නැවතත් ලෝක කුසලානයකදි මුණ ගැහෙන්නේ. 2015 දී ඔස්ට්‍රේලියාව දිනපු නිසා පොතේ හැටියට සමහර විට මේ පාර T20 ලෝක කුසලානේ නවසීලන්තය දිනයි.

එංගලන්තෙයි නවසීලන්තෙයි අතරේ තිබ්බ මැච් එකට වඩා සුපිරිම මැච් එකක් තමයි ඊයේ තිබ්බේ. මේ තරගාවලිය පුරාම පැවතුනු තරග වලින් වැඩිම තරග ප්‍රමාණයක් ජයග්‍රහනය කලේ කාසිය වාසිය දිනාගත්තු කණ්ඩායමයි. ඊයේ දිනයෙත් වුනේ එසේම දෙයක්. කාසිය වාසිය දිනාගෙන ඔස්ට්‍රේලියාව ප්‍රථමයෙන් පන්දු යැවිමට තීරණය කලා.

foto_no_exif (3).jpg
Source

මේ තරගාවලිය පුරාවටම සාර්ථකම ආරම්භක පිතිකරුවන් යුගලය වුනු Mohammad Rizwan සහ Babar Azam ඊයේ දිනයේත් සාර්ථක ආරම්භයක් ලබාගත්තා. Mohammad Rizwan මේ තරගාවලියේ 03 වන අර්ධශතකයත් ඊයේ දිනයේ ලබාගත්තා. ඒ අනුව පාකිස්ථානය විසින් ඔස්ට්‍රේලියාව වෙතට ලකුණු 177ක ඉලක්කයක් ලබා දුන්නා.

එම ඉලක්කය හබාගෙන යන්න පැමිණි ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පළවෙනි කඩුල්ල පළවෙනි පන්දුවාරයේදිම බිදහෙලුනා. ඔස්ට්‍රේලියානු ඉනිමේ ආරම්භය සාර්ථක කරපු David warner ලකුණු 49ක් ලකුණු පුවරුවට එක් කරද්දි, අවසාන පන්දුවාර පහට ලකුණු 69ක් අවශ්‍ය වී තිබුනා.

foto_no_exif (2).jpg
Source

ඒ අනුව පස්වෙනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 81ක සම්බන්ධතාවයක් ගොඩනැගු Matthew wade සහ Marcus stoinis ඔස්ට්‍රේලියාවට අවසන් මහා තරගයේ දොරටු විවර කලා. පකිස්ථානයට අවසන් මහා තරගයේ සිහින බිදුනේ Matthew wade විසින් ලබා දුන් උඩ පන්දුවක් හසන් අලී අතින් ගිලිහුන මොහොතෙයි. 19 වෙනි පන්දුවාරයේදි Shaheen afridi ට හයේ පහරවල් තුනක් එල්ල කල Matthew wade ඔස්ට්‍රේලියාවට ජයග්‍රහනය ලබා දුන්නා.

තවමත් T20 ලෝක කුසලානයකට හිමිකම් නොකියු මේ කණ්ඩායම් දෙකම අවසාන තරගයට පිවිසෙන්නේ තම කුළුඳුල් T20 ලෝක කුසලානය ලබාගැනිමේ අපේක්ෂාවෙනි. අවුරුදු ගාණක්ම අපේ කණ්ඩායම ලෝක කුසලාන අවසාන තරගයක දකින්න වාසනාව නැති වුන නිසාම අපි හිත හදාගෙන වෙම ටීම් වලට සපෝර්ට් කලා. එහෙනම් ඉතින් මේ පාරත් හදවතින්ම නවසීලාංකික වෙමු.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

NZ will win 😋😋😋

Let's see 🥳

අවුරුදු ගාණක්ම අපේ කණ්ඩායම ලෝක කුසලාන අවසාන තරගයක දකින්න වාසනාව නැති වුන නිසාම අපි හිත හදාගෙන වෙම ටීම් වලට සපෝර්ට් කලා.

me parath ehmama karamu😁

Hitha hadagtha kalinm..

Mohammad Rizwan මේ තරගාවලියේ 03 වන අර්ධශතකයත් ඊයේ දිනයේ ලබාගත්තා

දැක්කද මිනිහා.. දවස් 2ක්‌ icu එකේ ඉඳලා මැච් එක ගැහුවේ.. chest infection එකක් ඇවිල්ල 😐😐

ඔව් ඒ කැපවීම පට්ට 🖤

Nz නම් ශුවර් කරන්නම බැරි ටීම් එකක් , බොහෝ දුරට මේ පාර කප් එක උස්සයි

ඔසි ගත්තානේ 🙊