දරුවන්ගෙ වැරදි වහන එක හරිද?

in hive-133716 •  last year 

shutterstock_103089908-scaled.jpg
source

ඉතිං හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතෙනවා. අද ලියන්න යන්නේ වෙනස්ම මාතෘකාවක් ගැන.ඇත්තම ළමයින්ගෙ වැරදි වලට දෙමව්පියන් වැඩිහිටියන් වගකියන්න ඕන ද? ඒක විවිද විදියට බලපානව. සමහර ලමයින් දෙමව්පියන්ගෙ වැරදි නිසා නරක් වෙනව. තවත් සමහරක් සමාජය විසින්ම නරක් කර්නව. ඉතින් ලමයි කොහොමද වැඩිහිටයන් නිසා නර්ක් වෙන්නෙ. ඒක ගොඩක් වෙලාවට වෙන්නෙ ලමයින්ගෙ වැරදි වැඩිහිටියන් විසින් වහන නිසා. කොටින්ම කිව්වොත් ලමයි සුද්ද කරන නිසා. මේක ගොඩක් දෙමව්පියො කරනව මන් දැකල තියෙනව.තමන්ගෙ ලමය වැරැද්දක් කරාම අනේ මගේ ලමය එහෙම නෑ. පිස්සුද එහෙම වෙන්න බෑ .වගේ දේවල් කියල ලමයගෙ වැරැද්ද වහන්න හදනව. ඇත්තටම ඒකෙන් වෙන්නෙ ල්මයගෙ ඉදිරි අනාගතයම නරක අතට හැරෙන එක කියල ගොඩක් දෙමපියන්ට තේරෙන්නෙ නෑ.ඔහොම දේවල් නිසා බන්දනාගාර ගතවුනු , මුලු අනාගත්‍යම විනාශ කරගත්ත අයව ගොඩක් අපිට මේ සමාජයේම දැකගන්න පුලුවන්. ඉතින් මේ වගේ කතාවක් මට දකින්න පුලුවන් උනා මුහුනු පොතෙන්. ඒක දැක්කම තමයි මේ ගැන ලිව්වනම් හොදයි කියල හිතුනෙත්.


ඊයේ සවස ගමේ සිට කොළඹ එන්නට ප්ටත් වූ මට ලැබුණු අපූරු අත්දැකීම බෙදාගන්නට හොඳම තැන මේ ගෲප් එක කියලා මට හිතෙනවා.
මගේ ගෙදර ඉඳන් හයිවේ එකට එන්න බොරළුකඩට පැමිණ නයාපාමුලින් හෝ කුම්මෙන් යායුතුයි. ඉතින් මම තවත් මිතුරියන් දෙදෙනෙකුත් එක්ක පිලගොඩ හරහා බොරළුකඩ දෙසට මෝටර් රථය ධාවනය කරනවා.
බොරළුගොඩ පාලම පහු වෙද්දි වේල්ල පහළ පාර හොදටම කැඩුණු මීටර් 100 ක විතර දුරක් තියෙනවා
මම හරිම හෙමින් රිය පැදෙව්වෙ පාර හොඳ නැති නිසා ඒ හරියෙ පාර අයිනටම කරල හදපු ගෙවල් කිහිපයක් තියෙනව.
මම දැක්කා එක ගෙයක් ඉස්සරහ පාරෙ අනිත් පැත්තෙ අවුරුදු අටක විතර පුතෙක් ටෙනිස් බෝලයක් තියාගෙන ඉන්නවා. ඔහු යම් ඉලක්කයක් ගනිමින් සිටින බව දැක්කා. ඔහු ඉදිරියෙන් කාර් එකේ යද්දි බොහොම වේගය කාර් එකට ඔහු අත තිබුණු බෝලයෙන් ගැහුවා. ඔහු ඉලක්ක ඇල්ලුවෙ කාර් එකට බව අපි කවුරුත් දැක්කා .
ඒ නිසාම මම ආපහු කාර් එක රිවස් කරල ඒ පුතාගෙන් ඇහුවා ඇයි බබා එහෙම ගැහුවේ කියලා .
ඒ දරුවාගේ අම්මා මා යැයි සිතිය හැකි කාන්තාවක් මිත්තණිය යැයි සිත හැකි කාන්තාවක් හා දරුවාගේ අවුරුදු පහළොවක් විතර සහෝදරයා එලියට ඇවිත් දරුවා කිසිම වරදක් කරේ නෑ බෝලය වැදුණේ අහම්බෙන්. බිත්තියට ගහද්දි එක වැදුනෙ කියල දරුවා නිදොස් කරමින් හිටියා. එයාල ක්යපු දේවල් ඇහුවම මට හිතුනෙ වැඩිහිටියන් ගෙ වුනමනාවට මෙහෙම ගහනවද දන්නෙ නැහැ කියල.
ඒ කිසිකෙනෙක් පුංචි දරුවට තවත් එහෙම කරන්න එපා කියලා වත් ඒ වගේ කරන එකේ ආදිනව වත් කිසි දෙයක් කියල දුන්නෙ නැහැ.
අපරාධකරුවන් බිහිවීමේ මුල දරුවන්ගේ වැරදි වටහා නොදීම බව ඒ වැඩිහිටියන් දන්නෙ නැත්ව ඇති. ඒ දරුවා කවද හර් අපරාධකාරයෙක් වුනොත් වගකිවයුතු ඒ ගෙදර වැඩිහිට්යන්.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!