අද ටිකක් වෙනස් මාතෘකාවක් ගැන ලියන්න හිතුව. Road project වල training ඉඳලා පළවෙනි පාරට building project එකක training ආපු මට සයිට් එක ගැන කිසිම දැනීමක් තිබුණේ නැහැ.ඒ වගේම දන්නෙ නැති parts ගොඩක් තිබුණා.හැම දෙයක්ම senior officers ලගෙන් අහලත් දැනගන්න බැහැනේ.ඉතින් මම එනකොටත් HNDE එකේ ට්‍රේනින් ආපු ටික දෙනෙක් හිටියා.ඉතින් බිල්ඩින් structures ගැන ලොකුවට idea එකක් නැතුව ආපු මට සෑහෙන්න දේවල් ඉගෙනගන්න ලොකු උදව්වක් උනා මේ සෙට් එකම. ඉතින් මාස දෙකක් ගෙව්ල ගියේ මාර ඉක්මනට මේ කට්ටියත් එක්ක.කොහොමහරි එකම ට්‍රැක් එකක යාලුවො වෙන වෙන institute වල උනත් එකට ඉන්න සෙට් වෙනව කියන්නෙ ඉතින් ඒක ලොකු වාසනාවක්.
ඉතින් මේ කාලය ඇතුලත් නිදිමරාගෙන කම්බි බදිනකන් හිටපු , රන්ඩු වෙවී වැඩ කරපු , ඇතිවෙන්න හිනාවුනු දවස් සෑහෙන්න තියෙනව. මම එද්දිත් මාස හතරක් ඉවර කරල තිබුනු නිසා දැන් අයින් වෙන්න කාලෙ ඇවිල්ල තමයි තියෙන්නෙ මේ සෙට් එකටම.එකෙක් දෙන්නෙක් නැතුව සෙට් එකම එකපාරට ගියාම ටිකක් දුකකුත් තියෙනව.කොහොමහරි මාස හයට හොද් industrial training එකක් ගන්න කට්ටියටම පුලුවන් වෙච්ච නිසා කට්ටියම සතුටෙන් තමයි ගියත් යන්නෙ.මේ කට්ටිය ගියාට පස්සෙ අලුතෙන් තව කට්ටියක් ඒවි ඒත් ඉතින් මේ කට්ටිය යාලුවොන්ටත් එහා සහෝදර සහෝදරියො වගේ මට්ටමට මාස දෙකක් ඇතුලත ආවෙ හැමවෙලාවෙම කට්ටිය ගැන හොයල බලපු සෙට් එකක් නිසා.ඉතින් මේ මාස දෙක සුන්දර මතකයන් පිරුනු කාලයක් ගෙවන්න මෙයාල ගොඩක් උදව් උනා.