An unforgettable victory | SL vs Bng | 5% For SL-Charity

in hive-133716 •  3 years ago 

cri1.jpg
Source

මං හිතන්නේ අද තමයි අපි හැමෝම කාලෙකට පස්සේ බලපු හොදම මැච් එක බලන්න පුළුවන් උනේ. සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රි ලංකාව සහභාගි වුන පළවෙනි තරගය පැවැත්වුණේ අද. ඒ බංගලාදේශය සමගයි. බංගලාදේශය සුදුසුකම් ලැබීමේ වටයෙන්ම ඉවත්වෙයි කියලා බලාගෙන හිටපු අපිට, සුපිරි 12 දෙනාගේ වටයේ පළවෙනි තරගයේදිම මුනගැහුනේ බංගලාදේශ කණ්ඩායමයි.

අද දිනයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නයක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කලා. මුලින් හොද ආරම්භයක් ලබාගත් බංගලාදේශ ආරම්භ පිතිකරුවන් යුගලයේ ඉනිම අවසන් කරමින් ඔවුන්ගේ ප්‍රථම කඩුල්ල ලබාගැනිමට ළහිරු කුමාර සමත්වුනා. පළවෙනි කඩුල්ලේදිම තරගයේ උණුසුම් බව පෙන්වමින් බංගලාදේශ පිතිකරුවන් දෙදෙනා සමග ළහිරු කුමාර උණුසුම් කතාබහක් ඇතිවුණා.

cr2.jpg

ඒ ආවේගශීලි හැසිරීම නිසා ළහිරු කුමාරට තරග මුදලින් 25%ක දඩයක් සහ එක් අවාසිදායක ලක්ෂයක් ලබාදෙනු ඇත.

හැමදාමත් ශ්‍රි ලංකා ක්‍රීඩකයන්ට හිසරදයක් වෙන Mushfiqur Rahim අද දිනයෙත් පන්දු 37කදි වේගවත් ලකුණු 57ක් ලබාගත්තා. ඒ වගේම බංගලාදේශ පිල වෙනුවෙන් Mohammed Naim ලකුණු 62ක් ලබාගැනිමට සමත්වුණා. පන්දු යැවිමේදි චාමික, ළහිරු සග බිණුර කඩුළු 01 බැගින් ලබාගැනිමට සමත්වුණා. ඒ අනුව බංගලාදේශ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදි ලකුණු 171ක් ලබාගැනිමට සමත්වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමට මෑත කාලයේදි ප්‍රබල කණ්ඩායමකින් හමුවුනු විශාල හබායැමක අභියෝගයක් තමයි අද හිමිවුණේ. ප්‍රථම පන්දුවාරයේදිම කුසල් පෙරේරාගේ දැවියාමත් සමග බොහෝ දෙනාගේ මතය වුයේ අද තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට ජයගැනිමට නොහැකිවුනු ඇති බවයි. නමුත් යම් බලාපොරොත්තුවක් එක් කරමින් චරිත් අසලංක සහ පැතුම් නිස්සංක ශ්‍රී ලංකා ඉනිම තරමක් ගොඩනඟමින් සිටින මොහොතක ශකිබ්ගේ පන්දුවක් හමුවේ පැතුම් දැවී යනවා. ඉන්පසුව පිටියට පිවිසි අවිශ්ක ප්‍රනාන්දුත් ලකුණු නොලබාම ක්‍රිඩාගාරයට හරවා යැවිමට ශකිබ් සමත්වෙනවා. ඉන්පසුව වනිදු හසරංගත් ලකුණු 6කට දැවි යනවා.

cri3.jpg
Source

තරගයේ ජයග්‍රහණයෙන් 75%කම වාසිය බංගලාදේශ කණ්ඩායමට ඇති මොහොතක පිටියට පිවිසි භාණුක රාජපක්ෂගේ පිත්ත ශ්‍රී ලංකාවට තරගය ජයග්‍රහණය කිරිමේ දොරටු විවර කරනවා. ඒ පන්දු 31 කදි වේගවත් ලකුණු 53ක් ලබාගැනිමත් සමගින්ය. ඔහුගේ එම අර්ධ ශතකය වාර්තා වෙන්නේ T20 ලෝක කුසලානයකදි ක්‍රීඩකයෙක් සිය උපන්දිනය දවසේ වාර්තා කල මංගල අර්ධ ශතකය ලෙසයි. ශ්‍රී ලංකා ඉනිම ලකුණු 80කින් ශක්තිමත් කල චරිත් අසලංක අද තරගයේ වීරයා වුනා.

