ඉන්දු ඕස්‍ට්‍රේලියා සටන

in hive-133716 •  4 days ago 

1000135780.jpg
source

මේ දවස් වල ඉන්දියා ඕස්ට්‍රේලියා ක්‍රිකට් රසිකයින් විතරක් නෙවෙයි මුලු ලෝකෙම ක්‍රිකට් රසිකයින් බලන් ඉන්නෙ ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ගැනයි.මේක ගැන ලොකුවට ආකර්ශනයක් තියෙන්නෙ වෙන මොකුත් හින්ද නෙවෙයි ලෝක ටෙස්ට් කුසලානයෙ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට කණ්ඩායම් දෙකටම මේ තරගාවලිය ප්‍රබල සාධකයක් වෙන නිසා.ඉතින් මේ වෙනකොටත් දකුණු අප්‍රිකා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා අවසන්. කොහොමහරි තරග 5කින් සම්න්විත තරගාවලියේ තරග එකට එකක් ලෙස දෙපිලම සමගෙන එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වෙලා තමයි හතරවන තරගය ආර්ම්භ වෙද්දි තිබුනෙ.

1000135769.jpg
source

ඒ නිසාම මේ තරගය දෙපිලට්ම තීරණාත්මක තරගයක් වුනා. ඉතින් ප්‍රතමයෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාමු කණ්ඩායම පලමු ඉනිමට ලකුනු 474ක් ලබාගැනීමට සමත් වුනා. තම කුලුදුල් තරගයට මුහුණ දුන් 19 හැවරදි සෑම් කොන්ස්ටන් ලකුනු 60ක් ලබාගැනීමට සමත් වුනේ පෙරලිකාර සිද්ධීන් කීපයක්ද මවමින්. පිලිතුරු ඉනිම ලෙස ඉන්දියාව පලමු ඉනිමට ලබා ගැනීමට හැකිවූයේ ලකුනු 369ක් පමණයි. දෙවන ඉනිමට ලකුනු 234 ක් රැස් කරමින් ජයග්‍රහණයට ඉනිදියාවට ලකුනු 339ක ඉලක්කයක් හිමිවුනා. නමුත් ඔවුන්ට ලබාගැනීමට හැකිවූයේ ලකුනු 155 පමණයි.ඒ අනුව ලකුනු 184ක් ජයක් ලබමින් තරගාවලිය 2-1 ක් ලෙස ඉදිරියෙන් ඒමට ඕස්ට්‍රේලියාව සම්ත් වුනා. ඒත් සමග ඉන්දියාවේ ලෝක කුසලානයේ බලාපොරොත්තු තවත් ඈත් වුනා.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!