නායකත්ව ඉනිමක්

in hive-133716 •  8 days ago 

1000155775.jpg
source

ඉතින් ඕස්ට්‍රේලියා කණ්ඩායම සමග මේ දවස්වල පැවැත්වෙන තරගාවලිය ගැන ලියන්න හිතුවා.කාලෙකට පස්සේ තමයි ක්‍රිකට් තරගයක් ගැන ලියන්නේ.කොහොම හරි ඕස්ට්‍රේලියා කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙන්න හිටියේ ටෙස්ට් තරග දෙකකට පමණයි.පසුව එයට එක්දින තරඟ දෙක්කුත් එකතු වුණා. ටෙස්ට් තරග දෙකේදි ශ්‍රී ලංකා පිතිකරන බලඇණියේ තිබුණු දුර්වලතා නිසාම තරග දෙකම පරාජයට ලක් වුණේ ශ්‍රී ලංකාවට වාසිම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදීයි.ඉතින් ඒ පරාජයත් සමඟ ඊළඟට එක් දින තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම එක් වුනේ චරිත් අසලංකගේ නායකත්වයත් සමඟයි.දුනිත් වෙල්ලාලගේ සහ එෂාන් මාලිංගද එක් වුණු පළවෙනි තරඟයට නිරන්තරයෙන් ප්‍රශ්නාර්ථයක් වෙන අවිශ්ක ප්‍රනාන්දුද ඇතුලත් වුනා.

කාසියේ වාසිය ජයගත් චරිත් අසලංක ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේ වැඩිි වාසි ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගැනීමේ අරමුණින්.නමුත් නායකයාගේ අරමුණු සියල්ල සුනු විසුණු කර ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරන බලඇණිය ලකුනු 55දී කඩුලු පහක් ලෙස ලකුණු පූව්රුවේ සඳහන් වුණා.නිරන්තරයෙන් අසාර්ථක වෙන අවිශ්ක ප්‍රනාන්දු මෙම තරඟයේදී සුපුරුදු ලෙස අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යද්දී කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංකට වගේම කමිදු මෙන්ඩිස්ටත් සාර්ථක වීමට ඉඩ ලැබුනේ නෑ. කෙසේ හෝ එක පැත්තක් බේරාගත් චරිත් අසලංක නායකත්ව ඉනිමක් ක්‍රීඩා කරමින් තම ක්‍රිකට් දිවියේ හොඳම ඉනිම වාර්තා කළේ ලකුණු 127ක් ලබාගනිමින්. අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සියලු කඩුළු දැවී ලකුණු 214 ලබාගැනීමට සමත් වුනා. ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රහණ බලාපොරොත්තු සියල්ල සුනු විසුණු කිරීමට අසිත ප්‍රනාන්දු , මහීශ් තීක්ෂණ සහ වෙල්ලාලගේ සමත් වුණේ ඕස්ට්‍රේලියානු ඉනිම ලකුනු 165ට සීමා කරමින්. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරඟයෙන් ලකුණු 49ක විශිෂ්ට ජයක් ලබාගත්තා.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Hi, I invite you to join the new and exciting contest organized for the 2025 Champions Trophy. Here's the introduction post, 🏏 Calling All Cricket Fans! | ICC Champions Trophy Fantasy Contest - Play, Predict & Win (150+ Steem)!.

The first contest will start 12-24 hours before starting of the match on the 19th of February, 2025.

image.png

Surely I will 🤩🤩🤩