![](https://steemitimages.com/640x0/https://cdn.steemitimages.com/DQmRzmb7fFBTG9FLvdsRQx5KkmbYLwDkk3Fhfw74JopfRnT/Screenshot_20231027_125714.jpg)
ඉතින් මේ තරඟයේ විශේෂත්වය වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල වෙනස්කමක් ඇතිව තරගයට මුහුණදීමට පැමිණීමයි. ඒ angelo mathews නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබීමයි . අත්දැකීම් අතින් බහුල ක්‍රීඩකයෙකු වූ ඇන්ජලෝ මැතිව්ස්ගේ කැඳවීම බොහෝ ක්‍රිකට් රසිකයින්ගේ පැසසුමට ද ලක් වුනා .ඉතින් තරගයේ කාසිය වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.තමන්ගේ කැදවීම සර්ව සාධාරණ තීරණයක් බවට සනාථ කරමින් පන්දුවෙන් එංගලන්ත පිතිකරුවන් මනාව පාලනය කරමින් කඩුලු දෙකක්ද ලබාගැනීමට මැතිව්ස්ට හැකි වුණා.ඒ අනුව ප්‍රබල එංගලන්ත කණ්ඩායම ලකුණු 156ට් සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි වුණා.නැවතත් සුපුරුදු දක්ෂතා අතරට පැමිණි lahiru kumara කඩුලු තුනක්ද, මැතිව් සහ රහයිද පිළිවෙලින් කඩුලු 2 බැගින් ද ලබා ගැනීමට සමත් වුණා.පහසු ඉලක්කයක් හඹා යාමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු දෙක අඩු ලකුණු සංඛ්‍යාව කදී දැවී ගියත් පිටියේ එක්වූ සදීර සහ පැතුම් එංගලන්ත පන්දු යවන්නන් මනාව පාලනය කරමින් , මනා ලකුණු වේගයත් ද රඳවා තබා ගනිමින් ජයග්‍රහණය මංපෙත් එලි කිරීමට සමත් වුණා.ඒ අනුව පන්දුවාර 25 යි පන්දු හතරක් අවසානයේදී එම ඉලක්කය හඹා යමින් ජයග්‍රහණය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.ශ්‍රී ලංකාව මුහුණ දෙන හෙයින් අංග තරගය ඇෆ්ගනිස්තානය ඇෆ්ගනිස්ථානය හමුවේ හෙට ක්‍රීඩා කිරීමට නියමිතයි.