කලින් article එකේ කිව්වා වගේම මේ දෙක තුනේ ලියන්න යන්නේ මේ ගෙවුණු අවුරුදු හතර ගැන.මතක සාගරයක් කියන මේ අවුරුදු හතර ගැන පොඩ්ඩක් ලියන්න හිතුනේ ඒ මතක නැවතත් ආවර්ජනය කරගන්න ආස නිසාමයි. ඉතින් ගොඩක් කැම්පස් වල වගේම අපේ එකෙත් එක එක ගැටි තිබුණා.ඉතින් කොහොමත් ඇතුලට එන්නත් කලින් කට්ටිය whatsap groups එහෙම හදාගෙන ඉන්න නිසා ගාල්ලෙනුත් වෙනම group එකක් හදලා තිබුණා.ඒ වගේම වැඩිම පිරිසක් IET එකට ඇවිල්ල තිබුනෙත් ගාල්ලෙන්.ඉතින් මුල් අවුරුද්දේ field භේදයක් නැතුව හැමෝම හොඳින් සම්බන්ධකම් පවත්වාගෙන ගියත්, පහු පහු වෙනකොට එක එක ෆීල්ඩ් වලට බෙදෙන වැඩත් එක්ක කට්ටිය ටිකෙන් ටික දුරස් වුණා.ඉතින් ඒ විදිහට අන්තිමට civil field එකේ උන් ටික විතරක් ඉතුරු වුණේ අපිටත් නොදැනිම අනිත් උන් ටිකෙන් ටික දුරස් වෙමින්.
ඉතින් මේ තමයි අන්තිමට ඉතුරු උනු ගාලු ගැට්ටෙ පුරුක් ටික.මෙතනත් තව දෙතුන් දෙනෙක් අඩුයි.මම වැඩිය ෆොටෝ ගහන්න කැමති කෙනෙක් නෙවෙයි, ඒ නිසාම ගොඩක් වෙලාවට ෆොටෝ එකක් හොයාගන්න ගොඩක් අමාරුයි.කාලයෙන් කාලයට අපේ යාලුවෝ වෙනස් වෙනවා.ඒක එක එක කාලයට අනුරූපව සිදුවන දෙයක්.අපිට පාසල් කාලෙ හිටපු යාළුවො පාසලෙන් ඉවත් වුණාම ගොඩක් වෙලාවට අපි දුරස් වෙනවා.පස්සේ උසස් අධ්‍යාපනයට ගියාම එහෙදි අපිට හම්බෙන යාළුවොන්ට මූලික තැනක් හම්බෙන අතර පාසලේ යාළුවන් ටිකෙන් ටික අපෙන් දුරස් වෙලා යනවා.ඒක හැමතැනම සාමාන්‍ය දෙයක්.සමහරවිට අපි රස්සාවට ගියාම අර හම්බුන යාළුවො අපෙන් ඒ වගේම දුරස්වෙලා යනවා.ඊට පස්සේ අපිට ඉන්නේ වෙනම යාළුවෝ ටිකක් රැකියාව කරන තැන.යාළුවෝ තුරස් වුණාට ඔවුන් එක්ක රැස් කරපු මතකයන් කවදාවත් නැති වෙන්නේ නැහැ.ඒ වගේම යාළුවො දුරස් උනාට යාළුකම කවදාවත් දුරස් වෙන්නෙ නැහැ.ඒක හැමදාමත් ඒ වගේමයි.මම සාමාන්‍යයෙන් ගොඩක් යාළුවෝ ආශ්‍රය කරන කෙනෙක්.ඒ වගේම ඔවුන්ගේ මතක ඔවුන් එක්ක ගෙවන ජීවිතය හැමදාමත් එක වගේම නිදහස් සහ විනෝදයි.
This post has been upvoted by @italygame witness curation trail
If you like our work and want to support us, please consider to approve our witness
Come and visit Italy Community
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Hi @damindu,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.
Come and visit Italy Community
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit