හැමදාම කොහොමද බන් පරදින්නෙ…

in hive-133716 •  4 days ago 

1000129635.jpg
source

ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා.අපි හැමදාම , හැම වෙලාවෙම මේ දුවන්නේ කවද හරි දිනන්න බලාපොරොත්තුවෙන් යන තරගයක. උපතින්ම ලොකු සල්ලිකාරයො නොවුනත් ජීවිතයේ ගොඩයන්න අපි ගහන ගේම ගැන සමහර වෙලාවට අපිටවත් හිතා ගන්න බැහැ.සමහර වෙලාවල් වලට සමාජය ඉස්සරහ කතාත් අහගෙන , එක එක රස්සාවල් වලට ගිහිල්ල හෙම්බත් වෙලා කිසිම කෙනෙක්ට , අඩුම ගෙදර මිනිස්සුන්ටවත් තමන්ගේ හිතේ තියෙන පීඩනය පෙන්නන්න යන්නේ නැතුව තනියම දරාගෙන , හිතින් අඩ අඩ බින්දුවෙන් පටන් ගත්ත ගමන අඩියක් හරි ඉස්සරහට යන්න ඕන නිසාම අපි හැම අසීරු අවස්ථාවක්ම අල්ලගෙන ඉන්න සිද්ධ වෙලා තියෙනවා.

මේතාක් කාලෙකට තමන්ටම කියලා දෙයක් කරගන්න බැරි උනත්, කරන කියන හැම දෙයක්ම නොසිතූ විදියට විනාශ වෙලා ගියත්, ගහන ගහන හැම ගේමම හිතාගන්න බැරි විදිහට ඔයාගේ ඇස් ඉස්සරහ පිටම බිඳ වැටුණත්, ඒ දේවල් ගැන ඒ අතීතය ගැන හැමදාම අපි හිත හිත හිටියොත් අපිට ඉන්න වෙන්නේ එකම තැන විතරයි.අතීත වෙච්ච සිද්ධීන් පිළිබඳව වේදනාවක් පසුතැවීමක් තිබිය යුතුයි.නමුත් ඒ තුළම ඇලීගලී සිටියොත් අපිට අනාගතය නම් කවදාවත් ගොඩ යන්න හම්බවෙන්නේ නෑ.ඉතින් ඔයා එහෙම වැටෙන්න ඕන කෙනෙක් නෙවෙයි.කවද හරි ජීවිතේ ගොඩයනව කියලා හිතාගෙන හිනා වෙලා සතුටින් හැමදේම කරොත් ඔයාගේ ජීවිතෙත් කවද හරි තැනකට එන එක නම් කාටවත් නවත්තන්න බැරි වෙයි.ඉතින් අපි හැමදාම පරදින එකක් නැහැ.අපේ ජීවිතයේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වෙලා ඉවසීමෙන් වැඩකරමු...

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!