ඉතින් යාලුවනේ ඔයාල පරිස්සමට ඇති කියල හිතනව. අද ලියන්න යන්නෙ අද දවස ගත කරපු හැටි ගැන. ඉතින් Slab එකක වැඩ යනව කියන්නෙ ඉතින් ඒ දවස් ටික ගෙවන්න වෙන්නෙ එසේ මෙසේ කට්ටක් නෙවෙයි. Frmwork එක කම්බි බදින එක එහෙම එකදිගට යන නිසා නින්ද අකමැත්තෙන් උනත් අපිට අමතක කරන්න වෙනව. ඒ විදියට කොන්ක්රීට් එක වෙනකන් වැඩ ඉවරකරලා consultant approval එක හම්බුනාට පස්සෙ එන්නෙ වෙනම සතුටක්. ඉතින් ඉතුරු පොඩි පොඩි වැඩ ටිකත් ඉවර කරල කොන්ක්රීට් එක් දාන්න අපි පෙරේදා තමයි තීරණය කරල තිබ්බෙ.
ඒත් එක එක හේතූ හින්ද ඒක අද වෙනකන් කල් ගියා. කොහොමහරි අද උදේ ඉදන් දාන්න පටන් ගත්තොත් දවල් වෙද්දි අව්වත් එක්ක අමාරු නිසා අපි හවස් හතරට විතර් තමයි කොන්ක්රීට් එක පටන් ගත්තෙ. ඉතින් හතරට පටන් ගන්නව කියන්නෙ එදා දවස තනිකර රාත්රියක් මුර කරනව වගේ තමයි 😅.මිනිස්සු නින්ද අමතක කරල රැය පුරාවටම කොන්ක්රීට් එක්ක ගෙවන්න ත්ම්යි වෙන්නෙ. ඒක එච්චර ලේසි නෑ , අඩුම දොලහක්වත් ඕන වෙනව මේ වගේ slab එකක දාන්නත්. කොන්ක්රීට් එක ඇද ගන්න , ඒක ලෙවල් කරගන්න , poker machine එක දාන්න , බට එහෙට මෙහෙට අදින්න වගේ තවත් වැඩ වලට. ඉතින් ඒ රාත්රිය පුරාවටම මිනිස්සු සෑහෙන්න මහන්සි වෙනව. ඒත් ඉතින් වැඩේ හරියට ඉවර උනාම හැමෝටම තියෙන්නෙ පුදුම සතුටක්. ඒක අත්විදින්න මටත් තව ටිකක් වෙලා බලන් ඉන්න වෙනව. 😍