අම්මෙ මන් උකුලෙම මැරෙන්නද?

in hive-133716 •  10 months ago  (edited)

images(9).jpg
source
මට හරිම මහන්සියි
තවත් නම් දුවන්න බෑ
ටිකක් නැවතිලා
කතා කරල යන්න එන්නද...

ඔඩොක්කුවේ ඔලුව තියාගෙන
හිතේ තියෙන වේදනාව
නැති වෙනකල් අඩන්න
මට වෙන කවුරුත්
හරියන්නෙ නෑ අම්මෙ....

හිතක් තියෙන්නෙම රිදෙන්නද
පපුවක් තියෙන්නෙම පැලෙන්නද
කම්මුල් දිගේ වැක්කෙරෙනකල්
කලුවර වැටෙන්නම අඩන්නද...
ඉතින්,
"උබට පුලුවන්නම් උහුලන්න;
අම්මෙ මන් උකුලෙම මැරෙන්නද?"

සාගරේක තරම් කදුලු හන්ගන
සේරම දරාගෙන අපි නිසා නැහි නැහි ජීවත්වෙන
පොඩිම පොඩි දේකින් උනත් මහ මෙරක් සතුටු වෙන
අම්මෙ මටනම් ඔයා සසරක්....

හැමෝටම ඉන්නව තමන්ගෙ ජීවිතේ වීරයෙක්.පොඩි කාලෙ ඔයාගෙ වීරය කවුද ඇහුවම batman,superman කියන අපි ටිකක් තේරෙන වයසට ආවම ඒක තාත්තට,අම්මට නැත්නම් තමන්ගෙ ජීවිතේ වැඩිපුරම දැනුන කෙනාට වෙනස් වෙනව.ඉතින් මගේ ජීවිතේ එදා වගේම අදත් මගේ වීරය අම්මා.ඒ ආදරය විදින්න කොච්චරනම් පින් කරන්න ඕන ඇතිද?

දන්නවද ගෝනුසු අම්ම මැරෙන්නෙ උන්ගෙ පැටවුන්ට ඌවම කන්න දීලා.තමන්ගෙ ජීවිතේ නැති කරන් පැටවුන්ට ජීවත් වෙන්න ඉඩ හදල දෙනව.මේ එක උදාහරනයක් විතරයි.

බෝඩිම් ජීවතයක් ගත කරන කෙනෙක්ගෙන් අහල බලන්න ගෙදර යන්න කොච්චර ආසද කියල.අම්ම එක්ක වරුවක් හරි තනියම කතා කර කර ඉන්න කොච්චර ආසද කියල.එයාල ඒ හැගීම හරි ලස්සනට කියල දේවි.අල්ලන් ඉන්න අමාරුම තැන් අම්මගෙ හිනාව වෙනුවෙන් හරි අමාරුවෙන් දරාගෙන ඉන්න ඕනතරම් කට්ටිය ඔයාල දැකල ඇති.ඉතින් මාත් අන්න ඒ වගේ කෙනෙක්.මොකද මම දන්නව මම දිනන දවසට මටත් වඩා මේ ලෝකෙන් වැඩිපුරම සතුටු වෙන්නෙ මගෙ අම්ම.

IMG_20240406_182208.jpg

පොඩි කාලෙ අඩ අඩ බලෙන්ම අම්මගෙ උරහිසේ ඔලුව තියන් හිටිය අපි අම්මටත් හොරෙන් අඩන තැනට සමහර වෙලාවට පත් වෙනව.ඒත් ඒ ප්‍රශ්න ගැන අම්මත් එක්ක කතා කරද්දි හිතට එන ඒ නිදහස ඒක විදින්නම ඕන. ඇත්තටම මම හරි වාසානාවන්තයි.පාරෙ මහ මග ලමයි දාල යන අම්මල ඉන්න රටක හොදම යාලුවෙක් වගේ මාව හැමතිස්සෙම දරාගන්න අම්ම කෙනෙක් ලැබුන එකට.

ඉතින් හැමදාමත් වගේ ඔයලා පරිස්සමින් ඇති කියල හිතනව.අයියගෙ account එකේ ඉතින් දැන් මටත් ඉදල හිටල ලියන්න පොඩි පොඩි chanse හම්බෙනව.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!