ජයග්‍රාහී ආරම්භය

in hive-133716 •  7 months ago 

IMG_20240114_233927.jpg

ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා.ඉතින් අද කාලෙකට පස්සේ ලියන්න යන්නේ ක්‍රිකට් ගැන . ඔව් ඇත්තටම, පසුගිය ලෝක කුසලාන තරගාවලියේ ලැබූ දරුණු පරාජයන් හමුවේ ශ්‍රී ලංකාවේ ගොඩක් ක්‍රිකට් රසිකයන්ට තරඟ නැරඹීම පවා එපා වෙන තත්ත්වයකට පත්වුණා.ඒකට ක්‍රිකට් පාලක මණ්ඩලය වගේම ක්‍රීඩකයෙනුත් වගකීම ගත යුතුයි කියලා මමනම් පෞද්ගලික හිතනවා. ඉතින් කොහොමහරි 2018,2019,2020 වගේ ලංකාවේ ක්‍රිකට් අඩියටම වැටිල තිබුණු කාලවලත් මැච් හොය හොය බලපු මටනම් මේ තවත් එක පරාජයක් විතරයි. ඉතින් ශ්‍රී ලංකාවට මේ අවුරුද්දේ පළවෙනි තරගාවලිය ලැබුණේ සිම්බාබ්වේ කණ්ඩායම සමගයි.ඉතින් මේ තරගාවලියේ පළමු තරඟය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවුණා. කිසි හෝ පළමු තරගයේදී පිතිකරුවන් තම වගකීම ඉටු කරමින් ලකුණු 276 ක් ලබාගැනීමට සමත් වුණත්, දෙවැනි තරඟයේ ඒ අයුරින් සිදුවූයේ නැහැ.

IMG_20240114_233943.jpg

දෙවැනි තරඟයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 208ට සීමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් සමත් වුණා.නමුත් 208ක පහසු ඉලක්කය එතරම් ලෙහෙසියෙන් හඹා යාමට සිම්බාබ්වේ කණ්ඩායමේ පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නෑ.නමුත් ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගත් ජනිත් ලියනගේ තරගය ජයග්‍රහී නියමුවා බවට පත්වීමට සමත් වුණා.තෙවන සහ තීරණාත්මක අවසන් තරගයේ විශේෂත්වය වුණේ මාස හයකට පසු වනිදු නැවතත් ජාත්‍යන්තර පිටියේ ක්‍රීඩා කිරීමට පැමිණීමයි.ඉතින් ඒ පැමිණීමට සර්ව සාධාරණයක් ඉටුකළ වනිදු හසරංග එක් දින පිටියේ තම හොඳම පන්දු යැවීමද වාර්තා කරමින් ලකුණු 19කදී කඩුලු හතක් ලබා ගැනීමට සමත් වුණා.වනිදුගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ අසරණ වූ සිම්බාබ්වේ කණ්ඩායමේ පිතිකරන බලඇණිය ලකුණු 96ට සීමා කිරීමට හැකිවුණා.ඉතින් ලකුණු 96ක පහසු ඉලක්කය කඩුලු දෙකක් පමණක් දැවී හඹා ගොස් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

FB_IMG_1705109908508.jpg

ඒ අනුව 2024 වසරේ පළමු තරඟය සහ තරගාවලිය ජයග්‍රහණයකින් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවුණා.ඒ වගේම තමයි ඊයේ ආරම්භ වුණු විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟයත් තියුණු තරඟයකින් පසු ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා.ඒ ගැන විස්තර ඊළඟ article එකෙන් ගේන්න බලාපොරොත්තු වෙනවා.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Which tournament is this for? Or is it a "best-of-3" against Zimbabwe?