Andrew Flintoff

in hive-133716 •  3 days ago 

1000159561.jpg

source

අද ලියන්න යන්නේ ක්‍රිකට් උපන් රට එංගලන්තයට වගේම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට දැවැන්ත මෙහෙවරක් ඉටුකළ විශිෂ්ට තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ගැන.ඇත්තටම එංගලන්තයේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා විදිහට මම නම් පෞද්ගලිකව දකින්නේ ෆ්ලින්ටොෆ් තමයි.වසර දොළහකට ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ තමන්ගේ දස්කම් විදහා දක්වන්න ෆ්ලින්ටොෆ් සමත් වුනා.ෆ්ලින්ටොෆ්ට් තිබුනා තමන්ටම ආවේණික bowling action එකක්.ඇත්තටම ඒ කාලේ මම මේ ඇක්ෂන් එකට මාරම ආසයි, දැනුත් එහෙම තමයි.හරි ඉතින් බොරුවට ක්‍රීඩකයා ගැන ආටෝප කියල වැඩක් නෑනෙ ඔහුගේ දක්ෂතා පෙන්නන්නේ නැතුව.අපි බලමු ෆ්ලින්ටොෆ්ගේ තුන් ඉරියව් දක්ෂතා කොයි වගේද කියලා.

Andrew Flintoff එංගලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනාගන්නේ 1998 වර්ෂයේදී , ඒ දකුණු අප්‍රිකාවට එරෙහිවයි.එක් දින තරග වල පකිස්ථානයට එරෙහිව ඔහු එංගලන්තය වෙනුවෙන් 1999 වර්ෂයේදී ජාත්‍යන්තර වරම් දිනාගන්නවා.ඉතින් ජාත්‍යන්තර ටෙස්පිටිය හා එක් දින පිටිය තුල ඔහුගේ පිතිකරන සාමාන්‍ය 30 ඉක්මවූ අගයක් පවතින්නේ ලකුණු 3000 කඩඉමද තරඟ රටා දෙක තුළදීම ඉක්මවමින්.ඉතින් ටෙස්ට් පිටිය තුළ ඉනිම් 137දී කඩුලු 226 ක් දරා ගැනීමට ෆිල්ටොෆ් සමත් වෙලා තියෙන අතර එක් දින තරග 119දී කඩුලු 169 ක් දවා ගැනීමට සමත් වෙලා තියෙන්නේ ඔහු තුන් ඉරියව් ක්‍රීඩකයෙක් බවට තව තවත් සනාථ කරමින්.ඉතින් ඔයාලා මොකද හිතන්නේ එංගලන්තයේ බිහිකල හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා ෆිල්ටොෆ් නෙවෙයිද????

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!