කාලෙකට පස්සෙ

in hive-133716 •  2 years ago 

IMG_20221225_181627.jpg

ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනවා. විභාගෙන් පස්සෙ සතියක නිවාඩුවක් හම්බුනත් ගෙදර යන්න නෙවෙයි හිතන් හිටියෙ. ඒත් දවස් දෙකක් බෝඩිමට වෙලා ඉද්දිම තමයි හිතුනෙ ගෙදර ගිහිල්ල ආවනම් හොදයි කියල. ඉතින් එහෙම හිතුනම ඉතින් ආයිත් නොගිහින් ඉන්න ලේසි නෑ. හිටපු අනිත් කොල්ලො දෙන්නනත් නොකිව්වට ගෙදර යන්න උවමනාවෙන් තමයි හිටියෙ. ඉතින් මං ගෙදර යමුද අහපු ගමන් සෙට් එකම කැමති උන නිසා ඊටප්ස්සෙ දවසෙ උදෙන්ම ගෙදර එන්න බෝඩිමෙන් පිටත් වුනා. කොහොමහරි දවල් වෙද්දි අපිට ගෙවල් වලට යන්න පුලුවන් උනා.ගෙදර ගියාම ඉතින් වෙනම ලෝකයක්. මොකක් නැතත් හොදට කාල බීල ඉන්නනම් පුලුවන් . බෝඩිමේ ඉද්දි හරියට කන්න වෙන්නෙ නෑනෙ.කොහොමහරි ගිය ගමන් ශේබි පැටියගෙ කෝලම් ටිකකුත් බලල එදා දවසම අම්මත් එක්ක කතා කර කර ඉදල තමයි ගෙවල දැම්මෙ.
2022-12-25-18-19-44-109.jpg
ඊටපස්සෙ දවසෙ කාලෙකින් නංගි එක්ක චෙස් සෙල්ලම්.කරන්න පුලුවන් උනා කාලෙකට පස්සෙ. ඒ කාලෙනම් දෙන්නත් එක්ක ගොඩක් දවසට සෙල්ලම් කරත් දැන් වැඩත් එක්ක මේ වගේ කලාතුර්කින් තමයි සෙල්ලම් කරන්න අවස්තාවක් හම්බෙන්නෙ. කලින්නම් ගොඩක් වෙලාවට මං දින්නත් පස්සෙ නංගි ටික ටික ඉගෙනගෙන මාව පරද්දන මට්ටමටම ආව. ඉතිම් පැරදුනාම දවසක් යනකන් නෝන්ඩි කරන එක තමයි දෙන්න කරන්නෙ. මේකත් පැය දෙකකට ආසන්න වෙලාවක් සෙල්ලම් කරන්න අපි දෙන්නට පුලුවන් උනා. අන්තිමට නංගි කරපු මෝඩ වැඩක් නිසා දිනන්න අවස්තව්වක් මට පෑදුනා.ඒකෙන් ඉතින් කොහොමහරි කාලෙකට පස්සෙ සෙල්ලම් කරපු තරගයෙන් දිනල දවස පුරා නංගිව නෝන්ඩි කරන්න අවස්තාව මට හිමිවුනා.ඔය විදියට තමයි ඉතින් ගෙදර ආපු දවස් ටිකෙ ගෙවිල ගියේ.

IMG_20221225_194129.jpg

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

මොකක් නැතත් හොදට කාල බීල ඉන්නනම් පුලුවන්

Agree. Gedara yannema hodata kanna balagena

ඔව් ඒකනෙ 🙂

මොන හෝටලෙන් කෑවත් ගෙදර කෑම එක තරම් රසක් නෑ මොන විදියට නෑවත් ගෙදරින් නාලා තමන්ගේ ඇදේ නිදාගන්නව තරම් සැපක් නෑ කොහේවත්. අපිත් ජොබ් එකට හිරවුනාම ගෙදර යනකන් ඉන්න අමාරුයී

ඔව් ඇත්තටම ගෙදර තරම් නිදහසක් නෑ 🙂

ගෙදර ගියාම ඉතින් වෙනම ලෝකයක්

හොස්ටල් ඉද්දි ගෙදර යන්න හිතෙන් නෑ... හැබැයි ඉදල ඉදල ගෙදර ගිය දාට ආය හොස්ටල් එන්න නම් කෝමත් හිතෙන් නෑ...

ඔව් සහතික ඇත්ත 🙂