ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා.අද ලියන්න යන්නේ මේ දවස් ටිකේ ගෙවන ජීවිතය ගැන. අවුරුද්දක් පුරාවට Academic ඉඳලා exam ඉවර වෙලා සිලබස් එකට අනුව ඊලගට තියෙන්නේ මාස හයක ට්‍රේනින් එක. ඉතින් කලින් පාර ට්‍රේනින් යද්දි නම් training places ඇතිවෙන්න තිබුනත් මේ පාර ඒක හාත්පසින්ම වෙනස්.ගියපාර ට්‍රේනින් එක මැදදි තමයි civil field එක සම්පූර්ණයෙන්ම කනපිට ගැහුවෙ.ඉතින් තාමත් ඒක ලොකු වෙනසක් වෙලා නෑ. job කෙසේ වෙතත් training වෙන්න තැනක් හොයා ගන්නත් පට්ට ගේමක් දෙන්න වෙනවා.ඉතිං එහෙම බැලුවම ශ්‍රී ලංකාවේ සිවිල් ෆීල්ඩ් එකට වෙලා තියෙන දේ මෙහෙමයි කියලා කියන්න බෑ.කොහොමහරි අපිටත් training ලෙස හොයාගන්න ලොකු ගේමක් දෙන්න උනා.කොහොමහරි යාළුවෙක්ගේ මාර්ගයෙන් ගුල්ලා ගෙම ගෙවල් පැත්තෙ සයිට් එකක් හොයාගන්න අපිට පුළුවන් වුණා. ඒත් අපේ බැච් එකේ තාමත් ටිකදෙනෙක් training place නැතිව ඉන්න අතරේ තවත් ගොඩක් කට්ටිය training ලෙස්සලා ඉන්නේ අතින් වියදම් කරගෙන.මොකද ගොඩක් තැන් වලින් salary ගෙවන් නැති අතරේ ගෙවන් නැති අතරේ accommodation කෑම පවා හම්බෙන් නැති තැන් තියෙනවා.ඉතින් ට්‍රේනින් මාස 6 කියන්න ඉගෙනගන්න දේවල් කොච්චර තිබුනත් එච්චර සුන්දර කාලයක් නම් නෙමෙයි මේ දවස් වල.කොහොමෙන් කොහොම හරි මම අද කියන්න යන්නේ අපි ඉන්න site එක ගැනයි.
ඉතින් ඉන්න සයිට් එක ගැන පොඩ්ඩක් කිව්වොත් මේක CEC company එකෙන් කරන road project එකක්.ඉතින් අවුරුදු තුනක මේ ප්‍රොජෙක්ට් එකේ තාම යන්නේ පළවෙනි අවුරුද්ද.ඉතින් ඉගෙන ගන්න නම් දේවල් සෑහෙන්න ප්‍රොජෙක්ට් එක පුරාවට තියෙනවා.කොහොමහරි අපි සයිට් එකට ඇවිත් දැන් මාසයකට ලංවෙන්න වෙනව. තියෙන ලොකුම ප්රශ්නය තමයි මේ පැත්තෙ දේශගුණය. මාරම සීතලක් තියෙන්නෙ. සයිට් එකේ වැඩ කොහොමත් රෑ වෙනකන් යන නිසා හවස් වෙද්දිගැහි ගැහි තමයි ඉන්නෙ. ඒ කොහොම වුනත් සූරියකන්ද පැත්තෙනම් තියෙන්නෙ අමුතුම ලස්සනක්. ඒක ඇවිත් බලන්නම වටිනව. ඇව්දින්න , බලන්න තැන් සෑහෙන්න තියෙ
මාසයක් වෙලත් වැඩත් එක්ක අපිට යන්න පුලුවන් උනේ තැන් දෙක තුනකට විතරයි.කොහොමහරි ට්‍රේනින් එක ඉවර වෙන්න කලින් පුළුවන් තැන් හැම එකටම වගේ යන්න ආසාවෙන් බලන් ඉන්නේ අපිත්.ඉතිං දවස් දෙක තුනක නිවාඩුවක් ගත කරන්න නම් නියම තැනක් විදියට සූරියකන්ද පැත්ත බය නැතුව recommend කරන්න පුළුවන්.
You've got a free upvote from witness fuli.
Peace & Love!
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit