අලුත් අවුරුද්දට ආදරෙන්....

in hive-133716 •  16 days ago 

1000137622.jpg

ඉතින් යාළුවනේ ඔයාලා හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා.ඉතිං අද විශේෂ දවසක්.මොකද 2024 අවුරුද්දට සමුදීල හා පුරා කියලා 2025 වසරේ ආරම්භය සහ පළවෙනි දවස අදයි.ඔව් ඉතින් අදත් එක දවසක් විතරයි ඒත් අපිට පුළුවන් මේ දවස විශේෂ කරගෙන අපේ ජීවිතේ කරන්න ඉන්න වෙනස්කම් වලට ආරම්භයක් ගන්න.අපි හැමෝම සර්ව සම්පූර්ණ මිනිස්සු නෙවෙයි, අපි හිතලා හරි නොහිත හරි අපේ අතින් වැරදි අඩුපාඩු සිදුවෙනවා.ඒක හැමෝටම සාමාන්‍ය දෙයක්.නමුත් අපිට පුළුවන් ඒ අඩුපාඩු වැරදි හදාගන්න, ජීවිතය ඉස්සරහට යනවා කියන්නේ ඒකටයි.නැත්නම් අපිටත් වෙන්නේ හැමදාම එකම තැන පල් වෙවී ඉන්න.

සමහරවිට ගෙවුන අවුරුද්දේ ඔයා හිතාගෙන හිටපු හැමදේම ඔයාට ඉෂ්ට කරගන්න බැරි වෙන්න ඇති.නමුත් ඒ ගැන පසුතැවෙන්න එපා.මොකද ඔයා සමහරවිට ජීවිතේ කරන්න හිටපු ගොඩක් දේවල් ඔයාට සාර්ථකව කරගන්න පුළුවන් වුන අවුරුද්දක් වෙන්න ඇති ගෙවුන අවුරුද්ද.ඒ නිසා ඔයා ජීවිත සාර්ථකව ඉටුකර දේවල් ගැන හිතල සතුටු වෙන්න.ඔයා මේ අවුරුද්දටත් ඒ වගේම ඉෂ්ට කරගන්න හිතාගෙන ඉන්න දේවල් ගොඩක් මේ වෙනකොටත් ඇති.සමහර විට ජීවිතයේ වටිනාම දේවල් ඔයා කරන්නේ මේ අවුරුද්දේ වෙන්න පුළුවන්.ඉතින් මගේ ආදරණීය මිතුරනි , මේ අවුරුද්දේ ඔයාගේ සියළුම වැඩ සාර්ථක ඉටුකරගන්න පුළුවන් සුබවාදීම අවුරුද්දක් වෙනවා කියලනම් නොවනුමානයි.ඉතින් ඒ විදිහට ජීවිතයේ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා....

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

TEAM 5 Congratulations! This post has been voted through steemcurator07. We support quality posts, good comments anywhere and any tags.

Picsart_24-12-31_15-00-29-616.jpg

Curated By @muzack1