ම්ම්ම් මේ දවස් ටික ඉතින් පුලුවන් තරම් නිදහසේ ගෙවන දවස්. වැඩිපුරම දවස ගෙවෙන්නෙ ගෙදරට වෙලා උනත් මං ඒකට ආසයි. කඩේට වෙලා ඒකෙ වැඩ කරන්නයි අම්ම එක්ක කයියක් ගහන් ඉන්න එකයි ඉතින් අනිත් ඒවට වඩා මට ලොකු නිදහස්ක් දැනෙන දේවල්. ඉතින් මේ දවස් ටික ඒව් එක්කම ගෙවෙනව. යාලුවො ටික ලගදි ඉදන් කොහේහරි යන්න කතාකරන් හිටියත් දවසින් දවස කල් ගියාට වැඩේ සිද්ද වුනේ නෑ.එක්කො ආයිත් හදිසියෙම බෝඩිමට යන්න වෙනව නැත්නම් මොකක් හරි හදිසි වැඩක් වැටෙනව. කොහොමහරි හදිසියේම රූමස්සල යන්න කට්ටියත් එක්ක දාගත්තා. හදිසියේම දාගත්ත නිසාද මන්ද වැඩේ හරිගියා.
ඉතින් කොහොමහරි උදේ දහයවෙද්දි කට්ටියම ගාල්ලට සෙට් වෙන්න තමයි ගියේ.බයික් නැති නිසා බස් එකේ යන්න තමයි සිද්ද වුනේ. කොහොමහරි රූමස්සලට යන්න හැරෙන පාරෙ ඉදලත් ටික දුරක් පයින් යන්න වෙන හින්ද පොඩ්ඩක් කියව කියව තමයි කට්ටිය ගියේ😂. කොහොමහරි කොල්ලො දෙන්නෙක් බයික් වලින් ආපු නිසා ඒ බයික් දෙකේ මාරුවෙන් මාරුවට කට්ටිය ගිහින් දාන්න උන් දෙන්නට සිද්ද වුනා.උන් දෙන්නත් බයික් වලින් ආපු මෝඩ කමක් කිය කිය ගිහින් දැම්ම 😂. ඉතින් කොහොමහරි කට්ටිය එක්ක පන්සලට ගිහිල්ල මුහුදු වෙරලෙත් ටිකක් වෙලා කට්ටිය එක්ක කයියක් ගහන් හිටිය. අදින්න ඇදුම් අරන් ගියේ නැති නිසා මුහුදෙ නාන එක අකමැත්තෙන් උනත් අතාරින්න අපි සෙට් එකට සිද්ද වුනා.
ටිකක් වෙලා ඉදල දෙකට විතර ලග කඩේකින කාල උණවටුනෙම ඉන්න කොල්ලෙක්ගෙ ගෙදර ගිහින් සෙල්ලම් කරල හවස් වරුවත් ගෙවල දැම්ම 😂. දවස් එක විදියටම ගෙවෙන හින්ද පොඩි වෙනසකටත් එක්ක දවස ඒ විදියට ගෙවල දැම්ම. කලින්නම් සෙට් උනාම ඔයිට වඩා විය්දම් කරනව එක එක දේවල් වලට ඒත් දැන් ගණන් දෙගුණයකටත් ව්ඩා වැඩි නිසායි අනිත් වැඩ වලට සල්ලි ඕන නිසායි ගොඩක් දේවල් අකමැත්තෙන් උනත් කැපකරන්න සිද්දවෙනව. ඉතින් කොහොමහරි තවත් දවසක් ඒ විදියට ආසම සෙට් එකත් එක්ක ආසම විදියකට ගත කරන්න පුලුවන් උනා.