ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර දෙවෙනි T20 තරගය පසුගිය 08 වෙනිදා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදි පැවැත්වුනා. මැච් එක බලන්න යන්න ටිකටුත් අරගෙන තිබ්බ නිසා හිතුවෙනම් අනිවාරෙන් ඒක නම් දිනයි කියලා. ඒ උනත් අවසනාවන්ත විදිහට ඒකත් ශ්‍රී ලංකා කණ්ඩායමට පරාද වෙන්න උනා. ඒ අනුව තරග 03කින් සමන්විත T20 තරගාවලිය, තවත් එක් තරගයක් ඉතිරිව තිබියදි ජයගැනිමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුනා.
කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානු නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කලා. එදිනත් අසාර්ථක වුන ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලබාගත හැකි වූයේ 124/9 ක් පමණයි. තරමක් සාර්ථක වුයේ චරිත් අසලංක(39) සහ කුසල් මෙන්ඩිස්(36) පමණයි. හැමෝගෙම බලාපොරොත්තුව වුන භාණුක රාජපක්ෂටත් එදින සාර්ථක වීමට හැකි වුනේ නෑ. පන්දු යැවීමේදි ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් Kane Richardson කඩුලු 04ක් සහ Jhye Richardson කඩුලු 03ක් බිද හෙලිමට සමත් වුනා.
ලකුණු 126ක් ලබා තරගය ඔස්ට්‍රේලියාව ජයගත්තත් අපේ පන්දු යවන්නන් ඔවුන්ට හොද අභියෝගයක් ලබාදුන්නා. විශේෂයෙන්ම වනිදු හසරංග කඩුළු 04ක් ලබාගැනිමට සමත් වුනා. එහිදි ඔහුට හැට්‍රික් අවස්ථාවකුත් මග ඇරුණා. ඒ තරගය අපි පැරදුණු හේතු විදිහට මං දකින්නේ, අපේ කණ්ඩායම ලකුණු 140 විතර ගහලා දසුන් හරියට ඕවර්ස් ටික දාන අය හරියට කළමනාකරණය කලා නම් ඒ තරගය අපිට අනිවාරෙන්ම දිනන්න තිබ්බා කියලා මං හිතනවා. අපි මැච් පාරාද වෙන දවස් වලට දසුන්, චාමික කරුණාරත්නගෙන් ලොකු වැඩක් ගන්නේ නෑ. එදත් එක ඔවරයක්වත් දාන්න චාමිකට අවස්ථාව ලබාදුන්නේ නෑ.
එදා විශාල සෙනඟක් ඇවිල්ලා හිටියා මැච් එක බලන්න. අපේ ක්‍රීඩකයන්ට පුදුම සපෝර්ට් එකක් හැමෝගෙන්ම තිබ්බේ. ඒ උනාට මැච් එකක් දිනන මොහොත විදින්න එදා අපි කාටවත් අවස්ථාව හිමිවුණේ නෑ.
අද තමයි තුන්වෙනි සහ අවසන් T20 තරගය පැවැත්වෙන්නේ. ඒ පල්ලෙකැලේදි. හැමදාම වගේ අවසාන මැච් එක දිනලා ආපහු අපිට මැච් බලන්න ආසාවවත් ඇතිකරයිද කියලා බලාගෙන ඉන්න එක විතරයි ඉතිං දැන් ඉතුරු වෙලා තියෙන්නේ..😕🦔
Mekawath dinnoth hondai...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
🥳🥳🥳🥳
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ජය පරාජය සතුටින් බාර ගමු. ලංකාවේ දැන් ඔක්කොම අච්චාරු වෙලා තියෙන්නෙ. අද එකවත් දිනන්න කියල ප්‍රර්ථනා කරමු.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔබට සතුටුයිද දැන්? කොහොමද දසුන්ගේ පාරවල් ? අන්තිම ඕවර් තුන ලකුණු 59.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
කවදාවත් අමතක වෙන්නෑ😍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මුල් එක බලන්න ගියා.. 🙂🙂
කමක් නෑ අන්තිම එක ලෙසටම දුන්න නේ
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඒ දෙකටම ඇති තුන්වෙනි එක 😍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit