ආත්ම ගරුත්වය

in hive-133716 •  last year 

Rgstudio-06d2cace266144b2b9f0c13ef8c4242e.jpg
source
ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනව. අද ලියන්න යන්නෙ ටිකක් වෙනස් ඒත් ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන. ඇත්තටම මේක මන් ලියන්න හිටපු අපි හැමෝටම ගොඩක් වටිනව. ගොඩක් වෙලාවට අපිටත් නොදැනිම අපේ ආත්ම ගරුත්වය බල්ලට යන අවස්තා තියෙනව.මටත් වෙලා තියෙනව. පස්සෙ අපිටම තේරෙනව අපේ ආත්ම ගරුත්වය ඒ ඒ අවස්තාවන්වලදී කොච්චර දුරට හානිවෙලා තියෙද කියල. අපි ගොඩක් වෙලාවට අහුවෙන්නෙ ඕනවට වඩා කට්ටියට උදව් කරන්න ගිහිල්ල. පස්සෙ ඒ අයම අපේ ඔලුවට අත හෝදල , අපිව මෝඩය කරල ඔවුන්ගෙ වැඩේ කරගෙන පැත්තකට වෙනව. ඒ වගේ මිනිස්සු එක්ක අතේ දුරින් සම්බන්දකම් පවත්වගන්න එක සෑහෙන්න වටිනව. ඔවුන් එහෙම ඉද්දි මොනව කිව්වත් ඒක ගැන හිතන්නැ තුව අපේ පාඩුවෙ වැඩක් කරගෙන ඉන්න එක අපිටම හොදයි.ඉතින් මිනිස්සු ඔයා ගැන අහංකාරයි, ආඩම්බරයි, උද්දච්චයි කියල හිතුවට,ඔයා ඔයාගෙ ආත්ම ගරුත්වය එක එකා ඉස්සරහ දියවෙන්න දෙන්න එපා, මුලිනම් අපි අපේ ගරුත්වය රැකෙන විදියට වැඩ කරමු.ඉතින් මේ කතාවත් ඒකටම ගැලපෙනව.


ඒ ආත්ම ගරුත්වය !

ඔයාට ආරාධනා නොකල පාටියකට , යන්න එපා ! අඩුම තරමේ එහෙම පාටියක් තිනවද මචන් කියල ඒ අදාල කෙනාගෙන් අහන්නවත් යන්න එපා... මිනිස්සු කියයි "තියෙන උද්දච්චකම" කියල.. නෑ ඒක ආත්ම ගරැත්වය !

ඔයාට නොකියා කට්ටියක් සෙට් වෙලා trip එකක් යන්න plan කරලනම් " අනේ මමත් එන්නද " කියල අහන්න යන්න එපා ! අන්තිම මොහොතේ කට්ටිය අඩු නිසා ඔයාට කතා කලාම පැනගෙන යන්න හදන්නත් එපා... මිනිස්සු කියයි "අපෝ ඒක ගනන්ගන්න දෙයක්ද , පොඩි දෙයක්නෙ" කියල.. නෑ ඒක ආත්ම ගරැත්වය !

කට්ටිය ඉස්සරහ ඔයාව පහත් කරල කතා කරන , ඔයාව විහිළුවකට ගන්න මිනිස්සු එක්ක ඔයාගේ ජීවතේ වැදගත් දේවල් කතාකරන්න එපා ! අඩුම තරමේ ඔයාගේ next move එක නිකන්වත් අගවන්න එපා... මිනිස්සු කියයි " කිසි දෙයක් නොකියන්නෙ තියෙන ආඩම්බරකම " කියල.. නෑ ඒක ආත්ම ගරැත්වය !

බදින්නැත්ද , ලමයි නැත්ද කියල ඔයාගේ personal දේවල් වලින් ඔයාව මානසිකව පහලට ඇදලා දාන මිනිස්සු එක්ක කතාවටවත් යන්න එපා ! අඩුම තරමේ ඒ වගේ මිනිස්සු ඉන්න තැනකින් පේන්නවත් යන්න එපා... මිනිස්සු කියයි "පුදුම අහංකාරකමක්නෙ" කියල.. නෑ ඒක ආත්ම ගරැත්වය !

එයාලගේ වැරදි ඔයාගේ පැත්තට දාන , එයාලගේ වැඩේ කෙරෙනකල් විතරක් ඔයාව වටින මිනිස්සුන්ට මෝඩයෙක් වගේ පන දීගෙන කියන කියන හැම දේම කරල දෙන්න යන්න එපා...මිනිස්සු කියයි "ආහ් දැන් හරි ගිහින් නෙ" කියල.. නෑ ඒක ආත්ම ගරැත්වය !

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!