උබ ගනින් මහගෙදර

in hive-133716 •  9 months ago 

brothers-love-boy-childhood.jpg
source
ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා.අද ලියන්න යන්නේ ටිකක් වෙනස් ඒත් මේ කාලෙට ගොඩක්ම ගැලපෙන මාතෘකාවක් ගැන.මේ දවස්වල ප්‍රවෘත්ති බැලුවහම වැඩිපුරම දකින්න හම්බවෙන්නේ මිනීමැරුම් , අපරාධ ගැන. ඒකෙත් ලොකුම දේ තමයි, මේ අපරාධ එසේ මෙසේ ඒවා නෙවෙයි. තාත්තා සහ පුතා අතර සිදුවූ වචන හුවමාරුවක් නිසා ඇතිවූ ඝාතන, සහෝදරයන් අතර ඇතිවුණු ආරවුල් නිසා සිදුවූ ඝාතන වගේ එකම පවුලේ අය අතර සිත් කම්පා කරවන අපරාධයි.ඉතින් මේවා වලට හේතු වූ මුල් කරුණ හෙව්වහම මේ වගේ අපරාධයක් වෙන්න තරම් ඒක හේතුවක්ද කියලා ගොඩක් දුරට හිතෙනවා.ගොඩක් අපරාධ ඝාතන සිදුවෙන්නේ දේපළ ආරවුල් නිසා.සිතේ ඇතිවන ක්ෂණික කේන්තියට මේ අපරාධ සිදුවුණත් ජීවිතයේ ඉතුරු මුලු කාලයම ඔවුන් ගෙවන්නේ මේක ගැන සිත් තැවුලෙන්. ඉතින් මේ වගේ අපරාධයක් ගැන ලියවුනු නිසදසක් කියවන්න ලැබුණා . මං හිතුවා ඒකත් ඔයාල එක බෙදා ගත්තනම් හොඳයි කියලා.


සුදු කළු ලොකු පොඩි හැමෝගෙම මහ ගෙදර
day today අළු වෙලා අහසට යන උන් අතර
ජීවිතයේ පළවෙනි පාර දැක්ක මම
මැරුණු කෙනෙක් මැරෙන්න කලින් අඩනවා මිනියක් අසල

අවුරුදු 40ක් විතර ඇති මේ පොරට
වයසක ගෑනියෙක් පපුවට ගහමින් ඇහුවා
මූ මොකද්ද උඹට කරපු වරද

ගමේ උන් හෙළුවත් කඳුළක් දෙකක් බිමට
හැමෝගෙම ඇස් තිබුණේ අත් වලට දාලා තිබුණු මාංචු වලට
මිනිය ඉඹ ඉඹ අඬන මේ හැඩි දැඩි පිරිමිකඳට
සාජන් කෙනෙක් තට්ටු කරලා කිව්වා
යම් ප්‍රසාද් හෙට තමා නඩු දවස

අවුරුදු විස්සක් මෙතනම නිසා වෙන්න ඇති
කඳුලක්වත් නෑ මගේ ඇහැට
ආපු කුතුහලය නිසා හෙව්වා
මොකක්ද මේ අහිංසකව අංගුලිමාල කරපු වරද

එදා කපුගේ අවුලෝපු ඒ ගින්න
අදත් කැණි මඬලක් දවලා අළු ටිකක් ඉතුරු නොවෙන්න
මිනිය පුච්චන්න තියෙද්දි ඔන්න මෙන්න
මන්න පාර ගහපු ඒ අංගුලිමාලම
අහිංසකගේ හඬින් කිව්වා
"ඔප්පුව අරන් ආවා මල්ලි උඹ ගනින් මහ ගෙදර"

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

ඒක කියව්වම පරණ කතාවක් මතක් උනා. මිනිස්සු හිතන් ඉන්නෙ මැරෙනකොට මේව ගෙනියනවා කියල🥺

කියල වැඩක් නෑ 😐😐

dan eth godak geval vala maha gedara ganna vath lamai me rate ithuru venne naha. eth me vage eva dekkahama epa venava.

ඔව් ඒකනෙ 😐

මේ කතාවේ ඇත්තම සිදුවීම මීට ටික කාලෙකට කලින් වුන සිදුවීමක්. ඇත්තටම හිතට මහා වේදනා කාරි හැඟීමක් ගෙන දෙන සිදුවීමක්.. තමන්ගෙ අනාගතය තමන්ම තමන්ට පුලුවන් වයසෙදිම පටන් අරන් හදාගන්නවනම් අම්මගෙන් තාත්තගෙන් උරුම වන වත්කම් මහගෙවල් වලට සහෝදරයෝ මරාගන්න ඕන නෑ. ජීවිතේ අසාර්තක වන තැනකදි තමයි මෙවැනි දේ වෙන්නේ..

ඔව් ඇත්තටම 😪