cri5.jpg
Source

මෙතෙක් කලක් ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක 03 ස්ථානයේ තිබු අඩුපාඩුවට තමන් සුදුසුම කෙනා බව ඔප්පු කල චරිත් අසලංකගේ මංගල T20 අර්ධ ශතකය සහ භාණුක රාජපක්ෂගේ උපන්දිනය දවසේ ඔහු විසින් වාර්තා කල මංගල T20 අර්ධ ශතකයත් නිසා අද පැවති තරගය කඩුළු 05කින් ජයගැනිමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත්වුණා.❤️🇱🇰

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

match eka dinala kiyala status walin dakala sathutu wela status dapu lamayek mama

මැච් බලන්න හිතෙන පෙර සලකුණු ඒවා 😅

මාර සතුටක් දැනෙන්නේ...😍 මුලින් බයක් දැනුනත් කොහොමත් SL Cricket කියන්නේ miracle බව දන්න නිසා දිනයි කියලා ලොකු බලාපොරොත්තුවක් තිබුණා 😍. අන්තිමට දින්නා. මේ විදියටම අනිත් තරඟ වලටත් හොදින්ම මුහුණ දෙන්න පුළුවන් වෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ💪

miracle = Heart Attack

අපේ කොල්ලෝ ටික ඉස්සරහත් වැඩ පෙන්නයි 😍

මං හිතන්නේ අද තමයි අපි හැමෝම කාලෙකට පස්සේ බලපු හොදම මැච් එක බලන්න පුළුවන් උනේ.

ekagai. wadi una putu walin nagitte wath naa wicket ekak yawi kiyala baya wela 🤣🤣

wadi una putu walin nagitte wath naa wicket ekak yawi kiyala baya wela 🤣🤣

Ammo balagena yaddi hamoma eka wge iyee 😂

මේක කියවද්දි මාර සතුටක් එන්නෙ මල්ලි. කොල්ලො ටික සුපිරි.😍

අපේ කොල්ලෝ 🙈❤️

සම්පූර්ණ match එකත් බලල, highlight එකත් බලල, චරිත්ගෙයි භානුකගෙයි boundaries ටිකත් වෙනම බලල නිදාගත්තෙ 😂

රියල් මැච් පිස්සෝ 😅❤️

සිරාවටම මම නම් හිතුවේ බඩු හ‍රි තමයි කියලා..
විකට් 4 ගියාම
අද නයි නැටුම් බලන්න වෙයි කියලා හිතුවේ
වලියකුත් ගියා නේ මැච් එකේ..
ඒක නොවුන නම් හොදයි 😐

අර කැච් දෙක බෑව නිසා හොදයි..නැත්නම් ඉතින් නයි නැටුම් බලන්න තිබ්බා😅

ඒක ගැන නම් කියන්න වචන නෑ. කාලෙකට පස්සෙ බලපු හොඳම එක. ❤️

ඔව්ව් කාලයක් යනකන් ඒක මතක තියේවි 😍

ඒක නම්..😍❤
කාලෙකට පස්සෙ බලපු සුපිරි match එකක්. හිතුවෙවත් නෑ මෙච්චර ලේසියෙන් දිනයි කියල..😍❤

අම්මෝ ඔව්ව් 🙈😍

Ape aya hodatama play kala. Math asawenna balapu match ekak.

Owww eka supirimai 😍

නයි නැටුම් බලන්න වෙයි කියලමයි හිතුනෙ. අන්තිමේදි දිනුවා කොහොමහරි. මන් වැඩිය මැච් බලන්නෙ නෑ. ඒත් මේක නම් ඉවරවෙනකම් බැලුවා. 😍

යාන්තම් නයා පෙනේ පුප්පන්න කලින් නවත්ත ගත්තා 😅

මාත් මැච් එකේ මුලයි අගයි බැලුවා. පස්සේ හිතුනා අප්රාදේ බැලුවේ නැත්තේ කියලා . දැන් නම් ආයෙමත් ක්‍රිකට් උණ හැදීගෙන එන්නෙ 😁

අද බලන්න මුල ඉදන්ම 🙊