ඉතින් මේක දැක්ක ගමන් ඔයාලට හිතෙනව ඇති මොකක්ද මේ වැඩේ කියල.මම ජාතික වෘතීය පුහුනු ආයතනයේ මෘදුකාංග සංවර්ධක පාඨමාලාව හදාරන ශිෂ්‍යාවක්.අන්න ඒකෙන් තමයි මේ ලස්සන වැඩේ කරේ.අපේ පාඨමාලාවෙ ලමයි ටික එකතු වෙලා කරපු හරිම ලස්සන වැඩක් මේක.
අපේ පන්තියේ තිබුන AC එක වැඩ කරන්නෙ නෑ කියල අපිට දැනගන්න හම්බුනේ මේකට සම්බන්ද වෙද්දිමයි.ඉතින් computer එක්ක වැඩකරන නිසායි කලින් ඉදන් class එක AC කරල තිබුන නිසයි මුලු පන්තියම seel කරල වගේ තිබුනෙ.හිතන්නකො එතකොට AC එක වැඩ කරන්නෙ නැති උනාම පුදුම රස්නයක්නෙ එන්නෙ.අන්න ඒක නිසා අපි හිතුව AC එක repair කරන්න ඕන කියල.ඒත් ඒකට කෝ සල්ලි??? අපිට ආපු පලවෙනිම ප්‍රශ්නෙ තමයි ඕක. ඒත් අපි අපේ වැඩේ නැවැත්තුවෙනම් නෑ.සල්ලි හොයාගන්න එක එක අදහස් කට්ටිය දුන්න.ඒවයින් කාටවත් කරදරයක් නොවී කරන්න තිබ්බ හොදම දේ තමයි මේක.
අපි කට්ටිය එකතු වෙලා දැම්ම car wash එකක්.හිතුවට වැඩිය ගොඩක් සාර්ථක වුනා.ඉතින් මහන්සි වෙලා කට්ටියම එහෙම වැඩක් කරල ඒක හිතුවට වඩා සාර්ථක උනාම එන සතුට අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.
මේ තියෙන්නෙ අපි වැඩ කරන්න පටන් ගත්තු හැටි.
කෙල්ලො කොල්ලො කියල බෙදෙන්නෙ නැතුව හැමෝම එකට වැඩ කරපු නිසා ඒක තවත් ලස්සන උනා.ඇගට මහන්සියක් දැනෙන්නෙවත් නැති වෙන්න මේ වැඩේ කරා කිවුවොත් හරි.පාරෙ එන වාහන නවත්තන එක,එන වාහන හෝදන එක,එන අයට සන්ග්‍රහ කරන එක මේ සේරම වැඩ හරි ලස්සනට උනා.
ආපු මිනිස්සුන් හැමෝම සතුටු වෙන්න ඇති කියලත්,අපි අපේ වැඩේ හරියට කරා කියලත් මම හිතනව.
ඒ සල්ලි වලින් AC එක repair කරගන්න හම්බුන එකටත් වඩා වැඩියෙන් වටින්නෙ අපිට එදා හම්බුන අත්දැකීම් ටික.කට්ටියට වැඩේට කොච්චර කැපඋනාද කියනවනම් එදා අපි හවසට කද්දි හවස 5ත් පහු වෙලා.මොකද වාහන එද්දි කන්න යන්න බැහැනෙ.ඒක නිසා වාහන එන එක නතර වෙනකම්ම ඉන්න උනා.
මේ වැඩේට හිටියෙ ලමයි 10ක් 12ක් වගේ ගානක්.මොකද පෝය නිවාඩු නිසා සමහර ලමයි ගමේ ගියා.ගම්පහ,කෑගල්ල වගේ දුර පලාත් වලින් අපේ පාඨමාලවට ලමයි එනව.මේ පාඨමාලාව තියෙන්නෙ ගාල්ලෙ නිසා එයාල මෙහේ ඉදන් board වෙලා තමයි එන්නෙ.ඉතින් එයාලට ගෙදර යන්න හම්බෙන්නෙ මේ වගේ දවසක විතරක් නිසා sir කිවුව එයාලට ගෙදර යන්න කියල.එයාලත් හරිම ආසාවෙන් හිටියෙ මේ වැඩේට එන්න.සමහරු කොච්චර ආසාවෙන් ආවද කියනවනම් එයාල ඇවිල්ල මේකෙත් 2,3 වෙනකම් වැඩ කරල තමයි train එකේ නැගල ගමේ ගියේ.
කොහොමහරි හවස 6 විතර වෙද්දි අපේ මේ වැඩේ හරිම සාර්ථකව අවසන් උනා.