ඉතින් ටෙස්ට් තරගාවලියේදී කැන්ගරුවන් අපෙන් ගත්ත වාඩුවට නොඅඩු ඊටත් එහාට ගියපු වාඩුවක් ගැනීමට එක් දින තරඟාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුණා.ටෙස්ට් තරගාවලිය 2-0 ලෙස නොසිතූ පරාජයට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම එක් දින තරගාවලියට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතුව එක් වුනේ වෙනස්කම් කීපයක්ද සමඟයි.කලින් Article එකේදි කිව්ව වගේම පළමු ජයග්‍රහණය ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන තරගයට ද පැමිණියේ තරගාවලිය ජයග්‍රහණය කරගෙන ශ්‍රේණිගත කිරීම් වල පස් වන ස්ථානය දක්වා ඉහළට ඒමේ අරමුණද ඇතිවයි.ඉතින් අද හිතුවා ඒ දෙවැනි තරඟය ගැන ලිව්වනම් හොඳයි කියලා.
ඉතින් කලින් තරගයේ වගේම කාසියේ වාසිය ජයග්‍රහණය කළ චරිත් අසලංක තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි.පළමු තරඟයේදී මුල් පෙළ පිතිකරුවන් ඔවුන්ගේ වගකීම හරි හැටි ඉටු කිරීමට සමත්නොවුනත් මේ තරඟයේදී එය හාත්පසින්ම වෙනස් වුණා.දිගින් දිගටම අසාර්ථක වූ අවිශ්ක ප්‍රනාන්දු වෙනුවට කණ්ඩායමට නැවතත් එක්කර තිබූ නිශාන් මදුෂ්ක ඔහුගේ හැකියාව තව තවත් තේරීම් කමිටුවට ඔප්පු කරමින් ලැබූ අවස්ථාවට මනාව සාධාරණයක් ඉටු කරමින් අර්ධ ශතකයක් ලබාගැනීමට සමත් වුණා.ඒ වගේම මේ තරගාවලි කීපයේදීම සාර්ථක වූ කුසල් මෙන්ඩිස් මේ තරඟයේදීද පෙරළිකාර ශතකයක් ලබා ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව තව තවත් ඉහළ නංවමින්.කලින් තරඟයේදී සාර්ථක එකම පිතිකරුවාවූ චරිත් අසලංක මෙම තරඟයේදිත් අර්ධ ශතකයක් ලබාගත් අතර ජනිත් ලියනගේත් පිතිකරුවෙක් ලෙස තම කාර්යභාරය කණ්ඩායම වෙනුවෙන් නොඅඩුව ලබාා දුන්නා.ඒ අනුව පන්දු වාර පනහ අවසානයේ කඩුලු හතරකට ලකුනු 281ක් ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රහණ බලාපොරොත්තු සුළු විසුණු කරේ අසිත ප්‍රනාන්දුගේ පන්දු වාර කිහිපයයි.ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මුල් කඩුලු තුනේම හිමිකරුවා වීමට අසිත සමත් වූ අතර වනිදු හසරන්ගත් කඩුලු තුනකට හිමිකම් කීමට සමත් වුනා.පෙරලිකාර පන්දු යැවීමක නිරත වූ වෙල්ලාලගේ කඩුලු හතරක් ලබාගත්තේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ආසියාවේදී ලබපු දැවැන්තම පරාජය හිමිකර දෙමින්.ඒ අනුව ඉනිම අවසානයේ සියලු කඩුලු දැවී ඔවුන් ලබා ගැනීමට සමත් වුණේ ලකුනු 107ක් වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 174ක දැවැන්ත ජයක් හිමිවුනා.