නිවාඩු ඉවරයි

in hive-133716 •  2 years ago 

IMG-20230217-WA0096.jpg

IMG-20230217-WA0082.jpg

ඉතින් නිදහසේ හිටපු දවස් ටික නොදැනිම ගෙවිල ගියා. අයිත් සදුදා පටන් ගන්න නිසා හෙට බෝඩිමට යන්න වෙනව. වෙනද නිවාඩුවක් හම්බුනාම හතර වටේ රවුම් ගගහ , ට්‍රිප් දෙක තුනක් ගිහින් ගතකරාට මේ නිවාඩුව එහෙම කරන්න උනේ නෑ. ප්‍රදානම හේතුව ඉතින් අනිත් හැමෝටම වගේ සල්ලි තමයි. ඒක නිසා වැඩිපුර වෙලාවක් ගතකරේ ගෙදරම තමයි. ඒකත් වෙලාවකට කම්මැලි හිතුනට පොඩි සතුටකුත් තිබුන අම්මට හරි උදව්වක් නිසා නැත්නම් කඩේ වැඩයි ගෙදර වැඩයි ඔක්කොම එයාට තනියමනෙ කරන්න වෙන්නෙ. කොහොමහරි බදුල්ලෙ ඉන්න යාලුවො ටිකක් ගාලු ආපු නිසා ඇවිදින්න යමු කියල කතාවුනා. කට්ටිය සිරීපාදෙ , කතරගම , අනුරාධපුරේ ට්‍රිප් ගියපුව බල බල හිටපු මටත් ඉතින් කොහේහරි යන්න උවමනාව නොතිබ්බම නෙවෙයි. කොහොමහරි එකපාරක් රූමස්සල ගියත් ගාල්ලෙ යන්න ලස්සන මුහුදු වෙරලකට තියෙන්නෙ උණවටුනෙ නිසා උන් ටිකත් එක්ක ටිකක් දවල් වෙන්න ගියේ මුහුදු වෙරලෙ ඉදන් ඉර බහින එකත් බලන්න තිබ්බ ආසාව හින්ද. කොහොමහරි ඒ ආසාවත් ඉශ්ට කරගන්න අපිට පුලුවන් උනා.

IMG-20230217-WA0113.jpg

IMG-20230217-WA0097.jpg

කොහොමහරි ගාලු කොටුව ලස්සනම රෑට නිසා කට්ටියත් එක්ක ගාලු කොටුව බලන්න ගියා. ඇත්තටම මාර ලස්සනයි. කට්ටිය ගිහින් නැත්නම් දවල් වරුවක නොයා රෑකම යන්න ලස්සන බලන්න. කඩවල් වල ලයිට් එලි වලට අමුතුම ලස්සනක් තියෙන්නෙ. ඒක දවල්ට ගියාට බලාගන්න බෑ. ඉතින් හැම අස්ස මුල්ලකම ඇවිදල ඒකෙ සුන්දරත්වය විදින්න අපිට පුලුවන් උනා. ඉතින් ලොකු වියදමක් යන්නෙත් නෑ පොඩි බඩගින්නක් ආවොත් ආමි කඩෙන් , මේ කාලෙ හැටියට අඩු ගානකට මොනවහරි කාල juice එකක් බොන්නත් පුලුවන්. ඔය විදියට තමයි නිවාඩුවෙ අන්තිම හරිය ගෙවුනෙ.

IMG-20230217-WA0100.jpg

IMG-20230217-WA0088.jpg

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Galle fort eka lassanama night time ekata thamai street lights n decorations nisa.

ඔව්ව් 😍😍

Galle fort වල රෑ ඕනෙම වෙලාවක ඇවිදින්න යන්න පුලුවන්ද?
හරිම ලස්සනයි.❤

පුලුව්න් පුලුවන් 😍