LPL Day 11 | 5% For SL-Charity

in hive-133716 •  3 years ago 

LPL තරගාවලියේ මූලික වටයේ තරග යටතේ පැවැත්වුණු තරගවල අවසාන දිනය වූයේ ඊයේ දිනයයි. ඒ කියන්නේ කොළඹ ආර්.ප්‍රේමදාසේ තිබුණු අවසාන තරග දෙක තිබුනේ ඊයේ දිනයේ. ඊයේ පළවෙනි තරගය තිබුනේ Galle Gladiators කණ්ඩායම සහ Jaffna Kings කණ්ඩායම අතරයි. කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් Galle Gladiators කණ්ඩායමට රැස්කරගත හැකි වුයේ ලකුණු 129ක් පමණයි. Galle Gladiators කණ්ඩායම වෙනුවෙන් භාණුක රාජපක්ෂ ලකුණු 23ක් සහ ධනුෂ්ක ගුණතිලක ලකුණු 19ක් රැස්කර ගැනිමට සමත් වුනා. Jaffna පන්දු බලෑනිය හමුවේ අනෙකුත් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 20 සිමාව පසුකර යෑමට හැකිවුයේ නෑ. එහිදි ප්‍රවීන් සහ විජයකාන්ත් විසින් කඩුළු දෙක බැගින් ලබාගැනිමට සමත් වුනා. ප්‍රවීන්ගේ පන්දුවාර හතරේදි ඔහු එකදු හයේ පාරක් හෝ හතරේ පහරක් ලබාදුන්නේ නෑ.

kkkn.jpg
Source

පිටපිට තරග 06ක් ජයගෙන සිටි Jaffna කණ්ඩායමට මෙය ඉතාමත් පහසු ඉලක්කයක් වෙයි කියලා හැමෝම හිතුවත් ඊයේ එම තරගයේ වාසනාව තිබුනේ Galle Gladiators කණ්ඩායමටයි. Jaffna කණ්ඩායම වෙනුවෙන් ෂොයිබ් මලික් ලකුණු 23ක් සහ ගුර්බාස් ලකුණු 21ක් ලබාගනිද්දි කඩුළු දැවී ඉතාමත් අසීරු තත්වයක ඉන්නකොට ඉතාමත් හොදින් ලකුණු රැස්කරමින් සිටි අශේන් බණ්ඩාරව ලකුණු 18කට දවා ගැනිමට දක්ෂ කඩුළු රැකීමක නිරත වුනු කුසල් මෙන්ඩිස් සමත් වුනා.

Galle Gladiators කණ්ඩායමේ දක්ෂ පන්දු යැවීම සහ රැකීම නිසා ඔවුන් ලකුණු 20ක විශිෂ්ට ජයක් ලැබුවා. Jaffna Kings කණ්ඩායමට සියලුම දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 109ක් පමණයි. Galle Gladiators කණ්ඩායම වෙනුවෙන් සමිත් පටෙල් සහ නූර් අහමඩ් කඩුළු දෙක බැගින් ලබා ගැනිමට සමත් වුනා. Galle Gladiators කණ්ඩායම අද නිවේදනය කරලා තිබුනා නූර් අහමඩ් U19 Asia Cup එක වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පිටත්ව යන බව. එය Playoff වටයේදි Galle Gladiators කණ්ඩායමට විශාල පාඩුවක් විදිහටයි මම දකින්නේ. මොකද ඔවුන්ට ඒ වෙනුවෙන් Replace කරන්න වෙනත් එවැනි වූ ක්‍රීඩකයෙක් නොමැති නිසා. ඒ අනුව හෙට දිනයේදි නැවතත් Galle Gladiators කණ්ඩායම සහ Jaffna Kings කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලැබීමේ පලමු තරගයට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදි නැවතත් හමුවීමට නියමිතයි.

fdssc.jpg
Source

ඊයේ දිනයේ ඉතාමත් වැදගත් තරගයක් තමයි රාත්‍රියේ තිබුනේ. ඒ Colombo Stars කණ්ඩායම සහ Kandy Warriors කණ්ඩායම අතර තරගයි. අවසාන කණ්ඩායම් හතර හතරට පිවිසීමට දෙපිලට ඇති එකම තීරණාත්මක තරගය මෙය වුනා. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් Colombo Stars කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදි ලකුණු 182ක් ලබාගැනිමට සමත් වුනා. LPL Player Draft එකේදි තෝරාගැනිමකට ලක්නොවු පසුව කණ්ඩායමට කැදවු කුසල්, ධනංජය, චන්දිමාල් සහ මැතිව්ස්, වැන්ඩසේ තමයි ඊයේ තරගය Colombo Stars කණ්ඩායමට ජයග්‍රහණයට පාර විවෘත කලේ. එහිදි කුසල් ලකුණු 58ක්, ධනංජය සහ චන්දිමාල් ලකුණු 40 බැගින් සහ මැතිව්ස් ලකුණු 29ක් ලබාගැනිමට සමත් වුනා.

Colombo Stars කණ්ඩායමේ දැනට ඉන්න භයානකම පිතිකරුවා චන්දිමාල් තමයි. ලකුණු 183ක දැවැන්ත ඉලක්කයක් හබාගෙන ගියපු Kandy Warriors කණ්ඩායමට සියලුම ක්‍රීඩකයන් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 124ක් පමණයි. එහිදි චරිත් අසලංක සහ රවී බොපාරා ඔවුන්ගේ ජයග්‍රහණයේ දොරටු විවර කරන්න උත්සහ කලත් එය සාර්ථක වූයේ නෑ. මෙහිදි විශිෂ්ට පන්දු යැවීමක නිරතම වුනු ජෙෆ්රි වැන්ඩසි කඩුළු 06 ලබාගැනිමට සමත් වුනා. එය වාර්තා වුනේ LPL තරග ඉතිහාසයේ ක්‍රීඩකයෙක් එක ඉනිමකදි ලබාගත් ඉහලම කඩුළු සංඛ්‍යාව ලෙස වාර්තා වුනා. එම ජයත් සමග Colombo Stars කණ්ඩායම සුපිරි 04 දෙනාගේ වටයට සුදුසුකම් ලැබුවා. ඒ අනුව ඔවුන් හෙට දිනයේදි Dambulla Giants කණ්ඩායම සමග Eliminater තරගයේදි මුණගැහෙනූ ඇති.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

kohoma unath kandy set eka paw..hamadama lagata awilla loss una...

Ow eka namth atthaa ☹️

ගාල්ල ගහනව මේ පාර 🙈❤️

ගැම්ම 💪💜️

මෙහිදි විශිෂ්ට පන්දු යැවීමක නිරතම වුනු ජෙෆ්රි වැන්ඩසි කඩුළු 06 ලබාගැනිමට සමත් වුනා.

1st over ekatanm dunna.passe wicket tika kaduwa koma hari.

Ow hena 6 eva dekak wadunane...

GG into the finals

🙊💜️