මේ පාරත් රැවටෙමුද????

in hive-133716 •  4 months ago 

1000087308.jpg
source

ඉතින් යාලුවනේ අද ලියන්න යන්නේ තනිකරම මඩ ගොහොරුවක් ගැන.ඔව් ඒ තමයි රටේ දේශපාලනය.ටිකක් කලින් මේ ගැන මීට වඩා සවිස්තරාත්මකව ලියන්න හිතුනත් ආයෙත් හිතුනා මේ මඩගොහොරුව ගැන ලියන එකේ තේරුමක් නෑ කියලා.ඒකට හේතු විදිහට නම් එකක් නෙමෙයි දහයක් දෙන්න පුළුවන්.ඉතිං ඒ නිසාම කෙටියෙන් හෙට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ගැන ලියන්න හිතුණා.ජනාධිපති ගැන කියූ සැනින්ම හැමෝටම මතක් වෙන්නේ එක නමක් ඒ තමයි ගෝඨාභය රාජපක්ෂ.මොකද ශ්‍රී ලංකාවේ බිහි වුණ අසාර්ථකම ජනාධිපති විදිහට ඕන කෙනෙක් නම් කරන්නේ ඔහු.ඒකට හේතු ඇතිවෙන්නත් තියෙනවානේ.මිනිස්සු බලාපොරොත්තු ගොඩක් හිතේ තියාගෙන එසේ මෙසේ ගානක් නෙවෙයි ඡන්ද ලක්ෂ 69ක් ලබාගෙන ජනාධිපති ධූරය ලබාගත් ගෝඨාභය රාජපක්ශ ගත් සමහර තීරණ කොතරම් බොලදද කියලා ඕන කෙනෙක්ට තේරෙනවා.කොහොමහරි ඒ නිසාම කොවිඩ් වසංගතයත් එක්ක ටිකක් පහු වෙලා එන්න තිබුණු ආර්ථික අර්බුධයත් කලින් ආපු නිසා මිනිස්සු අරගලයකට පෙළඹුණේ අවසානයේදී අසාර්ථක ජනාධිපතිත් ධුරයෙන් ඉවත් වීමට කටයුතු සලසවමින්.

ඉතින් ඊට පස්සේ ජනාධිපති ධූරයට ආපු රනිල් වික්‍රමසිංහ වැටිලා තිබ්බ තත්ත්වයෙන් ශ්‍රී ලංකාව පොඩ්ඩක් උඩට අරගෙන මිනිස්සුන්ට පොඩි සහනයක් ලබා දුන්නත් ඒක එහෙමයි කියලා ප්‍රශංසා කරන්න තරම් දෙයක් නෙවෙයි.ඒකට හේතු තියෙනවා.මොකද රට මේ තත්ත්වයට වැටෙන්න ඔහුත් ප්‍රධාන සාධකයක්.හේතුව 2015-2019 කාලවකවානුව තුළ අගමැති විදිහට ක්‍රියා කරේ රනිල් වික්‍රමසිංහ ඒ කාලය ඇතුළතදී, ඔහු සතුව සැලකිය යුතු බලයකුත් තිබුණේ විධායක බලතල වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ව්‍යවස්ථාදායකට ලබා දී තිබු නිසා.දැන් මිනිස්සුන්ට ගෑස් ,පෙට්‍රල් තියෙන නිසා, පෝලිම්වල ඉන්න ඕනේ නැති නිසා, සතුටෙන් හිටියත් ඇත්තටම අපි එහෙම ඉන්න ඕනද? මොකද අපි මෙච්චර කල් අපි ඒව ගත්තේ ණයටද? ඒ වගේම අපි ගන්න හැම දේකටම රජයෙන් බදු අයකරල තියෙන්නෙ.ඉතින් ඔවුන් අපිට ඒව අනිවාර්යෙන් දෙන්න ඕන. ඉතින් ඒ හින්දා ඒවා අපිට ලබා දුන්නා කියලා ඔවුන්ව අගය කරන්න අවශ්‍ය නැහැ, අනික මිනිස්සුන්ට අමතක වෙලා තියෙනවා අපි IMF ලබා ගත්ත ණය තාම ගෙවන්න පටන් ගත්තෙ නෑ කියලත්.ඉතින් මෙවර ජනාධිපති ධූරයට විශාල පිරිසක් ඇය්දුම් කර තියෙනවා.ඒ අතරින් ප්‍රධාන වශයෙන් සජිත් ,රනිල්, අනුර කියන තුන්දෙනා අතර තමයි තරඟය තියෙන්නේ.කවුරුවාවත් ඔවුන්ට ලබාගන්න තියෙන්නේ රෝස මල් යහනාවක් නෙවෙයි.තනිකරම කටු අත්තක්.ගන්න කෙනාට රට ආර්ථික වශයෙන් ගොඩගන්න ටික කාලයක් ගතවෙනවා වගේම, ඔවුන්ට රට ගොඩ ගන්න අතිශය උවමනාවක් තිබුණත් ,අපිට ටික කාලයක් බලා ඉඳීම අනිවාර්ය වෙනවා මේ තියෙන තත්ත්වයත් එක්ක.ඉතින් ඔයාගේ අදහස කවුරු නව ජනාධිපති විදිහට පත්වෙයි ද? 21න් පස්සෙ අපි හැමෝම සහෝදර සහෝදරියො වේවිද😜

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

This post has been upvoted by @italygame witness curation trail


If you like our work and want to support us, please consider to approve our witness




CLICK HERE 👇

Come and visit Italy Community



Hi @damindu,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.

Come and visit Italy Community

සහෝදර සහෝදරියො una neda 🥰🥰

ඔව් ඔව් 😌❤️