Ready To Finale

in hive-133716 •  12 hours ago 

1000161624.jpg
source

ඉතින් සති දෙකකට ආසන්න කාලයක් පැවති ශූරයන්ගේ ලෝක කුසලානයත් නිමාව සනිටුවන් වෙන්න තව තියෙන්නේ ටික දවසයි.මෙවර පළමු වතාවට ශ්‍රී ලංකා කණ්ඩායමට ශූරයන්ගේ ලෝක කුසලානයට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණේ නැහැ.මොකද ශූරයන්ගේ ලෝක කුසලානයට කණ්ඩායම් තෝරා ගැනීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමු 8 අතරේ නොසිටීම නිසා.කෙසේ හෝ තරගකාරී මුහුණුවරක් පැවැති තරගාවලියේදී අවසන් පූර්ව වටයට ඉන්දියාව, නවසීලන්තය ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව තේරී පත්වුණේ තරගාවලියේ තරගකාරී බව තව තවත් වැඩිකරමින්.ප්‍රබල එංගලන්ත කණ්ඩායම අවසන් පූර්ව වටයට ඇතුළත් වේ යැයි ගොඩක් ක්‍රිකට් විචාරකයින් මත පල කලත් ඔවුන්ට තරගාවලිය පුරා සාර්ථක වීමට ඉඩ ලැබුණේ නැහැ.මොකද ඔවුන්ගේ ප්‍රබල ක්‍රීඩකයන් පවා දක්ෂතා අතර නොසිටීම ඊට මනාසේ බලපෑවා.

1000161626.jpg
source

ඒ අනුව මෙම තරගාවලියට තමන්ගේ පලපුරුදු පන්දු යවන්නන් සහ පිතිකරුවන් නොමැතිව පැමිණි ඕස්ට්‍රේලියා කණ්ඩායමත් කෙසේ වූ අවසන් පූර්ව වටේ තමන්ගේ ස්ථානය තහවුරු කර ගත්තේ ක්‍රිකට් ලෝකයේ ඔවුන්ගේ ස්ථානය හැමෝටම පෙන්වා දෙමින්.මෙවර කාගේත් කතා බහට ලක්වූ ඉන්දියා කණ්ඩායම ඉතා සැප පහසු ලෙස අබුඩාබි වල එකම ක්‍රීඩාංගනයේ තමන්ට හිමි තරග ක්‍රීඩා කළේ අනිත් රටවල් වල්ට දැඩි පීඩාවක් ගෙන දෙමින්.මොකද ඉන්දියා කණ්ඩායම අතර පැවැත්වෙන තරග ක්‍රීඩා කිරීමට ඒ ඒ රටවල් වලට අබුඩාබි වලට පැමිණීමටත් අනිත් තරග ක්‍රීඩා කිරීමට පකිස්ථානයට යාමටත් සිදුවුණා.කෙසේ හෝ ඉන්දියා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවති අවසන් පූර්ව තරගයෙන් විශිෂ්ට ජයක් ලබාගත් ඉන්දියා කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ වැඩි වාසි ඔවුන් වටා අත්පත් කරගනිමින්.ඒ වගේම දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අතර පැවති දෙවැනි අවසන් පුර්ව තරඟයෙන් විශිෂ්ට ජයක් ලබාගත් ප්‍රබල නවසීලන්ත කණ්ඩායම ඉන්දියා කණ්ඩායම සමග අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ මෙවර ශූරයන්ගේ ලෝක කුසලානයේ හිමිකරුවන් කවුරු වේවිද යන්න ක්‍රිකට් විචාරකයින්ට සිතීමත් අපහසු කරමින්.ඉතින් ඔයාලා හිතන්නේ මොකක්ද කවුරු මෙවර ශූරයන්ගේ ලෝක කුසලානයේ හිමිකරුවන් වේවිද????

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

IMG_0007.jpeg

Cured by @damithudaya