කවියන් කැවුත්තම පාරන්නේ මන්ද...

in hive-133716 •  2 years ago 

gifts-for-brothers-today-main-190524.jpg

ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනවා. අද ලියන්න යන්නෙ වෙනස් මාතෘකාවක් ගැන. මං මේක ගැන ලියන්න හිතුවෙත් අහම්බෙබ් ඇහුනු කවියකට පස්සෙ. කවියෙ කියවෙන්නෙ සහෝදර ප්‍රේමය ගැන . අපිට දෙයක වටිනාකම වැඩිපුර දැනෙන්නෙ ඒ දේ අපෙන් ඈත් වුනාම.සහෝදර ප්‍රේමයනම් අපිට ගොඩක් දැනෙන්නෙ අපි කරදරයක වැටුන වෙලාවක.මටත් අයිය කෙනෙක් ඉන්න නිසා මං පෞද්ගලිකව ඒක අත්විදල තියෙනව.ගෙදර කොයිතරම් මරාගත්තත් , කතා නොකර තරහ වෙලා හිටියත් මොකක් හරි ප්‍රශ්නෙකදි ඔහු මගේ පැත්තෙ හිටගන්නෙ කොන්දේසි රහිතවය්. කොච්චර තරහ වෙලා හිටියත් ගොඩක් දේවල් මට හම්බුනෙත් ගොඩක් දේවල් ඉගෙනගත්තෙත් එයාගෙන් කියන එක වෙනස් වෙන්නෙ නෑ. මං හිතනව ගොඩක් අයට ඒක පොදුයි කියල. ගොඩක් දේවල් බෙදාගත්තෙ නැති උනත් දෙන්නගෙම රහස් දෙන්න අතරෙ තියාගන්නත් සහෝදරයන්ට වෙනව. ඒක අයියටයි මල්ලිටයිනම් ගොඩක් විශේශයි. සමහර ගෙදර ප්‍රශ්න වලදි මල්ලි අයියව බේරනව වගේම සමහර ප්‍රශ්න වලදි අයිය මල්ලි වත් බේරනව.අපේ ගෙදරනම් ගොඩක් වෙන්නෙ මුල් එක තමයි ඉතින්. සමහර වෙලාවල් වලදි අත පුරවල කනේ පාරවල් කාපු අවස්තාත් නැතුවම නෙවෙයි මං කරපු මෝඩ වැඩ වලදි . ඒත් ඒ වෙලාවට තරහක් තිබ්බත් ගොඩක් තැන්වල නොපෙන්වන ආදරයක් හැන්ගිලා තියෙනව.
ලස්සන කවියක් තියෙනව අයිය ගැන ඒකත් මේක එක්කම දැම්මනම් හොදයි කියල හිතුව.

ඔබ කැටුව මෙහි පැමිනි වාර මා අපමණය
පීනන්න මට ඉගැන්නුවෙ අයියේ ඔබය
දිය නාන මන්කඩින් වතුර යට ගිලෙන ඔබ
කොතනකින් මතුවේද කියා බලමින් සිටිත
මවිත කොට මා දෑස ඔබේ හිස මතුව එයි
මද වෙලාවකට පසු මා නොදුටු පෙදෙසකින්
මා පුදුමවෙනු බලා ඔබ සිනාසෙයි එවිට

පැය ගනන් මතුව ඇති නමුත් තව අයියාද
ඔබේ හිස මතුවු තැන තවම නොපෙනුනි මහට
අම්ම හා තාත්තා බාල මල්ලී කැටුව
ගමෙන් හරි අඩක් වූ පමන සෙනග මෙහි
රැස්ව නෙත් කිමිදුවෙති සාන්ත වූ වැව් දියෙහි
ඔබෙ විකුම් බලන්නට මෙවන් පිරිසක් කලින්
වෑකන්ද වෙතට ආ දිනක් මට මතක නැත
අයියෙ එබැවින් යුහුව මවිත කොට අප සැවොම
දියෙන් හිස නගා සුපුරුදු විකුම මවනු මැන

මේක ගොඩක් හිතට දැනුණ කවියක්. ඒ වගේම කවියා හදවත තදින් පසාරු කරන්නත් මේ කවිය තුලිම් සමත් වෙලා තියෙනව. මං හිතනව අයිය කෙනෙක් හිටියත් නැතත් ඒක ඔයාලගෙ හිතටත් තදින් දැනෙන්න ඇති කියල.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

අනේ🥺
දරාගන්න අමාරුම කවියක් ඒක

ඔව් අක්කෙ සැහෙන්න 🥺

ada duka hithena kavi dekakma kiyewwa 🥺

Kiyawala thiyena mathakama hitapu kawiyak meka. kohen kiyewwada kiyala nam mathaka na

ම්ම්ම් ලස්සන කවියක් මොකක් උනත් 🙈🤩