ඉතින් ඔයාල හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනව. අද ලියන්නෙ අපේ ජීවිතේ ගැනම දෙයක්. ඉතින් ජීවිතේ මේ ගෙවෙන විදියට අපි හැමෝම මේ ගෙවන්නෙ එච්චර සැපපහසු ජීවිතයක් නෙවෙයි. මේක අපි හැමෝම හති දාගෙන දුවන මැරතන් එකක්. ඉතින් හැමෝම මහන්සියෙන් තමයි ජීවත් වෙන්නෙ නොකිව්වට.ඒත් ඉතින් අපි කියෙන් කීදෙනාටද පොඩි හරි මානසිකව හෝ උදව්වක් කරන්නෙ කරන වැඩේ කරන් යන්න. මේක ගැන ලියන්න හිතුනෙත් අහම්බෙන් දැක්ක ලස්සන article එකකට පස්සෙ.ඉතින් ඔයාලම කියවල බලන්නකො මේක කොයිතරම් ඇත්තක්ද කියල.
කොහොමද අද දවස?
මහන්සිද?
වැඩ වල තත්වය කොහොමද?
ඔයා හොඳින්ද?
ඔයාට පුලුවන්.
හිමින් හිමින් කරන්නකෝ.
මං ඉන්නවා ඔයා ළඟ.
සමහර වෙලාවට මේ වගේ වචන ටිකක් ඇති මනුස්සයෙක්ව cheer up කරන්න.
දවස පුරාවටම ගතෙන්, හිතෙන් මහන්සි වෙන මිනිස්සු
තනියම හැමදේම කරගන්න මිනිස්සු
හීන වෙනුවෙන් නිදිමරන මිනිස්සු
බැරිමර ගාතේම හරි තමන්ට තේ එකක් හදාගෙන ආයෙත් වැඩ කරන මිනිස්සු
පීඩනයෙන් හෙම්බත් වෙලා ඉන්න මිනිස්සු
පාලුවෙන් හුදකලාවෙන් දවස් ගෙවන මිනිස්සු
තනිකම සාංකාව දරාගන්න මිනිස්සු
දාහක් ප්රශ්න ඔලුවේ තියන් ඉන්න මිනිස්සු
පවුලෙම බර කර ගහන මිනිස්සු
දරුවෝ වෙනුවෙන්ම නැහෙන මිනිස්සු.......
මේ සමහර විට ඔයාගේ සහකරු/ සහකාරිය වෙන්න පුලුවන්. සහෝදරයා/ සහෝදරිය වෙන්න පුලුවන්, අම්මා තාත්තා වෙන්න පුලුවන්, යාලුවෙක් වෙන්න පුලුවන්. වැඩ කරන තැන කෙනෙක් වෙන්න පුලුවන්. මග තෝටේ හමුවෙන දන්න කෙනෙක් වෙන්න පුලුවන්. ඔයාම වෙන්නත් පුලුවන්.
කවුරු වුණත් මෙහෙම මිනිස්සු ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නෑ. එයාලව සනසවන්න පොඩි වචන ටිකක් හොඳටම ඇති. එයාලා ඔයාට මුකුත්ම කරන්න කියන්නෙත් නෑ. එයාලට ඕනා පොඩි තල්ලුවක් විතරයි. කවුරුම හරි කෙනෙක් එයාලා ගැන හොයනවා කියලා එයාලට දැනෙන්නයි ඕනා.
ඉතිං ඔයාගේ ආදරණීයන්ගෙන් අහන්න එයාලාට මහන්සිද කියලා. පොඩි msg එකක් දාලා check කරන්න. Random call එකක් අරං check කරන්න.
කෙනෙක් "මට මහන්සියි" කියලා ඔයාට කියනවා නම් ඒ එයා ඔයාව විශ්වාස කරන නිසයි. ඔයාගෙන් එයාට පොඩි energy එකක් ලැබෙයි කියලා එයා හිතන නිසයි. මොකද මිනිස්සු එහෙම ලේසියෙන් තමන්ට දැනෙන දේවල් කියන්නේ නැති නිසා.
සමහර විට ඔයත් මහන්සියෙන් ඇත්තේ. ඒත් එහෙම වෙලාවට ඔයාගේ මහන්සිය ගැනම නොකියා "ඉතිං මං මොකක් කරන්නද?" කියලා පෙරලා ප්රශ්න කරන්නේ නැතුව එයාට cheer එකක් දෙන්න. අඩුම තරමේ අහන් ඉන්න. පිටට තට්ටුවක් හරි දාන්න. කර වටේ අතක් දාගන්න. අත තදින් අල්ලගන්න. එයාගේ වටිනාකම මතක් කරලා දෙන්න. එයා වෙනුවෙන් status එකක් දාන්න. Image එකක් send කරන්න. සිංදුවක link එකක් යවන්න.
ලඟම ඉන්නවා නම් උණු තේ එකක් හදලා ගිහින් දෙන්න. Stress එක නිසාම බර වෙලා ගල් වෙලා තියෙන උරහිස් දෙක ටිකක් massage කරන්න. ඔලුව පොඩ්ඩක් අතගාන්න. "මං ඔයා ගැන ආඩම්බරයි" කියලා පොඩි kiss එකක් දෙන්න.
මේවා සුරංගනා කතා කියලා හිතෙයි. ඒත් විඩාපත් වෙච්ච මනුස්සයෙක්ට මේ හොඳටම ඇති එයාගේ මහන්සිය නිවාගන්න. එයාට ඕනමත් එහෙම දෙයක්මයි.
හැමදාම අන්තිම නරකම දෙයක් වුණාම විතරක් කෙනෙක් ගැන "අනේ" කියලා දුක් වෙලා වැඩක් නෑ. මිනිස්සුන්ට ඕනා අනුකම්පාව නෙවෙයි. සංවේදි බවයි.
ජීවිතේ හරි මහන්සියි තමයි. ඒ නිසාම ආදරණීයන්ට ආදරේ වෙන්න. එකිනෙකාගේ අමාරු කාල වලදි එකිනෙකාව බලාගන්නවා කියන්නේ ඒකටයි.