නොමියෙන මතකයන්..

in hive-133716 •  24 days ago  (edited)

1000105016.jpg

මේක මම ගොඩක් කාලෙක ඉඳන් ලියන්න හිතාගෙන හිටපු article එකක්.ඒත් කාර්යබහුලකම නිසාත් , මේක මට නිදහසේ ලියන්න තිබුන ඕනකම නිසාත් ටිකෙන් ටික කල් ගියා.කොහොම හරි වෙලාවක් හදාගෙන අද ලියන්න තමයි යන්නේ.මේ article එක ලියන්න යන්නේ යාලුවෝ ගැන.ඉතින් ඒ නිසාම මුලින්ම මම හිතුවා හිතුව ගෙවුන අවසන් දවස්වල ළඟින්ම ආශ්‍රය කරපු යාළුවෝ සෙට් එක ගැන ලියන්න, ඉතින් අනිත් උන් ගැන හෙමි හෙමිහිට ඔයාලත් එක්ක බෙදා ගන්නම්.Academic පටන් ගත්තට පස්සේ කට්ටියකට හොස්ටල් ලැබුනත් කට්ටියකට හම්බුනේ නැතිනිසා අපිට බෝඩිම් හොයාගන්න සිද්ධ උනා.කොහොම හරි කලින් පාර එකොළොස් දෙනෙක් ඒක ගෙදරක් අරගෙන හිටපු නිසා මේ පාරත් එහෙම්මම ඉන්න හිතුවත් අපිට හිතපු විදිහට ගෙයක් හොයාගන්න බැරි උන නිසා , එක එක්කෙනා කැඩි කැඩී ගියේ අන්තිමට හතර දෙනෙක් විතරක් ඉතුරු වෙලා.ඉතින් ඒ හතර තමයි මේ ෆොටෝ එකේ ඉන්නෙ.

ඉතින් කොහොම හරි අපි අන්තිමට anex එකක් හොයාගෙන, අවුරුද්දක academic period එක මතක ගොන්නක් මැද ගෙවලා දැම්මා.ඉතින් මේ බෝඩිමේ වගේම අපි හතර දෙනා අතර තියෙන යාළුකමටත් එහා සහෝදර බැඳීමක්.මම හිතන්නේ ඒක වැඩිපුරම තියෙන්නේ හතර දෙනෙක් විතරක් හිටපු නිසා වෙන්න ඇති.අධ්‍යාපනය සම්බන්ධ දේවල් වලදී වගේම පවුලේ දේවල් වලදිත් අපි හතර දෙනා හිටියෙ එකටමයි. ඒ නිසාම අන්තිම දවස් එද්දි කට්ටිය වෙන් වෙන එකත් එච්චර ලේසි වුණේ නෑ.කොච්චර මතක තිබුණත් අපි හතර දෙනාගේ එකට ඉන්න ෆොටෝ තියෙන්නේ ඇගිලි ගණනටත් අඩුවෙන්. Cricket tournament , badminton tournament ,volleyball tournament , ඒ වගේම එක එක විදියේ functions වල තියෙන මතකයන් වගේම , මේ තියෙන මිත්‍රකමුත් සදා අමරණීයයි.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Friends are the hardest goodbyes in uni life.

Yeap, They are ❤️

This post has been upvoted by @italygame witness curation trail


If you like our work and want to support us, please consider to approve our witness




CLICK HERE 👇

Come and visit Italy Community



Hi @damindu,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.

Come and visit Italy Community