ළමයින්ට දුශ්ටකම් කරන්න එපා

in hive-133716 •  9 months ago 

1635467982-hero-images.jpg
source
ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා.අද ලියන්න යන්නෙත් අපේ ජීවිත හා සම්බන්ධ වැදගත් කියලා හිතුන කතාවක්.සමහර වෙලාවට මේක කියවන ඔයත් පොඩි කාලෙ විවිධ මිනිස්සුන්ගේන් මානසික පීඩාවන්වලට ලක්වෙලා ඇති.සමහරවිට ඔබව කොන් කරන්න ඇති,අනිත් අය ඉස්සරහ ලැජ්ජාවට පත් කරන්න ඇති,අනිත් අයට ලැබෙන ආදරය ඔබට නොලැබෙන්න ඇති, මේ ඒවගෙන් කීපයක් පමණයි.ඉතින් ඔවුන් ඒක වැඩිය ගණන් ගන්නේ නැහැ මොකද ඔයා පොඩි නිසා, ඕව ලොකු වෙද්දි මතක හිටින්නේ නෑ කියලා ඔවුන් ඒක එච්චර ලොකුවට ගණන් ගන්නේ නෑ.ඇත්තටම ඒක එහෙමද? ඒ කිසි දෙයක් ඔයා ලොකු ඇති ඔයාට මතක තිබුණේ නැද්ද?

ඇත්තටම එහෙම නැහැ.මෙහෙමයි. සමහර සිද්දි කාලයත් එක්ක අමතක උනත් ,හිතට කාවදුණු ගොඩක් සිද්දි එහෙම අමතක වෙන්නේ නෑ.ඇත්තටම මේකට උදාහරණ මගේ ජීවිතේ නම් තියෙනවා.මම ප්‍රාථමික පන්තිවල ඉද්දි ,පන්තිභාර ගුරුවරයාගේ අමතර පන්ති වලට සහභාගී නොවීම නිසා , ඇය කරපු වෙනස්කම් මගේ හිතේ තාමත් තියෙනවා.ඉතින් කාලයත් එක්ක එහෙම ලේසියෙන් හිතට වැදුනු දේවල් අමතක වෙන්නේ නැහැ.මුහුනු පොතෙත් මේකට ගැලපෙන ලස්සන් කතාවක් මට කියවන්න ලැබුන. ඔයාලත් ඒක කියෙව්වනම් හොදයි කියල මට හිතුන.ඉතින් කියවල ඔයාලත් තීරණය කරන්න මේක කොච්චරක් දුරට ඇත්තද කියලා.


පොඩි කාලෙ මට ඇදුම් තිබුනෙ නෑ - අපි නැති බැරි පවුලක් නොවුනත් අපේ තාත්තල අපිට වියදම් කරේ ම නෑ - ඉතින් හිගපාඩු එමටයි -

ශිෂ්‍යත්වෙන් කොළඹ ආව ම අඩු පාඩු ඩබල් - ගමනක් යන්න අදින්න තිබුනෙත් සුදු ඇදුම් - පාට ඇදුමක් අදින්න මාර ආසයි -

මං හිටියෙ මාමලගෙ ගෙදර - එහේ ඉදන් වැඩට යන අයිය කෙනෙක් හිටිය - බැංකුවක වැඩ කරන - දවසක් මං ආසාවට මෑන්ගෙ ටී ෂර්ට් එකක් ඇදන් පංති ගියා - එතකොට මං නමයෙ - දවසක් කීපෙකට පස්සෙ මාමලගෙ කඩේ වැඩ කරන කොල්ලෙක් මට කියනවා “ මහත්තය අරයගේ ඇදුම් අදින්න එපා - අපිත් එක්ක මහත්තයට හොදටම බැන්නා එයාගෙ ඇදුම් අදිනවා කියලා--

එච්චරයි -

ඊට පස්සෙ මං උගෙ ඇදුමක් දිහා බැලුවෙවත් නෑ -
ඕලෙවල් මට්ටමට එනකොට යාඵවො - යාඵවො හුවමාරු කරන් ඇදුම් අදින්න පටන් ගත්තට පස්සෙ සහ අපේ අයියා රස්සාවකට යෑමත් එක්ක ඇදුම් ප්‍රශ්නෙ යම්කිසි මට්ටමකට විසදුනා -

මං පළවෙනි රස්සාවට ගියාට පස්සෙ පඩියෙන් වැඩිපුරම කලේ ඇදුම් ගන්න එක - ඇතිවෙන්න ඇන්දා - තනිකරම බ්‍රෑන්ඩඩ් - කොච්චර ඇන්දද කිව්වොත් අද වෙද්දි ඇදුම් ඇරියස් එකක් නැති තරම් -දැන් මට එක ඩෙනිමක් ටී ෂර්ට් දෙක තුනක් තිබ්බම ඇති --

කතාව ඒක නෙමෙයි - පොඩි අයට අමතක වෙනව කියල හිතන් උන්ට කෙනෙහිලිකම් කරන්න එපා - උන්ට හොදට මතක හිටිනවා - නිකං නෙමෙයි හදවත පත්ලෙම මතක හිටිනවා -

එදා මං හිටපු වයසෙ ඥාති පුත්තු දැන් මං ඇදන් ඉන්න ටීෂර්ට් එකක් දැකල “ ඒක ලස්සනයි මාමෙ - මටනම් ඒක මරුවට සෙට් වෙනවා “ කිව්වම මං “ කෝ ඔයා ගෙදරට අදින ටී ෂර්ට් එකක් දෙන්න “ කියල මං ඇදන් ඉන්න ටී ෂර්ට් එක ගලවල උෘට දෙනවා - ඒ විතරක් නෙමෙයි ඒ ජාතියේ ඇදුමක් දෙකක් පස්සෙ අරන් දෙනවා -

ඒ පොඩි කාලෙ මට දැනුනු කම්පනය මතක් වෙලා --

ළමයින්ට දුෂ්ඨකම් කරන්න එපා - උන් ඉක්මනට ලොකු වෙනවා --

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!