ඔන්න හුග කාලෙකට පස්සේ ෆිල්ම් එකක් ගැන ලියන්න හිතුනා. හුග කාලෙකින් ලියන්න වුනේ, හුග කාලෙකින් ෆිල්ම් එකක් බලන්න වෙලාවක් හම්බුන නිසා. ඉතිං ෆිල්ම් එකේ නම තමයි Pushpa. මේක මම නම් කාලයක් තිස්සේ එනකන් බලාගෙන හිටපු ෆිල්ම් එකක්. Pushpa : The Rise විදිහට තමයි මේ කතාවේ පළවෙනි කොටස ගිය අවුරුද්දේ දෙසැම්බර් 17 වෙනිදා සිනමාශාලා වලට නිකුත් වුනේ. එතකොට මේකේ ඔර්ජිනල් කොපියක් අන්තර්ජාලයට නිකුත් වුනේ පසුගිය 07වෙනිදා. ෆිල්ම් එක ඩවුන්ලොඩ් කරලා තියාගත්තට අද තමයි ඔන්න බලන්න පුලුවන් වුනේ.
මේ කතාවේ ප්‍රධාන නළුවා විදිහට රගපාන්නේ තෙළිඟු සිනමාවේ Stylish Star වන අල්ලු අර්ජුන්. අල්ලුගේ ෆිල්ම් එකක් සමාන්‍යයෙන් එන්නේ අවුරුද්දට එකපාරක් වගේ නේ. ඒ එන එකත් ඉතින් සුපිරි හිට් එකක් වෙලාම තමයි නවතින්නේ. 2020 අවුරුද්දේ ආපු අල්ලුගේ Ala Vaikunthapurramuloo චිත්‍රපටිය ඒ වසරේ වැඩිම ආදායමක් උපයපු තෙලිගු චිත්‍රපටිය වෙද්දි, 2021 වසරේ වැඩිම අදායමක් උපයපු තෙළිඟු චිත්‍රපටිය වුයේ Pushpa : The Rise චිත්‍රපටියයි. මේ වන විට එය ඉන්දියානු රුපියල් කෝටි 325කට අධික අදායමක් උපයාගැනිමට සමත් වී තිබෙනවා.
අල්ලු එක්ක මේ කතාවේ ප්‍රධාන නිළිය විදිහට රගපාන්නේ රශ්මිකා. රශ්මිකා අල්ලු එක්ක රගපාපු පළවෙනි ෆිල්ම් එකත් මේක. 8/10ක IMDB අගයක් ලබාගන්න වගේම 92%ක ගූගල් පරිශීලක මනාපයක් ලබාගන්නත් මේ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා.
දැන් කතාව පැත්තට හැරෙමුකෝ. පුෂ්පා කියන්නේ කුලිකාරයෙක්. හැබැයි මෙයාට එක තැනක හරියට වැඩ කරන්න බෑ. අයින් වෙලා යනවා. ඔහොම දවසක් කුලි වැඩ වලට කට්ටිය අරන් යන්න ගමට පිරිසක් එනවා. එයින් එක ලොරියක යන අයට හම්බෙන්නේ රුපියක් 100යි, අනෙක් ලොරියේ යන අයට රුපියල් 1000ක් හම්බෙනවා. හැබැයි ඒ ලොරියේ යන අය ආපහු එන එක විශ්වාස නෑ. මොකද ඒක අවදානම් ගමනක්. පුෂ්පා ඒ අවදානම් රැකියාව තෝරාගන්නවා.
අමාරුගමනකින් පසුව කැලේ ඇතුලට ගියාම තමයි පුෂ්පා දැනගත්තේ මේ තරම් අවදානම් රස්සාව මොකක්ද කියලා. ඒ තමයි රත්හදුන් ජවාරම. මුළු ලෝකයේම හොදම රත්හදුන් හැදෙන්නේ සැසාචලම් වනාන්තරයේ. ඒතනිනුයි මේ කුලිකාරයගේ ජිවිතේ වෙනස් වෙන්න පටන් ගන්නේ. පුෂ්පා ඉස්සෙලම කපන්න ආපු රත් හදුන් ලෝඩ් එක පොලිසියට අහුවෙන්න නොදි බේරගන්න පුෂ්පට පුලුවන් වෙනවා. ඊට පස්සේ තමයි පුෂ්පා කොන්ඩ රෙඩ්ඩි සහෝදරයෝ එක්ක සෙට් වෙන්නේ. කොන්ඩ රෙඩ්ඩි සහෝදරයෝ තමයි මේකේ අන්තිමට ඉන්න ජවාරම්කාරයෝ සෙට් එක. කොහොම හරි ඉතින් පුෂ්පගේ මොලෙන් මේ ජවාරමේ උඩම ඉන්න කෙනාගේ පාර්ට්නර් කෙනෙක් වෙලා පුෂ්පා කොටිපතියෙක් වෙනවා.
කොහොම හරි කතාවේ අවසානෙට අලුත් DSP කෙනෙක් එනවා. මේ DSP එක්ක පැටලෙන අරවුලකින් තමයි Part 01එක ඉවරවෙන්නේ. කොරෝනත් එක්ක කතාව ශුට් කරන්න දිග්ගැස්සුනු නිසාම මේක කොටස් දෙක්කට කඩන්න තීරණය කරලා තියෙනවා. ඉතිං තෙලිගු ඇක්ෂන් කතාවලට ආස කරන අයට බලන්න මේක සුපිරි ෆිල්ම් එකක්. මේක රත් හදුන් ගැන විතරක්ම කතාවක් නෙමෙයි රත් හදුන් වගේ දුර්ලභ මනුස්සයෙක් ගැන කතාවක්.
බැලුවා ෆිල්ම් එක.අල්ලුගේ අනිත් ෆිල්ම් වගේ ගැම්මක් තියෙනවා මේකෙත්.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව් සුපිරියක් තමයි.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
හපොයි මේ මන් ගැනද🙊🙊🙊🙊🙊😂😂😂😂
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
😂😂😂
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අඩ්ඩේ😂
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අප්ප සුපිරියක් වගේ කොහොමත් අල්ලුගෙ ඒව හිට් වෙනව අනිවාරෙන් 😍😍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව් ඔව් නැතුව 😍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
. Facebook එකේ මේක ගැන share වෙලා තියෙනවා දැක්කා. බලන් ඕනෙ කියලා හිතුනෙ මේක කියෙව්වට පස්සෙ😁❤
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඇක්ෂන් තමා හැබැයි...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit