මිනිස්සු කොහොම සල්ලි පස්සෙන් ලිව්වත්, මුදල් වලට හැම තැනදීම මූලිකත්වය ලබා දුන්නත්, ජීවිතේ ලබාගත යුතුම කිසි දිනක කලකිරීමක් ඇති නොවන දෙයක් තමයි අධ්‍යාපනය කියන්නේ.මොකද අපි හිතන්නෙවත් නැති තැන්වල ගොඩක් වෙලාවට අපි ලබා ගත්තේ දැනුම අධ්‍යාපනය උවමනා වෙන වෙලාවල් තියෙනවා.ඒ වගේම අපි වාසනාවන්ත වෙලා තියෙනවා , නිදහස් අධ්‍යාපනය ලබන්න.ඒක තමයි දුප්පත් මිනිස්සුන්ට දුප්පත්කමින් ගොඩ එන්න තියෙන එකම විසඳුම.ඉතින් ඒ ලෙවල් වලින් පස්සේ තිබුණු ආශාව ඉෂ්ට කරගන්න ඕන නිසාම කටුනායක ඉංජිනේරු තාක්ෂණයට ආපු ගමනේ අවසන් දින කිහිපය තමයි මේ ගතවෙමින් තියෙන්නේ.විවිධ බාධක නිසා කාලයක් වැඩිපුර ඇදුනත් මේක ඉවර වෙන්නේ යද්දි හිතට දැනෙන්නේ අමුතුම විදියේ දුකක් සහිත හැගීමක්.
වැඩ කප්පරක් එක දිගට කරත් කොල්ලෝ එක පිස්සු නටපු කාලය, රැයක් දවාලක් නැතිව රස්තියාදු ගහපු.ජීවිතයට ටික තියන්න වැඩි කාලයක් නැති බව හැඟෙද්දි හිතට එන හැඟීම ගොඩක් අමුතුයි.Assignment , Report ගොඩගැහෙද්දි නිදි මරාගෙන ඒවා ඉවර කරත් කට්ටිය එක්ක ඒ ආපු කට්ටෙත් අමුතුම රහක් තියෙනවා.මම හිතනවා ඒක ගොඩක් අය දන්නවා ඇති කියලා.ඉතින් මේ දවස් කීපය යන්නේ මේ අවුරුදු හතරේ අන්තිම lectures ටික.දැනටමත් subjects තුනක් අවසන් වෙලා තියෙනවා.ඉතින් මේක ඉවර වෙලා යන්න තියෙන්නේත් රෝස මල් පිරුණු ගමනක් නෙවෙයි මොකද construction field එක වැටිලා තියෙන තත්ත්වයත් එක්ක job එකක් හොයාගන්න එකත් එච්චර ලේසිනෑ. ඒ නිසාම හිතට එන බය තවත් වැඩියි.ඉතින් මට හිතුන මේ article කිහිපය මේක ඇතුලෙ ගෙවුන ජීවිතය ගැන ටිකක් ලියන්න.හම්බවුනු සහෝදරයන්ටත් එහා ගියපු උදව් කරපු යාළුවෝ ගැන ලියන්න.ඉතින් අපි ඒ වගේ article ඒකකින් ඊළඟට හමුවෙමු.