හිතට කාවැදුණු විදෙස් කණ්ඩායම-2

in hive-133716 •  12 days ago 

1000126972.jpg
source

ඉති මේ දවස් ටිකේ ලියන article කීපයම වගේ ගොඩක් තුළට ක්‍රිකට් හා සම්බන්ධ ඒවා වේවි.මොකද මම ලියන්න හිතාගෙන හිටපු ගොඩක් article ක්‍රිකට් හා සම්බන්ධයි.ඒ නිසාම මේ ටික ලියල ඉවර කරලම අලුත් මාතෘකාවක් ගැන ලියන්න හිතුවා.කොහොමහරි අද ලියන්න යන්නේ කලින් article එකේම අනිත් කොටස ගැන.මොකද මම කලින් එකෙත් කිව්වා විදෙස් කණ්ඩායම් දෙකකට මං ගොඩක් ආසයි කියලා.ඒකෙන් දකුණු අප්‍රිකාව ගැන විස්තර කලත් අනිත් කණ්ඩායම ගැන මට විස්තර කරන්න බැරි වුණා.ඉතින් මම කැමති අනිත් කණ්ඩායම තමයි නවසීලන්තය.නවසීලන්තයට කැමති වෙන්න එක් ප්‍රධාන ක්‍රීඩකයෙක් හේතු වුණා.ඒ තමයි බ්‍රෙන්ඩන් මැකලම්.

මම ඔහුට කොච්චර ආස්ද කියනවනම් ඔහුගේ බැටින් ස්ටයිල් එකට ඔහුටම ආවේණික වුණ ෂොට් කීපයකට මං පිස්සුවෙන් වගේ කැමැති කාලයක්තිබුණා.ඇත්තටම තාමත් ඒ කැමැත්තෙ ලොකු වෙනසක් නෑ.කොහොම හරි ඔහු විතරක් නෙවෙයි මාටින් ගප්ටිල්,ෂේන් බොන්ඩ් සහ ඩැනියල් විටෝරි නවසීලන්තයට තියෙන කැමැත්ත තව තවත් වැඩි කළා.අද වෙනකොටත් ඒ ආසාවෙ වෙනසක් නැත්තේ.මම ගොඩක් කැමති නිහතමානී ක්‍රීඩකයන් කීපයක්ම නවසීලන්ත කණ්ඩායමේ ක්‍රීඩා කරන නිසා.ඒ අතරින් කේන් විලියම්සන් ප්‍රධානයි.ඒ වගේම විශිෂ්ට වේගපන්දු බලඇණියක් නවසීලන්තය සතු වෙනවා.Trent Boult , Tim Southee කියන පන්දු යවන්නන් ඉන්නෙ වෙනම ලෙවල් එකක.දඟපන්දුවෙන් Ajaz Patel, Satner එහෙමත් විශිෂ්ට දස්කම් මේ දවස්වල පෙන්නමින් ඉන්නවා.ඉතින් මේ රටවල් මේ ක්‍රීඩකයින් ක්‍රිකට් ක්‍රීඩාවට තියෙන ආසාව තව තවත් වැඩි කරනවා.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!