මේ දවස් ටික ශ්‍රී ලාංකිකයන්ට නම් කාලගුණය පැත්තෙන් හොඳටම අසතුටුදායක කාලයක්.මොකද වර්ශාව නිසා මිනිස්සු දැඩි පීඩාවකට පත්වෙලා තමයි ඉන්නේ.ජීවිත හානි දහයකට අධික සංඛ්‍යාවක් සිදුවෙලා තියෙනවාා වගේම, බොහෝ පිරිසක් තුවාල ලබා වගේම අවතැන් වෙලා ඉන්නවා.ගොඩක් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයන් බලපාල තියෙනවා වගේම, නායයෑම් වගේම , නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීමුත් ගොඩක් ප්‍රදේශවලට දැනුම් දීලා තියෙනවා.කොහොමහරි ගාල්ල අවට ප්‍රදේශයටත් ගංවතුර තත්ත්වයක අවධානම තවමත් නැති උනත්, වැස්සෙ නම් අඩුවක්නෑ.කාලගුණ දෙපාර්තමේන්තුවෙන් වැස්ස පහව යන බව දැනුම් දුන්නත්, අදත් වැස්සෙනම් අඩුවක් පේන්න තිබුණේ නෑ.
උදේ වැඩට යන්න ගද්දිම වැස්ස පටන් ගන්නව වගේම, වැඩ ඉවර වෙලා යන්න හදද්දිම ආයෙත් වැස්ස පටන් ගන්නවා.ඉතින් උදේ හවස වෙනසක් නැතුව තෙමෙන්න අපිට දැන් පුරුදු වෙලා තියෙන්නෙ. ගොඩක් මිනිස්සු බයික් වලින් රස්සාවට යන නිසා, ඉටි කොළ වලින් cover කරගෙන තමයි වැස්සෙන් බේරෙන්නේ. ඉතින් උදේ අට වෙද්දි සයිට් එකට තෙමි තෙමිම ගිහිල්ලා , ආයෙත් සයිට් එකේදිත් තෙමිලා එද්දිත් තෙමුනම , ගෙදර එන්නත් කලින් හෙම්බිරිස්සාව වැඩ පටන් ගෙන ඉවරයි.ඉතිං ගොඩක් මිනිස්සුන්ගෙ මේ දවස්වල තත්වය ඕක තමයි.හැමෝටම කාර් වෑන් නැති නිසාත්, ගොඩක් මිනිස්සු බයික් වලින් බස් එකේ යන නිසාත්, ඔවුන්ට තෙමන එක නම් නියතයක් වෙලා තමයි තියෙන්නෙ.ඉතින් ඉක්මනට මේ වැස්ස අඩු වෙලා යහපත් කාලගුණයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනව.ඒ වගේම වැස්ස දවස්වල වාහන වලින් යද්දි හැමෝම පරිස්සමෙන් යන්නත් අමතක කරන්න එපා.පුළුවන් තරම් ඔයාගේ පරිස්සම ගැන ඔයා හිතල , වැඩ කරන්න.අවදානම් ප්‍රදේශවල ඉන්න හැමෝමත් මේ තත්ත්වය පහව යන තෙක් පරිස්සමෙන් ඉන්න.
This post has been upvoted by @italygame witness curation trail
If you like our work and want to support us, please consider to approve our witness
Come and visit Italy Community
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Hi @damindu,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.
Come and visit Italy Community
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit