ලෝක කුසලානයට සියල්ල සූදානම්....

in hive-133716 •  12 days ago 

1000139346.jpg
source

ඉතින් යාළුවනේ ඔයාලා හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා.පෙර කීප වතාවටම වඩා මෙවර ටෙස්ට් ලෝක කුසලානයට සියලු ක්‍රිකට් රසිකයින්ගේ අවධානය යොමු වෙලා තියෙනවා.ඒකට හේතුවකුත් තියෙනවා මොකද මෙවර ටෙස්ට් ලෝක කුසලානය සඳහා ගොඩක් කණ්ඩායම් ප්‍රමාණයක් උද්වේගකර තරගයක යෙදුනා අවසන් තරඟයට පිවිසීමට.කොහොමින් කොහොම හරි අවසාන ටෙස්ට් තරගාවලි කිහිපයම විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකා කණ්ඩායම පෙරළිකාර ලෙස පළමු වතාවට ටෙස්ට් ලෝක කුසලානයේ අවසන් තරගයට පිවිසීමට සමත් වුණා.ඊට බවුමාගේ නායකත්වයත් දකුණු අප්‍රිකා කණ්ඩායමේ වේගපන්දු බලඇණියේ සවිමත් බවත් දැඩි ලෙස දායක වුණා.ඉතින් ක්‍රිකට් ඉතිහාසය තුළ අවාසනාවන්තම කණ්ඩායම ලෙස නම් දරා සිටින දකුණු අප්‍රිකා කණ්ඩායමට මෙවරවත් ඉන් මිදීමට හැකිවේවා යැයි අපි ප්‍රාර්ථනා කරනවා.

හරි අපි යමු අනිත් කණ්ඩායම ගැන කතා කරන්න.ඉන්දියා කණ්ඩායමේ ඕස්ට්‍රේලියා තරග සංචාරය ගැන ලොව සියළුම ක්‍රිකට් රසිකයන් අවධානය යොමු කලේ විශේෂ සිද්ධීන් කීපයක්ම ඒ හා සම්බන්ධ වුණු නිසා.දැඩි තරඟකාරී බවකින් යුක්ත වුන තරගාවලිය අවසානයේ පැට් කමින්ස් නායකත්වය දරන ඕස්ට්‍රේලියා කණ්ඩායම ජයගත්තේ ලෝකයේ තවමත් තම කණ්ඩායමට අභියෝග කිරීමට හැකි කණ්ඩායමක් බිහි නොවී ඇති බවට තව තවත් ඔප්පු කරමින්.පැට් කමින්ස්ගේ නායකත්වයෙන් ලබපු ඒ තරගාවලි ජයග්‍රහණයත් සමඟ ඔහු රිකී පොන්ටින්ගේ නායකත්වයටද අභියෝග කිරීමට සමත් වෙමින් ඉන්නවා.ඒ අනුව ටෙස්ට් ලෝක කුසලානය අවසන් තරඟයට පිවිසීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුනා.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!