ඉතින් අද අරගෙන ආවේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට බිහිවූ ශ්‍රේෂ්ඨතම තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ගැන.ඔහු ඒ තමයි ඇන්ජලෝ මැතිව්ස්.ඇන්ජලෝ මැතිව්ස් කියන්නේ ඔහුගේ ක්‍රිකට් දිවිය තුළ ආබාධ පැමිණියේ නැතිනම් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට පමණක් නෙවෙයි මුළු ජාත්‍යන්තර ක්‍රිකට්වලටම පෙරළියක් කරන්න ඉඩ තියපු ඒ වගේම වාර්තා තියන්න ඉඩ තියපු ක්‍රීඩකයෙක්.ඇත්තටම මැතිව්ස් කියන්නේ විශිෂ්ට පන්දු යවන්නෙක් පමණක් නෙවෙයි මේ වන තෙක්ම පිත්තෙන් දස්කම් පෙන්නන්න හැකියාව තියෙන ක්‍රීඩකයෙක්.finishing role එක මනාව පෙන්නපු ක්‍රීඩකයෙක්.ගොඩක් පරදින්න ගියපු මැච් දිනවපු ක්‍රීඩකයෙක්.ඔයාලට ගොඩක් වෙලාවට මතක ඇති මාලිංග එක්ක partnership එකක් තියලා හිතුවෙවත් නැති පරදින්න ගියපු මැච් එකක් දිනවපු හැටි.ඒ වගේම තමයි new zealand වල මෙන්ඩිස් එක්කත් විශිෂ්ට partnership එකක් තියලා පරදින්න ගියපු මැච් එකක් බේරගත්තා.
කාලයක් කණ්ඩායමේ නායකත්වයද දරපු මැතිව්ස් විශිෂ්ඨ ජයග්‍රහණත් කණ්ඩායමට රැගෙන ඒමට සමත් වුණා.ඔහු මැතිව්ස් කියන්නේ ආන්දෝලනාත්මක කතාබහට ලක් උන ක්‍රීඩකයෙක්.මැතිව්ස් ගෙත් අඩුපාඩු නැතිවම නෙවෙයි.ඒ කොහොම වුණත් මැතිව්ස් කියන්නේ දක්ෂයෙක්.ඔහුගේ දක්ෂතාවයට හරියන්න ක්‍රීඩා කරන්න ඔහුට අවස්ථාව ලැබුණේ නැහැ ආබාධ නිසා.ඔහුගෙන් ලබාදෙන්න පුළුවන් උපරිමය ඔහුට ලබා දෙන්න බැරි වුණා ඒ නිසා.ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ සහ එක් දින පිටියේ තමන්ගේ පිතිකරණ සාමාන්‍ය 40ට එහා අගයක පවත්වා ගෙන යාමට මැතිව්ස් සමත් වෙලා තියෙනවා.ඒ වගේම ජාත්‍යන්තර එක්දින පිටියේ කඩුලු සියය ඉක්මවා දවාගැනීම් ලබාගෙනත් තියෙනවා.ඉතින් ඔහුට තව ලොකු කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කරන්න ලැබෙන එකක් නැහැ.කෙසේ වුණත් ඔහුගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ලොකු කාර්යභාරයක් නම් ඉටු වෙලා තියෙනවා.