දුවෙක් ලග අම්මෙක් ඉන්නම ඕනිද???

in hive-133716 •  3 months ago  (edited)

IMG-20240713-WA0015.jpg
source
කොහොමද ඉතින් ඔයාලට?
හැමෝම වෙනද වගේ සතුටින් පරිස්සමෙන් ඇති කියල හිතනව.අදත් අයියනම් නෙවෙයි ඉතින් ඔයාලට ලියන්නෙ.
මට හිතුන අද වෙනස්ම මාතෘකාවක් ගැන කතා කරන්න ඔයාල එක්ක.
ඇත්තටම දුවෙක් ලග අම්මෙක් ඉන්නම ඕනද.අද කාලෙ කොච්චර අම්මල තමන්ගෙ ලමයින්ව දාල වෙන රටවල් වලට යනවද,ලමයින්ගෙම යහපත වෙනුවෙන් එහෙම ගියාට ඒක වෙන්න ඕනම දෙයක්ද?
ඉතින් ඔයාලට මොකද හිතෙන්නෙ මේක ගැන.අදහස පහලින් දාගෙන යන්නකො බලන්න.
දන්නවද? කෙල්ලෙක්ගෙ ජීවිතේ ලගින් ඉන්න ඕන හොදම යාලුව අම්ම.ඉතින් ලමයින්ගෙ අනාගතේ වෙනුවෙන් අම්මල ඈතට ගියාම ඒ ලමයි හුගක් අසරන වෙනව.කියාගන්න බැරි ප්‍රශ්න කන්දරාවකට මුහුන දෙනව.සමහර ලමයි vedio call එකකින් හරි තමන්ගෙ අම්මව දැක්කට තවත් සමහරුන්ට ඒ අවස්තාවවත් හම්බෙන්නෙ නැති තරම්.පොඩ්ඩක් හිතන්න ඒ වෙලාවට ඒ ලමයි අසරන වෙන හැටි.කොච්චර ආරක්ශිත තැනක ලමය හිටියත් තමන්ගෙ අම්මට තියෙම තැන කාටවත්ම ගන්න බෑ නේද?ඉතින් අම්මගෙන් ලැබෙන ආදරය,සෙනෙහස ඒ ලමයට කොහෙන් ලැබෙන්නද?
B.M.N බස්නායක කියල මහත්මියක් ලියපු හරි ලස්සන පද පේලි ටිකක් තියෙනව මෙන්න මෙහෙම....

ඉර හඳත් මට ඕන
නෑ කියලා කියන්නම්
ඇස් නටන බෝනික්කො
එපා සිත රිදෙයි දැන්
නින්ද නැති රැය ගෙවෙන
හැටි ඔබට දැනේනම්
පියඹලා එන්න ගේ
ඇතුලෙ තනි වෙලා මන්...........................

ඊයෙ ඉස්කෝලේ මගෙ
ගවුමෙ ලේ පැල්ලමක්
ගුරුතුමිය වහන් කර
ගැංගුවා මන් ටිකක්
නොතේරුම් කමට ඇස්
රතු උනා කප්පරක්
අම්මා ගෙදරද අහපු
විටදි ගොළු උනා මන්................................

විමලා නැන්දා ඇවිත්
එක්ක ගෙන ගිය සැනින්
කාමරය තුලට දැම්
බැන බැනම නම් ඉතින්
මහ ගෑනි රට ගිහින්
වදය අපටයි ඉතින්
කී කතා සේරමට
පිච්චුනා හිත තදින්..................................

වැනි වැනී අප්පච්චී
ගෙදර ආවා රැයෙන්
දෝණී මගෙ කිය කියා
දොරලඟම හැඩුවා දුකින්
මක්කරන්නද දෝණී
තේරෙන්නෙ නෑ මුකුත්
ඔහු හූල්ලන හඬට
නින්ද නෑ ගියෙ මටත්............................

නෑදෑයො මඟ හරින
කසු කුසුව දැනි දැනිත්
නිහඩවම අප්පච්චී
ඉන්න එක දුක මටත්
නැකත් දා අලුයමේ
කුකුළා හඬලන හැටිත්
දෑස කදුළින් පෙගුනා
දොර ඇරුන විට මටත්............................

සුදු රෙද්ද අත අරන්
රතු වෙච්ච ඇස් දරන්
දොරකොඩ ම අප්පච්චී
අම්මෙ කළයත් අරන්
පුතේ උඹෙ අම්මා තැන
ගත්තා පපුවම දරන්
කළ හතම නෑව්වෙම
අප්පච්චී හරි සෙනෙන්.............................

අඬුව මට නොදැනෙන්න
ඉම්බා කම්බුල් සෙමින්
වැද වැටුනෙ දෙපා මුල
මව් ගුණය සිහි කරන්
ඉල්ලුවෙම එක වදන
දෝණී මේකයි කියන්
පුතේ දැන් වත් ඉතින්
අම්මාව කැදවපන්..................................

ජීවිතේ කෙල්ලෙක් ලග අම්මකෙනෙක් ඉන්නම ඕන අවස්තා ගොඩක් එනව.ඉතින් ඒ තැන අම්ම මිසක් වෙන කෙනෙක් ඉදල හරි යන්නෙ නෑ.ඒ වගේ වෙලාවට ඒ ලමයට දැනෙන දුක කෑගහල අඩන්න තරම් පුලුවන් ඇති.අද වෙනකොටත් ගොඩක් අම්මල තමන්ගෙ ආදරනීය ලමයි දාල සල්ලි හම්බකරන්න රටවල් වලට යනව.අම්මල උනත් කැමැත්තකින් යන ගමනක් නෙවෙයි ඒක.ඒත් ලමයින්ගෙ ආනාගතේ නිසාම ඒක කරනව.ඉතින් අන්න ඒ වෙලාවට පොඩ්ඩක් මෙන්න මේ කාරනය ගැනත් හිතල බලන්න.
ඒ කරන වැඩෙන් තමන්ගෙ ලමය ගොඩක් අසරන වෙන්න පුලුවන්.ලොකු පීඩනේකට මුහුන දෙන්න පුලුවන්.සමහර වෙලාවට ලමයගෙ අනාගතය පවා විනාශ වෙන්න පුලුවන්.මොක්ද දෙමාපියන් ලග නැති නිසා විනාශ උන ජීවිත අපිට ඕන තරම් මුහුන ගැහෙනව සමාජයේ.
ඉතින්,
දරුවගෙන් ඈතට යන්න කලින් එකපාරක් දෙපාරක් නෙවෙයි
සිය දහස් වාරයක් හිතන්න....

IMG-20240713-WA0011.jpg

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

This post has been upvoted by @italygame witness curation trail


If you like our work and want to support us, please consider to approve our witness




CLICK HERE 👇

Come and visit Italy Community



Hi @damindu,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.

Come and visit Italy Community