අසාර්ථක නවසීලන්ත තරග සංචාරය

in hive-133716 •  7 days ago 

1000141688.jpg
source

ඉතින් යාළුවනේ කාලෙකින් මැච් එකක් ගැන ලිව්වෙත් නැති නිසා මට හිතුන නවසීලන්ත තරග සංචාරය ගැන ලියන්න.මේ තරඟ සංචාරය ගැන මම ලිව්වේ එක article එකයි මතක විදිහට.ඒකත් විස්සයි විස්ස තරගාවලිය ආරම්භයේදී.කොහොමින් කොහොමහරි විස්සයි විස්ස තරගාවලිය අපි පරාජයට පත් වුණේ අසාර්ථක වූ මැද පෙල පිතිකරණය නිසා.මොකද පළමු තරඟය ඉතා පහසුවෙන් ජයග්‍රහණය කිරීමට අපිට අවස්ථාව තිබුණත් ඒ අවස්ථාව මගහැරී ගියා.ඒ අනුව ඒ ජයග්‍රාහී මානසිකත්වයත් සමඟ සමග නවසීලන්ත කණ්ඩායම දෙවන තරගය ජයගත් අතර තෙවන තරගයේදී කුසල් ජනිත් පෙරේරාගේ වාර්තා ගත ශතකයත් සමඟ දියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.කෙසේ හෝ විස්සයි විස්ස තරගාවලිය 2-1 ලෙස නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණයකින් අවසන් කලා.

ඊට පස්සේ නවසීලන්ත කණ්ඩායම සමග ආරම්භ වූ එක්දින තරගාවලියේදී නම් නවසීලන්ත කණ්ඩායමට අභියෝගයක් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වූයේ නැහැ.පළමු තරඟ දෙකේදීම මුල් පෙළ ක්‍රීඩකයන් අසාර්ථක වුනේ ලකුණු 50 ලබා ගැනීමටත් පෙර කඩුලු හතරක් දැවී යාම නිසා.කෙසේ හෝ තරගාවලිය පුරා සාර්ථක වූ ක්‍රීඩකයා බවට පත්වුණේ ජනිත් ලියනගේ පමණයි.කලින් තරගාවලිය සේම අවසන් තරගයේදී දක්‍ෂතා අතරට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 140 ක දැවැන්ත ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් වුණා.එහිදී ජනිත ලියනගේ, කුසල් මෙන්ඩිස් හා පැතුම් නිස්සංක අර්ධ ශතක ලබා ගැනීමටද සමත් වුනා.ඒ අනුව එක්දින තරගාවලියද අවසන් උනේ තරගාවලිය 2-1 ලෙස නවසීලන්ත කණ්ඩායම ජය ගනිමින්.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!