අරටුවක් වගේ ගැහැනියක් වෙන්න...✊❤️

in hive-133716 •  6 months ago 

pexels-andrew-2682452.jpg
source
ඉතින් කොහොමද හැමෝටම? හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නව නේද?
මුලින්ම කියන්නම්කො මේක ලියන්නෙ අයියනම් නෙවෙයි ඉතින්.
අදත් කතාකරන්න හිතුන ගැහැනිය ගැනම.
මිනිස්සු හිතන විදිය හරි විවිදාකාරයි නේද.
සමහරො කාන්තාවක්ට රැකියාවක් කරන්න තහනම් කරද්දි සමහරු කාන්තාවට රැකියාව කරන්න මාර ශක්තියක් වෙනව.ඉතින් මම කැමතියි ඒ පිලිබදව ඔයාලගෙ මතේ දැනගන්න.
බදින්නත් කලින්ම කාන්තාවට රැකියාවක් කරන්න තහනම් කරන පිරිමි අතරෙ තවත් සමහරු බැන්දයින් පසුව රැකියාවක් නොකර ගෙදර ඉන්න කියල බල කරනව.ඒ අතරම කාන්තාවගෙ කැමැත්තට ඉඩ දීල ඇය රැකියාවක් කරන ගමන් හරි ආඩම්බරෙන් ඒක දිහා බලන් හරි පරිස්සමට ඇයට ශක්තියක් වන පිරිමිත් නැතුවාම නෙවෙයි.

මම හරි කැමතියි ස්ථාවර ගෑනුන්ට
අරටු වගේ හයිය ගෑනුන්ට
හම්බ කරන ගෑනුන්ට,
පවුලේ බර කරට ගන්න ගෑනුන්ට
අම්මා තාත්තට
සැමියට දරුවට හයියක් වෙන ගෑනුන්ට
එහෙම ගෑනු හරි ලස්සනයි

සමහර ගෑනු ඉන්නවා
ඔයා ලෝන් එක බිල් එක ගෙවන්න
මම ගෙදර බැලන්ස් කරගන්නම් කියල හස්බන්ඩ් ට හයියක් වෙන

ඊයේ ඔයා බස් එකට ටිකට් ගත්තනේ
මම අද ගන්නම් කියන

ඔයා ඊයේ කෑමට ගෙවුවනේ
මම අද බිල් එක පේ කරන්නම් කියන

එහෙම කෙල්ලෝ එහෙම ගෑනු ඉන්නවා

උන් කැමති නෑ කොල්ලගෙන් හරි සැමියගෙන් හරි යැපෙන්න

කෙල්ලෙක් උනාම හම්බ කරන්නම ඕන
නැත්නම් හිගන්නට දෙන්න රුපියලක් ඕන උනත් ඒක මිනිහගෙන් තමයි ඉල්ලන්න වෙන්නේ

මම හරි ආසයි
ජොබ් එකක් හරි බිස්නස් එකක් හරි කරල
සල්ලී හොයලා තමන් ආස විදියට ඇදල කරල ආස දේවල් කාලා බීලා
තමන්ගෙම වාහනයක් ඩ්‍රයිව් කරන් යන කෙල්ලන්ට

එහෙම කෙල්ලෝ දැක්කත් හරි සීදේවී
හිත පිරෙනවා

එහෙම කෙල්ලෝ කවදාවත් කොල්ලෙක් හොයන්නේ නෑ තමන්ව මේන්ටේන් කරන්න
උන් කොල්ලෙක් හොයන්නේ ආදරේ කරන්න
ඒ වගේම
ජීවිතේ දිනන්න

එහෙම කෙල්ලෙක් ලැබෙනවා කියන්නේ
ඇත්තටම ඒ කොල්ලගේ පිනක්
ඉතින් මේ තමයි මගේ මතයනම්.

istockphoto-1212744296-612x612.jpg

source
සමහර ගැහැනු හරිම වාසනාවතයි.එයාල ජීවත් වෙන විදිය බලන් ඉන්නත් ලෝබයි. දෙන්නත් එක්ක වැඩ බෙදාගෙන හරි සතුටින් ජීවත් වෙන විදිය,දෙන්නගෙ කැමැත්තට ඉඩදීල දෙන්නට දෙන්න හයියක් වෙලා ඉන්න හැටි....මේව දැක්කම මටනම් හිතෙන්නෙ හරිම පින්කාර මිනිස්සු කියල.ඇත්තටම එයාල ගොඩක් පිං කරපු මිනිස්සු වෙන්නැති... ජීවිතේ උඩින්ම තියෙන හීනයක් තමයි හොද රැකියාවක් කරන එක.මොකද මගේ හීන වලට යන්න කාගෙවත් මත යැපෙන්න මම කැමති නෑ.කවදහරි අම්මලාට තාත්තලාට ආස දෙයක් අරන් දෙන්න,මට කැමති දෙයක් මට ඕන වෙලාවක ගන්න මම ගාව සල්ලි තියෙන්න ඕන.ඉතින් ඒ වෙලාවට කාටවත් බැගෑපත් වෙන එක මම අකමැතිම දෙයක්.අනික හොදට ඉගෙන ගෙන සුදුසුකම් තියෙද්දිත් කාගෙවට් තීරනයක් නිසා ගෙදරට හිර වෙලා ඉන්නව කියන එක මම දකින විදියට ඇයට කරන ලොකු අසාදාරනයක්.
ඉතින් ඔයාලගෙ අදහසත් කියාගෙන යන්න.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!