ශ්‍රමදානයක් වූ පාර්ලිමේන්තුව

in hive-133716 •  2 days ago 

1000115955.jpg

source

ඉතින් ශ්‍රී ලංකාවේ දේශපාලනයේ නැවුම් වෙනසක් ඇති කරමින් පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව මෙවර ටකරම් කෑල්ලට, රුපියල් පන්දහසට සහ සිල් රෙද්දට වහල් නොවී දේශපාලන සවිඥාවෙන් යුතුව තම ඡන්දය භාවිතා කිරීමට කටයුතු කළ තිබුණා.මෙවර මහ මැතිවරණයට ප්‍රධාන පක්ෂ හතරක් තරග වැදි අතර , ඒ අතර ජාතික ජනබලවේගය, සමගි ජන බලවේගය , නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සහ පොදු ජන පෙරමුණ ඇතුලත් වුනා.පොදු ජන පෙරමුණ ගියවර මහ මැතිවරණයේදී දැවැන්ත ජයග්‍රහණයක් ලබාගත් අතර, පසුව ඔවුන්ට ලැබුණු ජනතා අප්‍රසාදය නිසා මැතිවරණය ආරම්භයේදීම ඔවුන්ට අත්වන ඉරණම ගැන එහි අපේක්ෂකයන්ට පැහැදිලි අවබෝධයක් තිබූ නිසා බොහොමයක් අය මෙවර ඡන්දය ඉල්ලීමෙන්ද වැලකී සිටියේ කිසිදා නොසිතූ දේශපාලකයන් විශ්‍රාම ගනිමින්.

ඉතින් ජාතික ජන බලවේගය ජනාධිපතිවරණයේදී ලබා ගත් පෙරළිකාර ජයත් සමඟ ඔවුන්ගේ පාර්ලිමේන්තු මැතිවරණයේදී සටන්පාඨය උනේ දූෂිත අධම දේශපාලනඥයන්ගෙන් තොර පාර්ලිමේන්තුවක් ගොඩනැගීම සඳහා ජනතාවගේ සහය ලබාදෙන ලෙසයි.ඉතින් ඔවුන් කියා සිටියේ මෙවර පාර්ලිමේන්තුවේ ශ්‍රමදානයක් පැවැත්වෙන බවත් එහිදී මෙතෙක් කල් රට විනාශ කල පාලකයින් ගැන ජනතාව තම යුතුකම ඉටු කරන බවත්ය.ඉතිං ඒය සනාථ කරමින් රට මේ තත්ත්වයට පත්වෙන්න වගකියූ සියලු පාලකයින්ට අනුකම්පා විරහිත පරාජයක් අත්කර දෙමින් ජාතික ජන බලවේගය 2/3ක ජයක් ලබා ගත්තේ අලුත් මුහුණු විශාල ප්‍රමාණයක් නව නව පාර්ලිමේන්තුවට කැදවමින්.ඉතින් අපි බලමු මේ පෙරලිකාර ජයග් සමඟ ඇතිවූ දේශපාලන වෙනසත් සමග පැමිණි අලුත් මුහුණු මේ රට මොන අතකට ගෙනියාවිද? , පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගැන අපිට අනාගත බලාපොරොත්තු තියාගන්න පුළුවන් වෙයිද කියලා....

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

This post has been upvoted by @italygame witness curation trail


If you like our work and want to support us, please consider to approve our witness




CLICK HERE 👇

Come and visit Italy Community



Hi @damindu,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.

Come and visit Italy Community