Maran (2022) | 5% For SL-Charity

in hive-133716 •  3 years ago 

සති දෙකකට විතර පස්සේ,

හැමෝම ඉතිං සැපෙන් සනීපෙන් ඇති කියලා මම හිතනවා. සති දෙකකට විතර පස්සේ තමයි Steemit එක පැත්තේ එන්න පුලුවන් උනේ. මොකද මේ දවස් වල කැම්පස් එකේ ෆයිනල් එක්සැම්. ඊයේ දවස වෙනකොට සබ්ජෙක්ට් 05ක් ඉවරයි. ඊළග සබ්ජෙක්ට් එක තියෙන්නේ තව දවස් 04කින්. ඒ නිසා ඊයේ අපු ගමන් මං හිතුවා මනසට පුංචි විවේකයක් දෙන්න ඕනේ කියලා.

Exam ඉවර වෙලා ඇවිල්ලා කෑම කාලා නාගෙන එහෙම ඉතිං ලැස්ති වුනේ ෆිල්ම් එකක් බලන්න තමයි. මං දැක්කා ධනුෂ් ගේ අලුත් ෆිල්ම් එකක් ගිය සතියේ රිලිස් වෙලා තියෙනවා. ඒක පෙරේදා අරගෙන තිබ්බේ ඊයේ බලන්න ඕනේ කියලා.

ggtyhj.jpg
Source

ෆිල්ම් එකේ නම තමයි "Maran". 2022 මාර්තු 11 තමයි මේ ෆිල්ම් එක රිලිස් උනේ. සුපිරි නළු ධනුෂ් සහ Malvika Mohana සමග Smruthi Venkat තමයි මේකේ ප්‍රධාන චරිත නිරුපණය කරන්නේ. හැබැයි මේ වන විට මේ චිත්‍රපටිය IMDB අගය 4.7/10ක වගේ පහල අගයක් තමයි ලබාගෙන තියෙන්නේ. ගුගල් පරිශීලක මනාපයත් 77%ක වගේ පහල අගයක් තමයි අරගෙන තියෙන්නේ. ධනුෂ් ගේ රගපෑම් නම් හොදටම තිබුණත් මේක එතරම් කුතුහලයක් නැති සමාන්‍ය කතාවක් නිසා ඒ අගයන් මේ තරම් අඩු වෙන්න ඇති කියලා මට හිතෙනවා.

IMG_20220316_004858_858.jpg

කතාව පැත්තට හැරුනොත් මරන් කියන්නේ ගවේෂණාත්මක මාධ්‍ය වේදියෙක්. මෙයාගේ තාත්තත් මාධ්‍යවේදියෙක් හැබැයි එක්තරා නිව්ස් එකක් නිසා මැරකල්ලියක් විසින් මරන් ගේ තාත්තා මරලා දානවා. එතකොට මරන් ගේ අම්මට දරුවෙක් ලැබෙන්න හිටියේ. දරුවා ප්‍රසුත කරන වෙලාවේ මරන් ගේ අම්මත් එදාම මැරෙනවා. එදා ඉදන් මරන් තමයි එයාට අම්මා ඉතුරු කරලා ගියපු නංගිව ආදරෙන් බලාගත්තේ.

මරන් තරුණ වයසට ආවට පස්සේ ඔහුගේ වෘත්තිය වුණෙත් මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කිරිමයි. ඔහුට රැකියාව ලැබුනු පත්තරේ දාපු Twiter නිව්ස් එකක් නිසා මරන් ගේ ජිවිතේ ලොකු දෙයක් වෙනවා. ඒ තමයි ඔහුගෙන් පලිගන්න කියලා ඔහුගේ නංගිව අමු අමුවේ පුච්චලා දානවා.

IMG_20220316_004903_261.jpg

හැබැයි ටික දවසක් ගියාම මරන්ට දැනෙනවා එයාගේ නංගි ඇත්තටම මැරිලා නැතුව ඇති කියලා. ඔහු ඊට පස්සේ ඝාතකයා පස්සේ යන්න පටන් ගන්නවා. අවසානෙට ඔහු දැනගන්නවා ඔහුගේ නංගි ජිවතුන් අතර බවත්, එදා ඒ පිච්චුනේ බොරු මිනියක් බවත්. කොහොම උනත් මේ දේවල් ඇත්තටම කරපු කෙනා වෙන්නේ හිතාගන්නවත් බැරි කෙනෙක්.

ධනුෂ්ගේ රගපෑම් නිසා මේ කතාව ලස්සන උනත් පොඩි පොඩි අඩුපාඩුකම් කිහිපයක් මේ කතාවේ තියෙනවා. ඒ නිසාද දන්නේ කතාවේ නිෂ්පාදකයෝ මේ චිත්‍රපටිය සිනමාශාලා වල තිරගත නොකර කෙලින්ම අන්තර්ජාලයට නිකුත් කරලා තියෙන්නේ. හැබැයි මොනවා උනත් කම්මැලි නැතුව බලන්න පුලුවන් චිත්‍රපටියක් කියලා මේක කියන්නත් පුලුවන්.

Trailer එක 👇

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

ඕක සුපිරියක්...ඈ...

ධනුෂ් නිසා ගති 🙊

සුපිරිම ෆිල්ම් එකක් කියල කියන්න පුළුවන් ලගදි ආව tamil film එක්ක බලද්දී

ඔව් ඒක පට්ට ❤️

මේ වගේ කතාවක් තියෙන මූවි එකක් මම බලලා තියෙනවද කොහෙද දැන් ගොඩ කාලෙකට කලින්. මේක බලන් ඕනෙ

ඔව් මේක නිකන් සාමන්‍ය පිටපතක කතාවක්...